පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය පසුගිය දා යුරෝපයේ කළ සංචාරයක් අතරතුරේ දී පිංකම් කිහිපයකට සහභාගී වූවාය. පැරිසියේ ශ්‍රී ලංකා රෑ රැජින තේරීමේ තරඟයේ විනිසුරුවරියක ලෙස ද ඇය කටයුතු කළාය. මේ ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - පැරිසියේ ප්‍රථම වරට පැවැත්වූ ශ්‍රී ලංකා රූ රැජිත තේරීමේ තරඟය ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර - සමස්තයක් ලෙස උත්සවය ඉතාම හොඳයි. සුළු සුළු අඩු පාඩු නැතුවා නොවේ. නමුත් එයින් උත්සවයට කිසිම හානියක් නැහැ. වේදිකා පසු තලයන් තව තවත් අලංකාර වුවා නම් හොඳයි. නමුත් ඒ සඳහා වැය කරන මුදල ඉතිරි කර ගැනීම උත්සවයේ අවසාන ප්‍රතිඵලයවූ වකුගඩු හා පිලිකා රෝගීන්ගේ සුභ සාධනයට යෙදෙන බැවින් එය එතරම් සැලකිල්ලට ගත යුත්තක් නොවේ. විවිධ අභියෝග වලට මුහුන දෙමින් බොහෝ දෙනාගේ උපකාරයන් සමග සිදුකල එම උත්සවය ගැන මම සතුටු වෙනවා. අපේ නිර්මාන ලංකාවට වඩා පිට ඉන්න අය අගේ කරනවා. විනිශ්චය මණ්ඩලයට වුවත් මට වඩා දක්ෂ සුදුසු අය පත් කර තිබුණා. එම නිසා විනිශ්චය වුවත් ඉතාමත් පහසු වුණා. මට අනුග්‍රහය දැක්වු ඩිල්මා ලංකා අයතනයටත් මට ඇරයුම් කළ ප්‍රංශ ලංකා සුභ සාධක සංවිධානයටත් ස්තුතිය පුද කරනවා.
ප්‍රශ්නය - ඔබ ගම්පහ එජාප ඡන්දයෙන් මන්ත්‍රීවරියක ලෙස ජයගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස අසුන් ගත්තා. ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න ඔබ ගිය බව වාර්තා වුණා. ?
පිළිතුර - දේශපාලනයට මම ආධුනිකයෙක්. ලංකාවේ සමහර මාධ්‍ය ඔය වගේ පොඩි වචනයක් අල්ලා ගෙන එහෙට මෙහෙට කරමින් විවිධ දේවල් කියනවා. ඇත්තටම මම එයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මම 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහය දුන්නේ¦ රටේ උන්නතිය බලාපොරොත්තුවෙන් . යමෙක් දේශපාලනය කළ යුත්තේ තමන්ගේ සාක්කුව පුරවා ගන්නවත්, තමන්ගේ පවුල රැක ගන්නවත්, තමන්ගේ පක්ෂය රැක ගන්නවත් හෝ වෙනත් අරමුණු සදහා නොවේ.
අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225න් කීදෙනෙක් එසේ කර තිබෙනවාද? ඔවුන් ආවෙත් දැත සවිමත් කරන්න කියලනේ¦ පක්ෂයක් වශයෙන් එසේ වුනාම විනය නීති කියලා ක්‍රියා මාර්ගයක් ගන්නවලූ. නමුත් අද වෙනතුරු එහෙම කරල තියෙනවද? ආණ්ඩු පක්ෂයේ යු.එන්.පි ඇමතිවරු ඉන්නවා. කෝ අස්කලාද? ඉතින් ඕක මහා ලොකුවට කතා කළයුතු දෙයක් නොවේ. අණඛෙර ගසමින් වැඩක් නැති කථා කියමින් බොරු ප්‍රචාර බළාපොරොත්තුවෙන් කෑ ගහන දේශපාලඥයෝ ගැන අපි වැඩිදුරටත් කතා කලයුතු නැහැ. මම වැරදි දෙයක් කරලා තියෙනවා නම් කතා කළාට කමක් නැහැ. නමුත් පක්ෂය මාරු කළ විෂය ගැන එතරම් ශබ්ද කරන්න අවශ්‍යය නැහැහි කියලයි මම හිතන්නේ. මාධ්‍යයෙන් වුවත් මම ඉල්ලා සිටින්නේ එවැනි දේවල් ලොකු මාතෘකාවක් කර ගතයුතු නැති බවයි.
ප්‍රශ්නය - ඔබ කිව්වා රටේ උන්නතිය ගැන හිතා 18 වැනි සංශෝධනයට සහා දුන් බව. රටේ උන්නතියට එම සහය බලපාන්නේ කොහොමද?
පිළිතුර - දෙවතාවකට වඩා බලයේ ඉන්න කෙනාට තව දුරටත් ඉල්ලීමට පුළුවන් කියන එකයි ඕකේ තියෙන්නේ. මම නම් ඕකට කැමතියි. හැබැයි ඕක ගැනත් විවිධ විවේචන තිඛෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැමදාම පරදිමින් ඉල්ලන්න පුළුවන් නම් , අනෙක් හැම දේශපාලනඥයාටම ඔය නිදහස තිඛෙනවා නම් ¦ දිනන කෙනාට එහෙම බැරි ඇයි ? ඕකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. බලය අයුතු ලෙස යොදනවා කියලා සමහරු කියනවා. නමුත් ඕනෑම දෙයකින් අයුතු ලෙස වැඩ කරන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා මම හිතපුදේ සාධාරනයි කියලා. ඕක ගැන ඕච්චරයි මට කියන්න තියෙන්නේ.
ප්‍රශ්නය - අධ්‍යාපන දැනුම අනුව දෙවැනි ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන ගම්පහ ජනතාව පබා වගේ නිළියක් පාර්ලිමේන්තුවට යැවීමට තරම් මෝඩ ජනතාවක් වු බවට වාර්තා පළ වුණා?
පිළිතුර - ඕක විවේචනය කරන පුද්ගලයන්ගේ තියෙන මෝඩකම . දැන් බලන්න මට අසූ හතර දහසක් ඡන්දය දුන්නා. ඒ හැමෝම මෝඩයි කියන්න කාටද අයිතිය තියෙන්නේ. එහෙම ජනතාව මෝඩයි කියන්න කාටවත් අයිතියක් නැහැ. ගම්පහ ලක්ෂ 15ට ම මම වැඩක් කලා කියන්නේ නැහැ. නමුත් මගේ සීමාවේ මම යම් දෙයක් සිදු කර තියෙනවා. දෙවියන්ටවත් විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒකයි යථාර්තය. එහෙම ඒවා මට විසඳන්න බැහැ. පුළුවන් දේවල් ගම්පහ ජනතාව වෙනුවෙන් මම කරනවා. එම නිසා ගමට ඇවිත් මම කරපු දේවල් ගැන දැනගෙන මම ගැන හොදට දැනගෙන විවේචනය කරන්න කියා එහෙම විවේචනය කරන අයගෙන් ඉල්ලා සිටිනවා. මම ගැන හරි හැටි දන්නේ නැති අයයි එහෙම විවේචන සිදු කරන්නේ. මම එය වගකීමෙන් ප්‍රකාශ කරනවා.
ප්‍රශ්නය - මන්ත්‍රී වරියක් ලෙස › ලංකාවේ කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් ඔබ මොනවද කර තිබෙන්නේ?
පිළිතුර - මම මේ දක්වා යම් සේවයක් කර ඇත්නම්¦ ඒ කාන්තාවන් සදහායි. මට ලැබී ඇති සීමිත ප්‍රතිපාදන කාන්තාවන් හා දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය සදහා යොදවා තියෙනවා. වර්තමානයේදි අපේ රටේ කාන්තාවන් විශාල පීඩනයකට ලක්වී සිටිනවා. ශ්‍රී ලංකාවේ දිනකට කාන්තාවන් 06 දෙනෙක් ලිංගික පීඩාවන්ට ගොදුරු වන අතර එයින් හතර දෙනෙක් වයස අවුරුදු 18ට අඩු කාන්තාවන් බව සොයා ගෙන තිඛෙනවා. විවිධ හේතුන් මත තනිවූ කාන්තාවන් පවුලක මූලිකයාගේ වැඩ කොටස සිදුකරනවා. සෑම පවුල් හතරකට එක පවුලක් මෙම කොටසට අයත් වෙනවා. ශ්‍රී ලංකාවේ සියයට හැටක ප්‍රමානයක් ගෘහනියන් විවිධ හිංසාවන්ට ලක්වෙන බව සංගණන දත්ත වාර්තාවන් හෙළිකර තිඛෙනවා. ඒ අනුව පසුගිය අයවැයේදි මන්ත්‍රී කෙනෙක් ලෙස මට ලැඛෙන ප්‍රතිපාදන යෙදවීමට ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට මම විසින් යෝජනා තුනක් ඉදිරිපත් කළ අතර එයින් දෙකක් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සදහාවූ ව්‍යාපෘති වලට වෙන් කිරීමට සැලසුම් කර තිඛෙනවා. ඒ අතරින් විවිධ දක්ෂතා ඇති පිළිසරනක් නොමැති කාන්තාවන්ට සුළු අත්කම් කර්මාන්ත සදහා පුහුණුවීම් ලබා දීමටත් ¦ ඔවුන්ගේ නිපැයුම් අලෙවි කිරීමට මධ්‍යස්ථාන ඇති කිරීම එක් ව්‍යාපෘතියක් වන අතර අසරණ ගැබි‚ මව්වරුන්ට විශේෂ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මනෝ විද්‍යාත්මක සායනයන් ක්‍රියාත්මක කිරීම දෙවන ව්‍යාපෘතියට අයත් වෙනවා.
ප්‍රශ්නය - ඉදිරියටත් ඡන්දය ඉල්ලීමට බලාපොරොත්තු වෙනවාද?
පිළිතුර - ඉදිරියටත් ගම්පහ ජනතාවට සේවය කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. ඒක ඇත්ත. අපි මෝඩ නැහැ (නි)
ජනතාවගෙන් ටික කලකට ඈත්වෙලා ඉන්න එක හොඳයි (නි)
මෙතුමියගේ ඊළඟ මැතිවරණ කටයුතු මෙහෙයවීම ලංකා තිලක් දැන්මම භාරගෙන වගේ. (නි)
පබාල වගේ බබාලා ගම්පහෙන් විතරක් නෙමෙයි අනිත් දිස්ත්‍රික්ක වලිනුත් පත් වුනා. මේ වතාවේ ඡන්දෙදිවත් ක්ලබ් ගානේ යන අඩ නිරුවත් ඡායාරූප වලින් අන්තර්ජාලයේ පිටු සරසන උදවිය හා පාතාලයෝ උත්තරීතර ආයතනවලට පත් නොකර ගන්නා ලෙස සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා (නදී)
ඔවු ඉතින්, ඕනෑ කෙනෙකුට කතිරය ගහනවානේ (නි)
ඔබතුමියගේ "අර ලස්සන පොටෝ" කීපයට නම් මම හරි කැමතියි. (නදී)
දීපානි ඔබත්, ටෙලි නාට්‍ය, චිත්‍රපට උන්මාදයකින් පෙලෙන අයෙක්ද? ලබන ඡන්දයෙන් පස්සේ එයාගේ දේශපාලන දිවියට ජනතාව තීන්දුවක් දෙයි. ඔයාටත් ,ඕනෑ නම් එයාට කියලා ටෙලියක රඟපාන්න පොඩි කොටසක් ඉල්ලගන්න උත්සාහ කරලා බලන්න (නි)
උන්ට මොලයක් තිබ්බොත් ඔයාට චන්දෙ දාවිද? (ස)
ගම්පහ මෝඩයින් ඉන්නේ බොහොම ටිකයි (නි)
මම ඒ කාලයේ ගම්පහ කාන්තාවකගෙන් ඇහුවා ඔයා අැයි පබාට චන්දය දුන්නේ කියලා. ඒ ගමන ඒ කාන්තාව කිවුවා, අමන්තත් පබාව අමතක කෙරුවා, පබා කරපු ගාමන්ට් එකත් පාඩු උනා, (නාට්‍ය අනුව) අන්තිමට ටෙලි නාට්‍යයෙනුත් පබාව අයින් කළා, ඒ නිසයි මම ඒ දැරිවිට චන්දෙ දුන්නේ කියලා, (ස)
ගම්පහ ජනතාව මෝඩයන් නොවන බව ඊළඟ මැතිවරණයේදී දැකගත හැකිය. ඔබ කී දේ සැබෑවකි. (නි)
එතකොට පාර්ලිමේන්තුවට තේරීගොස් පක්ෂත් මාරුකරලා මොනවද ජනතාවට කර තිබෙන්නේ? (නි)
ඊළඟ සැරේ ගම්පහට ඉල්ලලා බලන්න මොකද වෙන්නේ කියලා. ජනතාවත් බලාගෙන ඉන්නේ (නි)
එයාට එකසත් ජාතික පක්ෂෙන් ඡන්දෙ දුන්නේ බුද්ධිමත් ජනතාව පක්ෂය ගැන හිතලයි. ඊටපස්සේ අනිත් පැත්තට ගියා. එයාලා කොහොමද අපේ ජන ජීවිතය ගැන දන්නේ? බලමුකෝ ලබන සැරේ ඡන්දෙදි ගම්පහ මිනිසුන් සළකන විදියත්.... (නි)
පුදුමයි, ඒත් ඇත්තයි! ලංකා තිලක්ගේ සහ බන්දුල පෙරේරාගේ අදහස් වල පුදුමාකාර සමානත්වයක් තියෙන්නේ. (නි)
ගම්පහ සිටින්නේ මොන වාගේ අයද කියා මෙවෙනි අය පත් කිරීමෙන් වැටහෙනවා. දේශපාලන දැනුමක් ඇති දේශපාලන පසුබිමක් ඇති කෙනෙකු ගම්පහින් ආවොත් ගම්පහ ඉන්නේ මෝඩයෝ නොවන වග ලබන වරවත් පෙන්වා දෙන්න (නදී)
ඔබතුමියගෙ ප්‍රකාශයට මා එකහෙළාම විරුද්ධයි. ඒ මන්දයත් පක්ෂයන්ට ප්‍රතිපතිති ප්‍රකාශන තිබෙනවා.ඒවාට එකඟව ඡන්දයට එනවා. පැමිණ වාසි පෑත්තට පනිනවා.ස්වාධීනව ඡන්දය ඉල්ලන්න. එදාට කාටවත් ඔබට වචනයක් කියන්න බැහැ (නි)
ගම්පහ මිනිස්සු චන්දෙ දුන්නේ පක්ෂෙට, චන්දෙ අරන් පැන්න එක තම හොඳ නැත්තේ, කිසිම වැදගත් කමක් නැති ගැහැණියෙකුට චන්දෙ දුන්න මිනිස්සු මෝඩ තමයි, අනිත් පාර ඉල්ලලා බලන්නකෝ චන්දෙ දෙයිද කියල, අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නසී, (ස)
ආයේ නම් ගම්පහට ඔයාලා වගේ අය ඕනෑ නැහැ. (නි)
"උපේක්ෂා මැතිනියට ජය වේවා!" මේ ඉන්නේ අපි අදහස් ලියන ගම්පහ ජනතාව. මේ වගේ අය රටේ ගොඩක් ඉන්නවා. (නදී)
තනි ඇහැට ඇඬෙනවා කියලා කතාවක් අහලා තිබුනට මටම කියලා ඒක දනුනෙ අදයි. වැදගත් ප්‍රශ්න ටිකක් අසා තිබුන එක ගැන සුනිල් ආනන්ද මහතාට ස්තූතිවන්ත වෙනවා. (නි)
"පබා, ඔයාට හොඳට රඟපාන්න පුලුවන් එකේ, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නකෝ" එ්කෙන් තමා හලෝ ප්‍රයෝජනය ගත්තේ. ඔයා බන ටෝකින්. ගම්පහ උගත් බුද්දිමත් ජනතාව තමන්ගේ වටිනා චන්දය දුන්නා. අපේ රටේ මැට්ටෝ කොපමණ ඉන්නවද කියා බලාගන්න තිබෙන එකම සංගණනය තමයි දේශපාළුවන් තෝරණ ඡන්දය. (නදී)
පළාත් සභා ඡන්දෙදී ඔබ වැනි අයට ජනතාව නිසි පිළිතුර දුන්නා.ඊළඟ ඡන්දෙදී වෙන්නේ මොකක්ද කියලා බලන්න. ගම්පහ ජනතාව මෝඩ නැහැ. (නි)
ශානකට කියන්න තිබුනේ අනේ අපේ ගම්පහ යූ එන් පී ජනතාව කියල. (ස)
"මන්ත්‍රීතුමියනි, අපි ඒ ගොනා විකුණුවා. අපි බලාගෙන ඉන්නේ ඔබ තුමිය එනකම්" (නදී)
ගම්පහ බහුතරය පබා වාගේ බබාලට චන්දෙ දෙන්න කැමති නිසා අහම්බෙන් වාගේ පබාත් පාර්ලිමේන්තුවට ආවා. (ස)
ඔය වගේ ජනතාවක් ගම්පහ හැරෙන්න ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති (නි)
ගම්පහ ජනතාව දැන් ගොඩක් බුද්ධිමත්.ඉන්දියාවේ වගේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට වල පුයර බබාලට,බබිලට රැවටෙන මෝඩයෝ ඉන්නේ ටික දෙනයි. (නදී)
අනේ අපේ ගම්පහ ජනතාව! (නි)
ගම්පහ ජනතාව මෝඩයන් නොවන බව ඊළඟ මැතිවරණයේදී දැකගත හැකිය.(දිල්)
ගම්පහ ඉන්නේ මෝඩයෝ නෙමෙයි නම් මෙයා වගේ කෙනෙක් කොහොමද පාර්ලිමේන්තුවට එන්නේ? (නදී)
කිසිම වැදගත් කමක් නැති ගැහැණියෙකුට ? ඔබ වැදගත් ය කියන්නේ කවුරුන්ටද පැහැදිලි නැහැ. මෙම නිළිය ගම්පහ දුප්පත් ගැමි ජනතාව සමග යමක් කරගෙන යනවා. එයට උදව් කිරීම හැර වැදගත් කම් අනේ අපි දන්නේ නැහැ. (ස)
ගම්පහ අපි ගම්පහ කියල දන්නේ නැහැ. මේක අච්චාරුවක්. බණ්ඩාරනායකල රණතුන්ගල දැන් ඉන්නේ කොළඹ. කඩේ යනවලු. බලයක් නැහැලු . (ස)
ඇත්ත තමයි නංගී, අපි මෝඩ නැහැ (නි)
මේවට අපි මොනවා කියන්නද? (නි)
ගම්පහ ජනතාව ගැන මිනිස්සු කියන කතා ඉදිරියටත් කියයිද? (නි)
සමහර බවලත් මන්ත්‍රීතුමියන්ගේ ප්‍රසිද්ධියේ හැසිරීම් සහ භාවිත කරන වචන, අනෙකුත් මන්ත්‍රීන් සමඟ ගැටීම් බලනකොට මෙතුමිය ගේ වචන සහ හැසිරීම අඩු වශයෙන් සමාජය ඉදිරියේ කාන්තාවක ඔබින අයුරින් තිබෙනවා. (නි)
උසස් මාධ්‍යවේදියෙක් පවුඩර් බබෙකු සමග කාලය නාස්ති කරයි. (ස)
ගම්පහ බුද්ධිමතුන් ඉන්නබව ලබන ඡන්දෙදි පෙනෙයි. (නි)
අනේ පබා, ලබනවර ඡන්දෙ වෙලාවට අපි ගම්පහ ඉන්නේ. බලමුකෝ. අපි රැවටුනා පළමුවර , එහෙත් දෙවැනිවර එසේ වන්නේ නැහැ (නි)
මෙයා රංගනයට දක්ෂයි. නමුත් දේශපාලනයේදී නොදරුවෙක්. මේ වගේ පුද්ගලයින්ව කුමන පක්ෂයෙන් උවද පාර්ලිමේන්තුවට යවනවද කියල වෙනදට වඩා ඉතාමත් කල්පනාකාරීව ජනතාව හිතුවොත් සහ ඒ අනුව ක්‍රියාකලොත් අපේ රටේ මේ දේශපාලන මඩගොහොරුව තරමක් හෝ යහමගට පත් වේවි. නමුත් ඡන්දයක් ලන් වෙනකොට බත් පැකට් එකටයි රුපියල් දාහටයි මිනිස්සු මුලා වෙනවා. (නදී)
ලංකාවේ දිස්ත්‍රික්ක 22කෙන් ගම්පහ තරම් බත් කන උදවිය කොහේවත් නැතුව ඇති (නි)
හොඳ ලිපියක් (නි)
අනෙක් අයට වඩා නම් සාපේක්ෂව හොඳයි. දේශපාලනය මුවාවෙන් මුදල් ගරන්නන්ට මෙවරවත් මිනිස්සු පාඩමක් උගන්වයි කියායි මගේ පැතුම. (නි)
අපෝ ආවෙ නැතත් කමක් නෑ. අපි අහුවෙයි ඕවට ඒත් මේවට අහුවෙන අයත් තව ඉන්නවනෙ (නදී)
ලංකාවේ දිස්ත්‍රික්ක 22කෙන් ගම්පහ තරම් කැවුම් කන උදවිය කොහේවත් නැතුව ඇති. (නදී)
ගම්පහ ජනතාව රෑ වැටුන වලේ දවලුත් වැටෙයිද? මෝඩ කම හැරගත්තත් අපට වෙච්ච පාඩුව ජීවිත කාලයටමයි (නදී)
කරු ජයසුරියවත් ඉහලින් තියල ගම්පහින් පාර්ලිමේන්තු ඇරියේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ. ඒ හින්ද එයාලට අපහාස කරනවා මිසක් ගම්පහ සමස්ත ඡන්ද දායකයින්ට අපහාස කරන්න කාටවත් අයිතියක් නැහැ, එක අතකට වන් ෂොට් ලට පාර්ලිමේන්තු යන්න පුලුවන්නම් පබාට යන්න බැරි මොකද? දෙන්නටම තියෙන්නේ එක සුදුසුකම්නේ. (නදී)
දෙවතාවකට වඩා බලයේ ඉන්න කෙනාට තව දුරටත් ඉල්ලීමට පුළුවන් යන එකට ඡන්දෙ දුන්න එකම මදිද වෙන මොනවත් නැතුවට? (නදී)
දුප්පත් වුනත් තිස්සමහාරාමයේ මිනිසුන් මොන තරම් බුද්දීමත්ද? (නදී)
මේ වගේ අයට මිනිස්සු ඡන්දෙ දුන්නේ මෝඩ නිසා නෙමෙයි. යම් විශ්වාසයක් තිබුන නිසා. හැබැයි ඒ විශ්වාසය කඩ කලේ එතුමියනේ. එතකොට මෝඩ වැඩේ කරලා තියෙන්නේ කවුද කියල ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන්නේ. (නදී)
තියෙන තරමක් උසස් පෙළ අතිරේක පන්ති තියෙන්නේ ගමපහ දිස්ත්‍රික්කයේ. එ්ත් ඉන්නේ ........ (නදී)
මමත් එයාට ඡන්දයක් දුන්නා. ඒ එජාප සාමාජිකාවක් හට ලබාදෙන ඡන්දයක් විදියට. නමුත් පක්ෂ මාරුකරලා අපිව මෙහෙම රවටන එක වැරදියි නේද? (නි)
ශ්‍රේෂ්ඨ නායිකාවක්. අපෙන් සුභ පැතුම්! (නි)
අනේ අපේ මිනිසුන්ට දැන්වත් මොළය පෑදිලා නිසි විදියට ඡන්දෙ දීලා හරි තීරණයක් ගත්තොත් රටේ අනාගතය ටිකක්හරි, හරි අතකට යොමුවේවි. මේ දේවල් දකිද්දී අපේ ඇඟේ ලේ කුපිතවෙනවා. රටකට ආදරයක් තියෙන රටක අගයක් දන්නා කෙනෙක් ඕනෑ පාර්ලිමේන්තුවක් ඉන්න (නි)
ඊ ළඟ මැතිවරණයේදී පබා තෝර ගන්නවද නැද්ද කියන එක මත ගම්පහ ජනතාවගේ මොලේ තරම තීරණය කරන්න පුළුවන් (නදී)
මේ අරවින්දලා වගේ අය තමා අපේ රටේ වැඩිපුර ඉන්නේ. නැත්නම් මේ අය පාර්ලිමේන්තු යයිද? (නි)
මම ගම්පහ මිනිස්සු හරි කියන්නේ නැහැ. ප්‍රශ්නය අනිත් පළාත් වලින් පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අය උගත් බුද්දිමත් සර්ව සාදාරන අයද ? (නදී)
බුද්ධිමත් මිනිස්සු ඉන්නේ දකුනේ (නදී)
ලංකාවේ අයට දේශපාලනයේදී හරි කෙනා කවුද වැරිදි කෙනා කවු කියල තේරුම් ගන්න බෑ. ඕන මැටි ගොඩකට කතිරේ ගහනවා (අ)
මම හරිම ආශාවෙන් කියවූ ලිපියක් (නි)
දකුණේ අය ආදර්ශයට ගන්න. (අ)
ඔයාට ජන්දය ලැබුනේ අනිත් කළා කාරයෝ සේරම එක පැත්තකට කඩේ යන කොට ඊට විරුද්ධව කතා කල නිසයි. ඊලග චන්දෙදී බලාගමු කෝ ...........නංගී. (ස)
ඊලඟ පාර ඇපෙත් නැහැ. (ස)
අරවින්දත් ගම්පහද .(අ)
තමාව කළමනාකරණය කරගන්ඩ බැරි අය කොහොමද පළාතක් කළමනාකරණය කරන්නේ. (අ)
ගම්පහ අයට පන්ගහක හරි මොළයක් තිබුණා නම්... (නි)
උපේක්ෂා මැතිනියට ජය වේවා! (නි)
තවත් බබාල ගොඩක් ඉන්නවා මෙයාල බුද්දිමත් අයද ? මෙයාල මොන පළාත් වලින්ද දේසපාලනය කරන්නේ ? (අ)
ගම්පහ ජනතාවට මොලේ පෑදුනේ පසුගිය මහා ඡන්දෙන් පස්සේ. ඒ ගොල්ලෝ ඒ නිසා ඊ ළඟ මැතිවරණයේදී මොලේ පාවිච්චි කරලා ඡන්දය දේවි. (නදී)
අපෝ මෙයාගේ දේශපාලනය. පත්තරකාරයෝ උස්සලා තිබ්බොත් මිසක (නදී)
අපි නම් මෙයාට ඡන්දෙ දුන්නේ හේතු කීපයක් නිසා. කරු පැන්න නිසා. පබාගේ චරිතයට සහ මෙයා එදා නිර්බිතව සරත් ෆොන්සේකාව උදව් කල නිසා.(නදී)
ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකක්ද කියා දන්නේ නැති අය තමයි අද වැඩිහරියක් පාර්ලිමේන්තුවේ ඉන්නේ (නදී)
පබාලා වගේ බබාලා පාර්ලිමේන්තුවට හොඳයි. උගත් අය තමයි හොරු (නදී)
ඔබතුමි ජනරාල් වෙනුවෙන් ඒදවස්වල පෙනී හිටපු නිසයි ජනතාව ඡන්දෙ දුන්නේ. දැන් පෙනී හිටින අය වෙනුවෙනුත් ඡන්දය ලැබුනොත් අපි බලමු (නදී)
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මැය වගේ බොළඳ උදවියට දේශපානය සුදුසු නැහැ. අනික මෙයාට දේශපාලනය ගැන අවබෝදයක් නැහැ. මෙයා පාර්ලිමේන්තුවේ ඉන්නේ ප්‍රථම සහ අවසන් වාරය මේක. ඡන්දදායකයෝ මෝඩ නැහැ (නදී)
පබා මන්ත්‍රී තුමියනී ඔබවැනි ආදරනීය නිලියකට මන්ත්‍රී වරියක ලෙස ජනතාව වෙනුවෙන් කල හැකි දේ අප්‍රමානයි. ඔබේ සුන්දරත්වය, තරුණ ආකර්ශණය තුලින් සමස්ථ ජාතියටම සුබ අනාගතයක් ලැබෙන ක්‍රම වේදයක් ගැන උගතුන් සමග සාකච්ඡා කරන්න. ඔබ කලාව රැකගැනීමට දෙශපාලනයට පැමිනි බව පවසන්නවත් එපා. චිරං ජයතු. (නදී)
මෙයට තරුණ කාලයේදීම ලැබෙන පැන්ෂන් එකට සහ වරප්‍රසාද වලට ගම්පහ මිනිසුන්ට මල් තියා වදින්න ඕනා. අපි අායිත් මෝඩ කම් නොකරමු. (නදී)
ලබන මැතිවරණයෙන් අනිවාර්යෙන් මෙයා කලින් හිටපු තැනට (නදී)
පක්ෂ මාරු කරන්නේ ජනතාවට වැඩක් කරන්න කියලා කියන බොරුව දැන් ඇති. (නදී)
එකේ තරම හිතා ගන්න පුළුවන් (දී)
නාට්‍ය රග පාන චරිතෙ හා සැබෑ චරිතෙ අතර වෙනස ගම්පහ කට්ට්යට ගිය පාර අදුන ගන්න බැරි වුනා. ලංකාවේ ඉන්න කාන්තාවො ගොඩක් ඔය වගේ කට්ටිය . මෙගා නාට්‍ය බලල එ් නාට්‍ය වල තියෙන හීන ලෝකවල ජීවත් වෙනවා. (දී)
චන්ද දායකයෙක් හැටියට මට නම් කියන්න තියෙන්නේ, මම චන්දෙ දුන්නේ පක්ෂය ගැන තියෙන විස්වාසේ නිසා පක්ෂෙන් පත් කරපු කෙනෙකුට චන්දෙ දෙන්න කියල පක්ෂේ කියපු නිසා. දැන් මගේ චන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගිහින් වාසි වරදාන නිසා අනික් පැත්තට පන්නින්න මගේ අනුමැතියක් නොගත්තු මගේ චන්දෙන් පාර්ලිමේන්තු ගිය එක්කෙනා මම දකින්නේ වංචනිකයෙක් හැටියට. මොනතරම් වචන වලින් කතාකලත් එක වහන්න බැහැ. (දී)
ගම්පහ ජනතාව මෝඩයි කියන එක වැරදියි. ආචාර්ය වරු එහෙමත් යවලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. (නදී)
උපේක්ශාගේ ජීවිතය දිහා බැලුවාම දේසපාලන පව්ලකින් ආපු කෙනෙක් නොවෙයි ,එක නිසා ,මම නම් හිතන්නේ එයාගේ දේසපාලන දිවියට මද ගහන්නේ නැතිව එයට ආශීර්වාද කරන්න ගම්පහ ජනතාවට යහපත සදහා දෙයක් කරන්න ,උදාහරණයක් වසයෙන් ප්‍රේමදාස මහත්ම ,දෙයක් කරපු දෙසපලකයෙක් මෙතුමිය ජනතාවගේ දුක දන්නා ගැහැනියක් උපේක්ශා බුදු සරණයි ජේසු පිහිටයි (දී) .
ආණ්ඩු පක්ෂේ සහ විපක්ෂයෙන් පත් කරලා එවල තියන කලින් මන්ත්‍රීලා දැන් ඇමතිලා වෙලා ඉන්න අයගේ චර්යාව සහ දැනීම ගැන බැලුවම ගම්පහ ජනතාව ගැන විශේෂ අවධානයක් යොමුකරන්න කාලේ හරි කියල තමයි අපිට හිතෙන්නේ (නදී)
මෙය මෙතනත් නාට්ටියක් රංග පනවා නේ. පව් අනේ පබා අක්කා. මේපාර ඡන්දෙදි මේ පක්ෂයෙන්ම ඡන්දෙ ඉල්ලුවොත් බලාගන්න පුළුවන් මිනිස්සුන්ට මොලේ තියනවද නැද්ද කියලා. තමන්ගේ ජීවිතෙන් අනුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් මනුස්සයෙක් ඕන දේශපාලකයෙක් වෙන්න. හැබැයි ඉතින් එහෙම බැලුවොත් අපේ ලංකාවේ කියෙන් කී දෙනාද ඉන්නේ මේ දේශපාලනයට සුදුසු අය. ඇත්තට අද ඉන්න දේශපාලුවන්ගේ නාඩගම් දකිද්දී ලංකාවට එන්න හිතෙන්නෙත් නෑ. සුබ අනාගතයක්. අපේ ලංකාවාසීන්ට මේ පාරවත් මොලේ පාවිච්චි කොලොත් තමයි වටින්නේ. (නදී)
අනේ! මේවා අහන්න අපිත් ගම්පහ ඉන්නවනේ! (නි)
මන්ත්‍රීතුමියනි, අපි ඒ ගොනා විකුණුවා. අපි බලාගෙන ඉන්නේ ඔබ තුමිය එනකම් (නදී)
විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා ඉගෙනගත්ත කි දෙනාද අද පාර්ලිමේන්තුවේ ඉන්නේ. හොර ආචාර්යවරු නම් සෑහෙන්න ඉන්නවා. ඒ ආචාර්ය වරු එස්.එස්.සි.වත් පාස්ද දන් නැහැ. (නදී)
දීපානි,ලංකා තිලක්,බන්දුල පෙරේරා, බවලත්ඇත්තන්ට පුදුම ලෙන්ගතුකමක්නේ තියෙන්නේ. (නි)
පබා, ඔයාට හොඳට රඟපාන්න පුලුවන් එකේ, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නකෝ (නි)
මම ඇයට කලක් බොහෝ ප්‍රිය කළා. ඒ කාලේ ඇයයි මගේ ප්‍රියතම නිළිය (නි)