(ප්‍රනීත් සේනානායක)
නාඳුනන පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ව්‍යාජ ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් කොළඹ මහාධිකරණය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට එරෙහිව අද අධිචෝදනා ගොනු කළේය.
මෙම නඩුව අද කැඳවන විට විත්තිකාරිනිය වන ගානියා බැනිස්ටර් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා විත්තිකාරිනියට බාර දෙන ලදී.
ඒ අනුව කොළඹ මහාධිකරණය විත්තිකරු ඇප මත නිදහස් කරන ලෙස නියෝග කළ අතර නඩුව ජුනි 4 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
වර්ෂ 2019 නොවැම්බර් 25 වන දින කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයින් පස් දෙනෙකු තමන්ව පැහැරගෙන ගොස් ගිනි අවියක් පෙන්වා තර්ජනය කර පැය කිහිපයක් රඳවාගනිමින් තබාගෙන රටින් පලා ගිය රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගැන ප්‍රශ්න කළ බව විත්තිකරු පැවසුවාය.
පසුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට බොරු පැමිණිල්ලක් කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනු කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් උපන් මව්බිමට ද්‍රෝහී වන්නේ දේශද්‍රෝහීන්ය. එවන් අයට මරණය හැර අන්කිසිවක් මෙලොව නොමැතිය...
රවීන්ද්‍ර නම් උපන් මව්බිමට වින කරන අය ගොඩක් වැඩිවෙලා වගේ.. දාලා තියෙන ඩිස්ලයික් ගාණෙන් පේන්නේ. දැන් කට්ටියම කඩේ යනවා වගේ..
උපන් මවුබිමට ආදරේ නැති අය... ඔහොම වෙලා මදි.. උපරිම දඬුවම් දෙන්න ඕනෑ... නමෙන්ම තේරෙනවා... අනික් කකුල කොහේද තියෙන්නේ කියලා..?