(තරිඳු ජයවර්ධන)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා එම තනතුරින් ඉවත් කළ බවත් ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි පළාත් රාජ්‍ය සේවයට මුදා හරින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය අනුව මෙම ඉවත් කිරීම කළ බවත් පාසලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිට වැඩ බාරදෙන ලෙස ඔහුට දැන්වූ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පාසලේ පරිපාලනය සම්බන්ධයෙන් අමාත්‍යංශය විමර්ශන දෙකක් කළ බවත් මානව හිමිකම් කෙමිසම් සභාවේ ද විමර්ශන තුනක් කෙරෙන බවත් ඒ අතරතතුර තමා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස දිසානායක මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබූ බව ද එම උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මීට පෙර කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පතිවරයාද එම තනතුරින් ඉවත් කළ අතර ඔහු ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කුණු බේරේ වැවට. ඒකත් කාල දාවි. හොරු හොරුම තමා.
පළාත් රාජ්‍ය සේවයට මුදා හරින දඬුවමක් නොවෙයි. කෝ කරපු වැරදි වලට දඬුවම්?
පළාත් රාජ්‍ය සේවයට මුදා හරින දඬුවමක් නොවෙයි. කෝ කරපු වැරදි වලට දඬුවම්?
පළාත් රාජ්‍ය සේවයට මුදා හරින එක කරපු වැරදි වලට දඬුවමක් වෙන්නේ කොහොමද?