කප්පමට ගණන්කාරකමට නමක් ගත් දකුණේ දේශපාලනඥයකු වන මොහු මුකරිකමින් අගතැන්පත් මේ පුද්ගලයා රත්තරන් මාල වළලු දාගත්තු පාතාලයේද හිතවතුන් සිටින අයෙකි.
දියවන්නාවද තරණය කර පිල් මාරුවූවෙකි. බෙන්තර ගඟින් එහා පැත්තේ සිට කොළොම්පුරයට ආ ඔහුට මෙවර නාම යෝජනා නොලැබෙන පාටකි. වාසි ඇති තැනට හෝයියා කියන තාලෙන් හැසිරෙන නීතිය බල්ලාට දමන මේ පුද්ගලයා බලයේ සිටි කාලයේ ලංකාවේ පාතාලයන් රැසක් යුරෝපයට යවා තිබෙනවාලු.
වසරකට වරක් ඔහුත් එහි යනවාලු. ලංකාවේදී මිනී මරා, ගැහැණුන්ද දූෂණය කර බැංකුද කඩා රට පැන සිටින පාතාලයන් ඔහු එහි ගිය විට සිංහ රාජයකුට දක්වන සැලකිලි දක්වනවාලු. කලකට පෙර ඔස්ට්‍රියාවේ වියනා නුවරට ගිය මොහු සිය මිත්‍රයකුගේ ගෙදරදී හොඳටම බිව්වාලු.
කලින් නින්දටත් ගිහිල්ලාලු. නුහුරු පරිසරයක් නිසා අලි ඇබැද්දියක් වෙලාලු. ඒක දැනගත්තේ මිනිහා පහුවදා උදේ තේ මේසයට නොපැමිණි නිසාලු. මිනිහා කොහේදැයි කලබලවී බැලූ ගෙහිමියා ඔහු පැදුරටත් නොකියා කුකුළාත් අතින් අරන් ගිහින්ලු. හේතුව සොයාගත්තේ ඇඳේ මෙට්ටයේ ගඳෙන්ලු.
මෙට්ටය තෙමී ඇඳ යටටත් සුළු දිය පහරක් ගලා ගිහින්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික, ඔබ හරි. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට පිස්සු තමා මේ වගේ ඔලමොට්ටල , මීහරක් රැලක් පාර්ලිමේන්තුවට යවන්න. මම ලංකාවේ ජීවත් නූනත්, ලංකාවට විදේශ මුදල් යවන කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයෙක්. නමුත් දැන් එපාවෙලා තියෙන්නේ එවැනි දෙයක්වත් මගේ රට වෙනුවෙන් කරන්න මේ වගේ බූරු රැලක් නිසා. එක්කෝ මහා ජනතාව පෙරලියක් කරලා රට යහමගට ගන්න ඕන නැතිනම් ඇලුම තරුණ උගත් කැලක් බලයට එන්න ඕන. (බ)
අනේ මෙහෙමත් කතාවක් . ගොඩක් දෙනෙක් මේක වැරදියට හිතාගෙන ඉන්නේ. කියන්නා කොහොම කිවත් අසන්නා සිහිබුද්දියෙන් අහන්න ඕන කියන්නේ මේවගේ කතාවලටයි .(ම)
මේ අර කැලණිය පැත්තේ චන්ඩිය නේද (බ)
චරිතය විතරද රත්තරන්. වැඩත් රත්තරන් (බ)
මහාචාරිය කියල ලියන්න අමතක වෙලා මයේ හිතේ (බ)
අනේ එහෙම කියන්න එපා එතුමාගේ පුතා එහෙම හරිම අහිංසකයි නේද?ගැමුණු රජතුමාගේ නෑදෑයෝ නේද?(අ)
ඔය කියන්නේ අර අහවලානේ! (නි)
අපේ රටේ නමත් කනවා (නි)
කුරුනෑගල පුත්තලම් පාරේ යනවිට වාරියපොළ සහ පාදෙනියට අතර වැවගෙදර කියන ප්‍රදේශය, පාර අයිනේ ඇති ඒ වැවගෙදර වත්තේ අක්කර සිය ගණනක පොල් ඉඩම පසුගිය රජයේ මෙයා ප්‍රබලයෙකුව සිටි සමයේ රජයේ මුදල් වලින් ගහපු මාටියා වලින් එය කෝටි ගානකට මිලදී ගත් බව කුරුනෑගල දිස්ත්‍රික්කයම දන්නවා ..? ලබන ආත්මේ ඉඳුල් කන බලු කපුටෙක්ම වෙලා ඔහු ඉපදේවා ...!! (ස)
මුදියන්සේට නැට්ට පෑගිලා නේද? (නදී)
මේ කෙනා බලනකොට මහා නැහැදිච්ච කෙනෙක්නෙ. ලංකාවේ මිනිසුන්ට පිස්සුද මන්දා මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න. (නි)
ගැමුණු නෙවෙයි, අර කෝච්චියේ පිත්තල වැඩ කරපු කෙනා (නදී)
එයා ඉතාලියට ඇවිල්ලත් පිස්සු නටනවා (නි)
අර අරයනේ. අයියෝ මෙයාව රටම දන්නවා (නි)
ගම්පහ දිස්ත්‍රික්කයේ, විශේෂයෙන්ම කැලණියේ මිනිස්සුන්ගේ උගත් කමේ තරම තමයි වගේ අයට වැඩම මනාප ලබා දෙන එක (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කට්ටියකගෙන් ගුටිත් කෑව නේද? (නදී)
මේ රත්තරන් වටිනා කෙනෙක් (නි)
මම නම් මෙයාට හරිම කැමතියි (නි)
ඒ වුණාට චරිතය නම් රත්තරන්! (නි)