චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පති ලාල් දිසානායක මහතාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය චෝදනා පත්‍රයක් ලබා දී ඇතැයි අමාත්‍යංශ ආරංචි කියයි.
එහි සඳහන් චෝදනාවලට සති දෙකක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යංශය දන්වා තිබේ.
පන්ති කව රැස්වීම් පවත්වා පාසලේ කටයුතුවලට බව කියමින් රුපියල් දෙදහස බැගින් එකතු කිරීම හා පාසල් ආදි ශිෂ්‍ය සංගමයෙන් මාසික දීමනාවක් ලබා ගැනීම යන චෝදනා විදුහල්පතිට ඉදිරිපත් කර ඇත.
අමාත්‍යංශය මූලික විමර්ශනයකින් පසු එම චෝදනා පත්‍රය ඉදිරිපත් කළ බව ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රශ්නය අද රටේ උග්‍ර ප්‍රශ්නයක් වී ඇත. පිටතින් බලන කෙනෙකුට මෙසේ මුදල් ලබාගැනීම වරදක් ලෙස දැකිය හැකිය. නමුත් එහි ඇතුලත ඉතා බරපතලය මන්ද රජය විසින් පාසල් නඩත්තුව, දරුවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සදහා කිසිදු මුදලක් ලබා නොදෙන තත්වයක. එම අවශ්‍යතවන් යම්තාක් දුරකට පියවගන්නේ ආදී ශිෂ්‍ය සංගම් මගිනි එමනිසා පාසල් සදහා ප්‍රමාණවත් මුදල් ලබා නොදී රජය සිදුකරන්නේ බොරදියේ මාළු බෑමකි (ම)
ගයාන්, ඕක තමයි සාමාන්‍ය ක්‍රියාදාමය. චෝදනාවක් තිබු පමණින් දඬුවම් දෙන්න බැහැ. ඔයාට වුණත් එච්චරයි. (නි)
වැරදි කළා නම් නිදහසට කරුණු කුමකටද..වහාම එවන් අයට දඩුවම් දිය යුතු යි (බ)
අනුර කියන කතාව 1000% හරි. හින්දු මුස්ලිම් පාසල් වලත් මෙවැනි දේ සිදුවී ඇති බව දන්නෝ දනිති. නමුත් ඒවාට විරුද්දව කිසි පියවරක් අරන් නැහැ. මේ කියමන ජාති-ආගම වාදී කීමක් නොවෙයි. නමුත් ඇත්ත අනුර කියනවා.අනෙක් අයත් හැගීම් වලට බර නොවී බුද්ධියට තැන දෙන්න.සුරන් කියන කතාව මම හැමදාම කියනවා. මෙය නැති කරන්න නම් සමහර පාසල් වලට මාසයකට මිලියන 4 වත් රජයෙන් දිය යුතු වෙනවා. නැත්නම් නුදුරේදීම ජාත්‍යන්තර පාසල් ලංකාව ගිල ගනීවි. (බ)
බොදු පාසල් දඩයම වහා නවතව් අන්‍ය ආගමික පාසල් සිත්සේ මුදල් ලබාගෙන ඒවා දියුණු කර ගනී නමුත් බොදුනුවන්ට පමණක් එය අකැප වෙන්නේ කොහොමද ? (බ)
අනුර, දෙයියන්ගෙ හාල් කැවිලද? යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ අදහස් කියන්නේ.......? (බ)
ඇත්තටම පාසල් විදුහල්පතිවරු ළමයින්ට ආදර්ශයක් දෙන ලෙස සිටියයුතු වුවත් ඔවුන්ගෙන් බහුතරයක් පුදුමාකාර ලෙස දූෂිත පුද්ගලයින් බව අසන්නට දකින්නට ලැබේ. (නි)