එළුවන්කුලම අරුවක්කාඩුව එරණවිල්ලුවේදී දුම්රියක ගැටීමෙන් ගැබ්බර ඇතින්නක් (25) තුවාල ලබා ඇති බව වනජීවී නිලධරයෝ පවසති.
පුත්තලම සිමෙන්ති කම්හල වෙත හුණුගල් ප්‍රවාහනය කළ දුම්රියේ ගැටී ඇති ඇතින්න එරණවිල්ලුව වැව්තාවල්ලට වැටී ඇත.
ඇතින්නට ප්‍රතිකාර සිදුකරන බව වයඹ වනජීවී භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
අද උදෑසනම එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායම ඇතින්නගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙස වෙති.
ඡායාරූප රෝවෙන් පෙරේරා
ඡායාරූප සහ වීඩියෝ පුත්තලම එච්.චන්දන

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කරුණාකරලා මිනිසාගේ අවශ්‍යතාවය වගේම මේ ලෝකේ ඉන්න සත්වය ගැනත් සනුකම්පාවෙන් බලන්න .මේකට රට කරවන රාලලා වගකියන්න ඕන ...ඒ ඇතින්නත් අම්ම කෙනෙක් .මිනිහෙකුට තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබෙන කොට කොයිතරම් ආරක්ෂා කරනවද ? දැන් වත් මේවට ස්ථීර විසඳුම් හදන්න පාලකයිනි ඔබලාට පින් .මහා ජනතාව විදියට අපි ඔයාලට සහයෝගය දෙනවා..අපිට මිනිස්සුන්ට විතරක් තියෙන සන්වර්දනයකින් වැඩක් නෑ .සතා සීපාව ගැනත් හිතන්න . අලි වැටක් වත් ඉදිකරන්න බැරිනම් ඔය පාරවල්වලිනුත් වැඩක් නැ. (බ)
මේ අලින්ව හප්පන දුම්රිය රියැදුරන්ට දඬුවම් කරන්න නීති ගෙනෙන්න අවශ්යි.අලි ගැවසෙන ප්‍රදේශවල අඩු වේගයකින් ගියා නම් දුම්රිය නවතගන්න පුළුවන් .අවුරුද්දකට අලි කීදෙනෙක් නොයෙක් හේතු නිසා මිය යනවද ? (අ)
දුම්රිය සහ අධිවේගී මාර්ග දෙපස ආරක්ෂක කම්බි වැටවල් ඉදිකරන්න. (නි)
අයියෝ දෙවියනේ! (නි)
පුල්ලෙයාර් දෙවියන්ගේ පිහිටෙන් ඒ අසරණ ඇතින්නට ඉක්මනින් සුවය ලැබේවා! (නි)
වනජීවී නිලධාරීන්ට පින් සිදුවේවා! (නි)
අනේ මේ ඇතින්නට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. බඩේ ඉන්න පැටියාට කිසිම අනතුරක් නොවේවා. (නි)
ආත්මයක් ආත්මයක් ගානෙ පින් පිරෙන මේ වගේ සද්කාර්ය කරන ඔබට ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුති කරන්න මට වචන නැහැ මහත්තයෝ (නි)
ඇයි මේගොල්ලොත් නිකන් බලාගෙන ඉන්නේ. මේ ප්‍රදේශ වලින් දුම්රිය ධාවනය වීමේදී වේග සීමාවක් පනවන්න. ඒක පිළිපදින්න බැරි රියදුරන්ට දඬුවම් කරන්න. ගම්මාන වලට අලින්ට ඒමට නොහැකිවන පරිදි අලි වැටවල් සවිකරන්න. වනාන්තරවල අලින්ගේ නිජභූමි විනාශ කිරීමෙන් වළකින්න (නි)