IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ නාගරික මන්ත්‍රී පවුලේ හතරකටත් කොරෝනා

 

(තිලකරත්න දිසානායක)

කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී, මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කොට සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු තුනක දරුවා ඇතුළු පවුලේ සිව් දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කරයි.

මන්ත්‍රීවරයාගේ බිරිද, දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුද මේ අතර වන බව අද (13) සවස ලැබුනු පී.සී.ආර්. වාර්තා ප්‍රතිථල මගින් තහවුරු වී ඇති බව වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

රෝගය ආසාදනය වී ඇති මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ප්‍රදේශයේ ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ ඊයේ (12) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කළ බවත් එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයිද  සුභසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රෝගය ආසාදනය වී ඇති සිව් දෙනා ප්‍රතිකාර පිනිස හෙට උදෑසන
රෝහල්ගත කිරීමට පියවර ගන්නා බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා කීය.



අදහස් (1)

ගම්පහ නාගරික මන්ත්‍රී පවුලේ හතරකටත් කොරෝනා

Mr. Kelona Lantharas Friday, 13 November 2020 05:19 PM

මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නම දන්නවා... ලෙඩ්ඩුන්ගේ නම දන්නේ නැහැ. අනේද කියන්නේ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31618 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14020 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11096 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site