IMG-LOGO

ගම්පහ නිරෝධායනය වන පවුලකට 10,000 ආහාර මල්ලක්

(තිලකරත්න දිසානායක)
 
 
කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් නිවාස මට්ටමින් නිරෝධායනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මල්ලක් බැගින් ලබාදීම හෙට  සිට ආරම්භ කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි.
 
 
නිරෝධායනය වන එක් පවුලක් වෙනුවෙන් දින 14 කට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය සහ පළතුරු වර්ග ඇතුලත් මල්ලක් ලබාදීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බවත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි නිරෝධායනයට ලක්ව සිටින පවුල් 6807 ක් සදහා ලබාදීම සිදු කරන බවත් දිසාපතිවරයා කීය. 
 
 
මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 68 ක් වන අතර ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහාවන ජාතික කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසුව ජනාධිපති සහ අගමැති වරයාගේ උපදෙස් පරිදි   මෙලෙස ආහාර මල්ලක් බැගින් ලබාදීමට තීරණය කොට තිබේ.
 
 
මේ අතර මසකට ආසන්න කාලයක් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් ජීවනෝපායන් අහිමි පවුල් සදහා රුපියල් 5000 ක දීමනාව ලබා දීමද සදුදා (2) දිනයේ ආරම්භ කෙරෙන බවත් දිස්ත්‍රික් ලේකම්  කීය. 
 
 
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් කොට්ඨාස 12 ක් සදහා මෙම දීමනාව ලබා දීම යටතේ නිරෝධායනයට ලක් කොට ඇති පවුල් 464,254 කට ලබාදීමට නියමිතය. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 232 කි.
 
 
ජීවනෝපායන් අහිමි පවුල් සදහා මෙම දීමනාව ලබා දීම මිනුවන්ගොඩ කොට්ඨාසයට මීට පෙර ලබාදී අවසන් බැවින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් , බියගම පවුල් 46,008 , කැලණිය පවුල් 33,849, වත්තල පවුල් 46,519 , මීගමුව පවුල් 38,458 , මහර පවුල් 45,503, දිවුලපිටිය ඉතිරිව ඇති වසම් 59 ක් සදහා පවූල් 20,614 , දොම්පෙ පවුල් 32,132 , අත්තනගල්ල ඉතිරි වසම් 118 ක් සදහා පවුල් 32,040 , ගම්පහ පවුල් 39,342 , ජාඇල පවුල් 45,605 , මීරිගම ඉතිරි වසම් 118 ක් සදහා පවුල්  30,603 සහ කටාන පවුල් 53,581 , ක් වශයෙන් සිදු කෙරෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා  කීය. 
 



අදහස් (1)

ගම්පහ නිරෝධායනය වන පවුලකට 10,000 ආහාර මල්ලක්

kamal Friday, 30 October 2020 08:32 AM

බැසිල්ව ගෙන්න ගන්නත් එපෑයෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 59 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 246 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site