රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයනට විරුද්ධව එල්ලවී ඇති වකුගඩු බද්ධ කිරීම, වාහන බලපත් විකිණීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකර නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න ඇතුළු සාමාජිකයෝ අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ගැමුණු විජයරත්න මහතා අතර මතබේදයක් පවතී. ඒ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා අදායම් බදු ගෙවන්නත් විරුද්දිනේ. ඔබතුමාට බැරිද ඕකට එකතුකරන්න දොස්තර කෙනෙක් ලෙඩෙක් බලන්න ගන්න අවම කාලයක් දෙන්න කියල උසාවියෙන් නියමකරවන්න. (රේ)
මේ බස් වල පොල් පටවලා වගේ සෙනග ගෙනියන නින්දා සහගත ප්‍රවාහන සේවයක් අපට ලබදුන් මෝඩ බස් ගැමුණු හදන්නේ, ආසියාවේ ඉහළම මට්ටම් සෞඛ්‍ය සේවයක් වන අපේ සෞඛ්‍ය සේවයත් මේ බස් ප්‍රවාහන සේවයේ මට්ටමටම ඈදලා දාන්නද ? (බ)
මෙය කොච්චර ජනප්‍රිය කෙනෙක්ද? ඡන්දෙ ඉල්ලලා කොළඹට ඡන්ද 2000 ම ගත්තනේ. (බ)
තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි ගැමුණුට උඝත් දොස්තරලා මට්ටු කරන්න පුලුවන්ද? (රේ)
මේයාට අදාල නැති ඒවත් අල්ලාගෙන (අ)
ඇයි අර මයික් එකේ රූපේ බොඳ කරලා තියෙන්නේ? (අ)
ඕක මොක්කක්ද ගැමුණු මහත්තය කොන් දොස්තරලා දහස් ගානක් මට්ටු කරලා තියෙනවනේ . (අ)
බස් මුදලාලි තමන්ගෙ පුතාව කොන්දොස්තර කෙනෙක් නොකර උපාධි කඩේක පිහිටෙන් හරි දොස්තර කෙනෙක් කරන්න යන එක ලොකු දෙයක් (අ)
බස් ගැමුණුට කට අරින්න ඕන තරම් දේවල් තිබ්බ මීට කලින්. දැන් හදන්නේ බොර දියේ මාළු බාන්න (බ)
බස් ගැමුණුටත් ලෙඩේ හැදිලද කොහේද? (බ)
ගැමුණු කෙහෙල් ගහට කොටලා වගේ දොස්තරගෙයි කොන්දොස්තරගෙයි වෙනස දැනිල නැහැ වගේ මොහුට (කෞ)
මෙන්න මේකා දොස්තරලටත් උගන්නන්න පටන් අරගෙන. අර කිව්වා වගේ කොහොම හරි විභාග පාස් කර ගන්න බැරි වුණ ළමයි ටික දොස්තරල කර ගත්තොත් කාටද ආඩම්බර. (අ)
බැරිවෙලාවත් බස් ගැමුණුට ඉස්පිරිතාලෙකට එහෙම යන්න සිද්ධ වුණොත් දෙවියන්ගේම පිහිට තමා .(ම)
මෙයාගේ දරුවන් දෙන්නම මාලබේ පුද්ගලික වෛදය විද්‍යාලයේ ඉගන ගන්නවා. දැන් මෙයාල රජයේ වෛද්‍යවරු එක්ක තරහ වෙන්න හේතුව මේක.(අ)
ඔබේ අසනීපයකට ඉතා හොඳින් ප්‍රතිකාර කරන දොස්ටර මහතුන් කි දාහක් මේ සංගමයේ සාමාජිකයෝද ජරා වැඩ කරන කීප දෙනෙකුත් ඔය වගේ ලොකු සංගමයක සාමාජිකයන් වගේ ඉන්න පුළුවන් ඒ නිසා සංගමයට දොස් කියන එක පිස්සු වෙඩක්. තමන්ගේ පුද්ගලික අමනාප මේ විදියට විසඳ ගන්න තරමට මෝඩ වෙන්න එපා කරුණාකරලා මේ ජරා වැඩ කල දොස්තරලට නඩු දාන්න (අ)
ඔය මිනිහගේ ළමයෙක් මාලබේ වෛද්‍ය විදුහලේ ඉගෙන ගන්න නිසා සහ වෛද්‍ය සංගමය එයට විරුද්ධ නිසා. (බ)