වැල්ලවාය බෝධිවැව දී ගම් වැදුණු අලියකු අලි වෙඩි දමා එළවමින් සිටි හඳපානවත්ත වනජීවී කාර්යාලයයේ වන සත්ත්ව නියාමක වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව වනජීවී නිලධරයෝ කියති.
එලෙස මිය ගියේ බදුල්ලේ පදිංචි සංජීව කුලතුංග ( 29) මහතාය.
අලියකු ගම් වැදී ඇති බව කියමින් විරෝධතාවක් පැවැති බවත්, වන ජීවී නිලධරයන් අට දෙනකු එහි ගොස් අලි වෙඩි දමමින් අලියා එළවීමට උත්සාහ කළ බවත්, අලියා ආපසු හැරී වනජීවී නිලධරයන් පසු පස පන්නා ආ බවත්, ගසකට මුවා වූ වන සත්ව නියාමකයා සොයා ගිය අලියා ඔහු උස්සා පොළොවේ ගසා මරා දැමූ බවත් වනජීවී නිලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්., ඇත්තෙන්ම පවු. නිවන් සුව පතනවා (නදී)
අර වසන්ත කියනවා වගේ ඔහොම පුලුවන්ද ? වල් අලි එලවන්න කිසිම සුදානමක් නැතිව අපරාදේ මනුස්ස ජිවිතයක්! වගකිව යුත්තන් දැන් වත් අවදිවෙනවා නම් (නදී)
ඇලි වැටවල් ගහන්න දන්න කොන්ත්‍රාත් කාරයො චීනෙ නැතුව ඇති. ලංකාවේ අය හදනකොට ලොකු මුදලක් වැය වෙන්නෙ නැහැ නේ. ලංකාවෙ අය හදන එක රටට හොඳ උනාට මැති ඇමති වරුන්ට පාඩුවක්. මිය ගිය අයටත් අලියටත් දොස් කියල වැඩක් නැහැ අලියන්ටයි මිනිස්සුන්ටයි එකට ජීවත් වෙන්න බෑ. (නදී)
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන අලි කළමනාකරණ කටයුතුවල යෙදෙන්නේ අවුරුදු ගණනාවක අත්දැකීම් එක්ක. කරුණාකරලා, අවදානම දරාගෙන රාජකාරිය වගකීමෙන් කරන්න ගිහින් ජීවිතය පූජාකළ ඒ දරුවාට නිසි ගෞරවය දෙන්න. (නි)
අනේ! සිදුවුණුදේට කණගාටුයි. නිවන් සැප පතමි. (නි)
අයියෝ පවූ.(හේ)
වල් අලි එළවන්නේ ඔහොමද? කිසිම පුහුණුවක් දී නැත.(හේ)