IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගම රකියි : අලියාගෙන් බේරෙන්න බැරිවෙයි

වැල්ලවාය බෝධිවැව දී ගම් වැදුණු අලියකු අලි වෙඩි දමා එළවමින් සිටි හඳපානවත්ත වනජීවී කාර්යාලයයේ වන සත්ත්ව නියාමක වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව වනජීවී නිලධරයෝ කියති.

එලෙස මිය ගියේ බදුල්ලේ පදිංචි සංජීව කුලතුංග ( 29) මහතාය.  

අලියකු ගම් වැදී ඇති බව කියමින් විරෝධතාවක් පැවැති බවත්, වන ජීවී නිලධරයන් අට දෙනකු එහි ගොස් අලි වෙඩි දමමින් අලියා එළවීමට උත්සාහ කළ බවත්, අලියා ආපසු හැරී වනජීවී නිලධරයන් පසු පස පන්නා ආ බවත්, ගසකට මුවා වූ වන සත්ව නියාමකයා සොයා ගිය අලියා ඔහු උස්සා පොළොවේ ගසා මරා දැමූ බවත් වනජීවී නිලධාරීහු පවසති.



අදහස් (0)

ගම රකියි : අලියාගෙන් බේරෙන්න බැරිවෙයි

සෙලින Friday, 20 March 2015 04:37 PM

ඔව්., ඇත්තෙන්ම පවු. නිවන් සුව පතනවා (නදී)

:       0       0

ගුණවර්ධන Friday, 20 March 2015 04:58 PM

අර වසන්ත කියනවා වගේ ඔහොම පුලුවන්ද ? වල් අලි එලවන්න කිසිම සුදානමක් නැතිව අපරාදේ මනුස්ස ජිවිතයක්! වගකිව යුත්තන් දැන් වත් අවදිවෙනවා නම් (නදී)

:       0       0

සුමිත් Saturday, 21 March 2015 04:21 PM

ඇලි වැටවල් ගහන්න දන්න කොන්ත්‍රාත් කාරයො චීනෙ නැතුව ඇති. ලංකාවේ අය හදනකොට ලොකු මුදලක් වැය වෙන්නෙ නැහැ නේ. ලංකාවෙ අය හදන එක රටට හොඳ උනාට මැති ඇමති වරුන්ට පාඩුවක්. මිය ගිය අයටත් අලියටත් දොස් කියල වැඩක් නැහැ අලියන්ටයි මිනිස්සුන්ටයි එකට ජීවත් වෙන්න බෑ. (නදී)

:       0       0

සමරකෝන් Saturday, 21 March 2015 01:49 AM

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන අලි කළමනාකරණ කටයුතුවල යෙදෙන්නේ අවුරුදු ගණනාවක අත්දැකීම් එක්ක. කරුණාකරලා, අවදානම දරාගෙන රාජකාරිය වගකීමෙන් කරන්න ගිහින් ජීවිතය පූජාකළ ඒ දරුවාට නිසි ගෞරවය දෙන්න. (නි)

:       0       0

සුමුදු Saturday, 21 March 2015 02:20 AM

අනේ! සිදුවුණුදේට කණගාටුයි. නිවන් සැප පතමි. (නි)

:       0       0

කුමාරි Friday, 20 March 2015 01:31 PM

අයියෝ පවූ.(හේ)

:       0       0

වසන්ත Friday, 20 March 2015 01:54 PM

වල් අලි එළවන්නේ ඔහොමද? කිසිම පුහුණුවක් දී නැත.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site