චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක මහතාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය චෝදනා පත්‍රයක් ලබා දී ඇතැයි අමාත්‍යංශ ආරංචි කියයි.
එහි සඳහන් චෝදනාවලට සති දෙකක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යංශය දන්වා තිබේ.
පන්ති කව රැස්වීම් පවත්වා පාසලේ කටයුතුවලට බව කියමින් රුපියල් දෙදහස බැගින් එකතු කිරීම හා පාසල් ආදි ශිෂ්‍ය සංගමයෙන් මාසික දීමනාවක් ලබා ගැනීම යන චෝදනා විදුහල්පතිට ඉදිරිපත් කර ඇත.
අමාත්‍යංශය මූලික විමර්ශනයකින් පසු එම චෝදනා පත්‍රය ඉදිරිපත් කළ බව ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පතිට චෝදනා පත්‍රයක්
සුරන් Monday, 25 January 2016 06:18 AM
මෙම ප්‍රශ්නය අද රටේ උග්‍ර ප්‍රශ්නයක් වී ඇත. පිටතින් බලන කෙනෙකුට මෙසේ මුදල් ලබාගැනීම වරදක් ලෙස දැකිය හැකිය. නමුත් එහි ඇතුලත ඉතා බරපතලය මන්ද රජය විසින් පාසල් නඩත්තුව, දරුවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සදහා කිසිදු මුදලක් ලබා නොදෙන තත්වයක. එම අවශ්‍යතවන් යම්තාක් දුරකට පියවගන්නේ ආදී ශිෂ්‍ය සංගම් මගිනි එමනිසා පාසල් සදහා ප්‍රමාණවත් මුදල් ලබා නොදී රජය සිදුකරන්නේ බොරදියේ මාළු බෑමකි (ම)
සුනිල් Sunday, 24 January 2016 12:51 AM
ගයාන්, ඕක තමයි සාමාන්‍ය ක්‍රියාදාමය. චෝදනාවක් තිබු පමණින් දඬුවම් දෙන්න බැහැ. ඔයාට වුණත් එච්චරයි. (නි)
ගයාන් Saturday, 23 January 2016 07:07 AM
වැරදි කළා නම් නිදහසට කරුණු කුමකටද..වහාම එවන් අයට දඩුවම් දිය යුතු යි (බ)
මුණසිංහ Monday, 25 January 2016 09:48 AM
අනුර කියන කතාව 1000% හරි. හින්දු මුස්ලිම් පාසල් වලත් මෙවැනි දේ සිදුවී ඇති බව දන්නෝ දනිති. නමුත් ඒවාට විරුද්දව කිසි පියවරක් අරන් නැහැ. මේ කියමන ජාති-ආගම වාදී කීමක් නොවෙයි. නමුත් ඇත්ත අනුර කියනවා.අනෙක් අයත් හැගීම් වලට බර නොවී බුද්ධියට තැන දෙන්න.සුරන් කියන කතාව මම හැමදාම කියනවා. මෙය නැති කරන්න නම් සමහර පාසල් වලට මාසයකට මිලියන 4 වත් රජයෙන් දිය යුතු වෙනවා. නැත්නම් නුදුරේදීම ජාත්‍යන්තර පාසල් ලංකාව ගිල ගනීවි. (බ)
අනුර Monday, 25 January 2016 03:55 AM
බොදු පාසල් දඩයම වහා නවතව් අන්‍ය ආගමික පාසල් සිත්සේ මුදල් ලබාගෙන ඒවා දියුණු කර ගනී නමුත් බොදුනුවන්ට පමණක් එය අකැප වෙන්නේ කොහොමද ? (බ)
නුවන් විජේවර්ධන Monday, 25 January 2016 04:48 AM
අනුර, දෙයියන්ගෙ හාල් කැවිලද? යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ අදහස් කියන්නේ.......? (බ)
පී. මැණිකේ Monday, 25 January 2016 05:06 AM
ඇත්තටම පාසල් විදුහල්පතිවරු ළමයින්ට ආදර්ශයක් දෙන ලෙස සිටියයුතු වුවත් ඔවුන්ගෙන් බහුතරයක් පුදුමාකාර ලෙස දූෂිත පුද්ගලයින් බව අසන්නට දකින්නට ලැබේ. (නි)