එළුවන්කුලම අරුවක්කාඩුව එරණවිල්ලුවේදී දුම්රියක ගැටීමෙන් ගැබ්බර ඇතින්නක් (25) තුවාල ලබා ඇති බව වනජීවී නිලධරයෝ පවසති.
පුත්තලම සිමෙන්ති කම්හල වෙත හුණුගල් ප්‍රවාහනය කළ දුම්රියේ ගැටී ඇති ඇතින්න එරණවිල්ලුව වැව්තාවල්ලට වැටී ඇත.
ඇතින්නට ප්‍රතිකාර සිදුකරන බව වයඹ වනජීවී භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
අද උදෑසනම එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායම ඇතින්නගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙස වෙති.
ඡායාරූප රෝවෙන් පෙරේරා
ඡායාරූප සහ වීඩියෝ පුත්තලම එච්.චන්දන
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැබ්බර ඇතින්න දුම්රියේ හැපිලා
හැරිස් Monday, 28 September 2015 03:20 PM
අනේ කරුණාකරලා මිනිසාගේ අවශ්‍යතාවය වගේම මේ ලෝකේ ඉන්න සත්වය ගැනත් සනුකම්පාවෙන් බලන්න .මේකට රට කරවන රාලලා වගකියන්න ඕන ...ඒ ඇතින්නත් අම්ම කෙනෙක් .මිනිහෙකුට තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබෙන කොට කොයිතරම් ආරක්ෂා කරනවද ? දැන් වත් මේවට ස්ථීර විසඳුම් හදන්න පාලකයිනි ඔබලාට පින් .මහා ජනතාව විදියට අපි ඔයාලට සහයෝගය දෙනවා..අපිට මිනිස්සුන්ට විතරක් තියෙන සන්වර්දනයකින් වැඩක් නෑ .සතා සීපාව ගැනත් හිතන්න . අලි වැටක් වත් ඉදිකරන්න බැරිනම් ඔය පාරවල්වලිනුත් වැඩක් නැ. (බ)
සංජය Monday, 28 September 2015 07:42 AM
මේ අලින්ව හප්පන දුම්රිය රියැදුරන්ට දඬුවම් කරන්න නීති ගෙනෙන්න අවශ්යි.අලි ගැවසෙන ප්‍රදේශවල අඩු වේගයකින් ගියා නම් දුම්රිය නවතගන්න පුළුවන් .අවුරුද්දකට අලි කීදෙනෙක් නොයෙක් හේතු නිසා මිය යනවද ? (අ)
විකුම් Sunday, 27 September 2015 11:18 AM
දුම්රිය සහ අධිවේගී මාර්ග දෙපස ආරක්ෂක කම්බි වැටවල් ඉදිකරන්න. (නි)
කරුණාරත්න Sunday, 27 September 2015 11:49 AM
අයියෝ දෙවියනේ! (නි)
රූපවතී Sunday, 27 September 2015 03:57 PM
පුල්ලෙයාර් දෙවියන්ගේ පිහිටෙන් ඒ අසරණ ඇතින්නට ඉක්මනින් සුවය ලැබේවා! (නි)
හේවාවිතාරණ Sunday, 27 September 2015 06:31 PM
වනජීවී නිලධාරීන්ට පින් සිදුවේවා! (නි)
ජනක Sunday, 27 September 2015 10:21 PM
අනේ මේ ඇතින්නට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. බඩේ ඉන්න පැටියාට කිසිම අනතුරක් නොවේවා. (නි)
රන්ජිත් Monday, 28 September 2015 12:56 AM
ආත්මයක් ආත්මයක් ගානෙ පින් පිරෙන මේ වගේ සද්කාර්ය කරන ඔබට ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුති කරන්න මට වචන නැහැ මහත්තයෝ (නි)
ශාන්ත පත්මබන්දු Monday, 28 September 2015 03:13 AM
ඇයි මේගොල්ලොත් නිකන් බලාගෙන ඉන්නේ. මේ ප්‍රදේශ වලින් දුම්රිය ධාවනය වීමේදී වේග සීමාවක් පනවන්න. ඒක පිළිපදින්න බැරි රියදුරන්ට දඬුවම් කරන්න. ගම්මාන වලට අලින්ට ඒමට නොහැකිවන පරිදි අලි වැටවල් සවිකරන්න. වනාන්තරවල අලින්ගේ නිජභූමි විනාශ කිරීමෙන් වළකින්න (නි)