පාරම්පරික කෘෂි කාර්මික පිළිවෙත් වලට මුල් තැන දෙමින් වලල්ලාවිට රාගොඩ වෙල වෙල් යායේ ගොවීහූ අලුත් සහල් මංගල්‍යක් සංවිධානය කළහ.
වලල්ලාවිට සුවිසුද්ධාරාම විහාරාධිකාරි ඌව මාවෙලගම සුමේධ හිමියන්
ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සිදු කළ මෙහි සංස්කෘතිකාංග බැලීමට විදේශිය සංචාරකයෝ පිරිසක් ද එක්ව සිටියහ. කිරි දානය පිළියෙළ කිරීමට ඔවුහු එක්වූහ.
තෙල්මේ නර්ථනය දේව කන්නලව්ව සහ කමත් ශාන්ති කර්ම කටයුතු ද සිදුකළ අතර පසු දින උදෑසන කිරි අම්මාවරුන් උදෙසා දානය පිළිගැන්වීණි.
ඩී. ඩී. අමරසිරි සහ ඩී. ඩි. මංජුල යන ගොවිමහත්වරුන්ගේ සංවිධාන ප්‍රධානත්වයෙන් පැවැත්වු මේ සඳහා රාගොඩ වෙල්යායේ සියළුම ගොවීහු ද මීට දායක වූහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් බැහැරව යන දේවල් නැවත පණගැන්වීමක්.ස්තුතියි ඔබ සැමට (නි)
අනේ ඔව්! මේකට දායකවුණ හැමෝටම නිදුක් නිරෝගී සුවයම පතනවා! (නි)
බලිතොවිල්, ශාන්තිකාර්ම, දෙවොල් නැටුම් අද මේවා අලුත් පරම්පාරව දැකලා තියෙනවද දන්නෙත් නැහැ. තවමත් පාරම්පරිකව පැවත එන මෙවැනි දේවල් ගම් මට්ටමින් මිස නගරයෙන් නම් දැකගන්න ලැබෙන්නේ කලාතුරකින්. (නි)