IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගැමුණුගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයනට විරුද්ධව එල්ලවී ඇති වකුගඩු බද්ධ කිරීම, වාහන බලපත් විකිණීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකර නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න ඇතුළු සාමාජිකයෝ අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ගැමුණු විජයරත්න මහතා අතර මතබේදයක් පවතී. ඒ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙනි.

web_2016126DS_5359 web_2016126DS_53529 web_2016126DS_53592



අදහස් (0)

ගැමුණුගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සමන් Tuesday, 26 January 2016 10:26 AM

දොස්තරලා අදායම් බදු ගෙවන්නත් විරුද්දිනේ. ඔබතුමාට බැරිද ඕකට එකතුකරන්න දොස්තර කෙනෙක් ලෙඩෙක් බලන්න ගන්න අවම කාලයක් දෙන්න කියල උසාවියෙන් නියමකරවන්න. (රේ)

:       0       0

සේනා Tuesday, 26 January 2016 03:02 PM

මේ බස් වල පොල් පටවලා වගේ සෙනග ගෙනියන නින්දා සහගත ප්‍රවාහන සේවයක් අපට ලබදුන් මෝඩ බස් ගැමුණු හදන්නේ, ආසියාවේ ඉහළම මට්ටම් සෞඛ්‍ය සේවයක් වන අපේ සෞඛ්‍ය සේවයත් මේ බස් ප්‍රවාහන සේවයේ මට්ටමටම ඈදලා දාන්නද ? (බ)

:       0       0

දහම් Tuesday, 26 January 2016 03:06 PM

මෙය කොච්චර ජනප්‍රිය කෙනෙක්ද? ඡන්දෙ ඉල්ලලා කොළඹට ඡන්ද 2000 ම ගත්තනේ. (බ)

:       0       0

පද්මසිරි Tuesday, 26 January 2016 10:38 AM

තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි ගැමුණුට උඝත් දොස්තරලා මට්ටු කරන්න පුලුවන්ද? (රේ)

:       0       0

සංජය Tuesday, 26 January 2016 10:52 AM

මේයාට අදාල නැති ඒවත් අල්ලාගෙන (අ)

:       0       0

සංජය Tuesday, 26 January 2016 10:46 AM

ඇයි අර මයික් එකේ රූපේ බොඳ කරලා තියෙන්නේ? (අ)

:       0       0

සිරිමලි Tuesday, 26 January 2016 11:24 AM

ඕක මොක්කක්ද ගැමුණු මහත්තය කොන් දොස්තරලා දහස් ගානක් මට්ටු කරලා තියෙනවනේ . (අ)

:       0       0

සෙනෙවි Tuesday, 26 January 2016 11:41 AM

බස් මුදලාලි තමන්ගෙ පුතාව කොන්දොස්තර කෙනෙක් නොකර උපාධි කඩේක පිහිටෙන් හරි දොස්තර කෙනෙක් කරන්න යන එක ලොකු දෙයක් (අ)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 26 January 2016 12:20 PM

බස් ගැමුණුට කට අරින්න ඕන තරම් දේවල් තිබ්බ මීට කලින්. දැන් හදන්නේ බොර දියේ මාළු බාන්න (බ)

:       0       0

සුදේශ් Tuesday, 26 January 2016 01:12 PM

බස් ගැමුණුටත් ලෙඩේ හැදිලද කොහේද? (බ)

:       0       0

සනත් ඉන්දික Tuesday, 26 January 2016 01:50 PM

ගැමුණු කෙහෙල් ගහට කොටලා වගේ දොස්තරගෙයි කොන්දොස්තරගෙයි වෙනස දැනිල නැහැ වගේ මොහුට (කෞ)

:       0       0

ජයන්ත Tuesday, 26 January 2016 02:15 PM

මෙන්න මේකා දොස්තරලටත් උගන්නන්න පටන් අරගෙන. අර කිව්වා වගේ කොහොම හරි විභාග පාස් කර ගන්න බැරි වුණ ළමයි ටික දොස්තරල කර ගත්තොත් කාටද ආඩම්බර. (අ)

:       0       0

සෑම් Tuesday, 26 January 2016 09:59 AM

බැරිවෙලාවත් බස් ගැමුණුට ඉස්පිරිතාලෙකට එහෙම යන්න සිද්ධ වුණොත් දෙවියන්ගේම පිහිට තමා .(ම)

:       0       0

සහන් Tuesday, 26 January 2016 10:02 AM

මෙයාගේ දරුවන් දෙන්නම මාලබේ පුද්ගලික වෛදය විද්‍යාලයේ ඉගන ගන්නවා. දැන් මෙයාල රජයේ වෛද්‍යවරු එක්ක තරහ වෙන්න හේතුව මේක.(අ)

:       0       0

විජය Tuesday, 26 January 2016 02:30 PM

ඔබේ අසනීපයකට ඉතා හොඳින් ප්‍රතිකාර කරන දොස්ටර මහතුන් කි දාහක් මේ සංගමයේ සාමාජිකයෝද ජරා වැඩ කරන කීප දෙනෙකුත් ඔය වගේ ලොකු සංගමයක සාමාජිකයන් වගේ ඉන්න පුළුවන් ඒ නිසා සංගමයට දොස් කියන එක පිස්සු වෙඩක්. තමන්ගේ පුද්ගලික අමනාප මේ විදියට විසඳ ගන්න තරමට මෝඩ වෙන්න එපා කරුණාකරලා මේ ජරා වැඩ කල දොස්තරලට නඩු දාන්න (අ)

:       0       0

රංජන සිල්වා Wednesday, 27 January 2016 03:12 AM

ඔය මිනිහගේ ළමයෙක් මාලබේ වෛද්‍ය විදුහලේ ඉගෙන ගන්න නිසා සහ වෛද්‍ය සංගමය එයට විරුද්ධ නිසා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site