රජයේ දින 100 වැඩපිළිවෙළට අනුව ගැබිණි මව්වරුන්ට දෙන පෝෂණ මල්ලට පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය බෙදූ ගිනිගත්හේන විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ඇතුළු තිදෙනාට එක් අයකුට රුපියල් පහළොස් දහස බැගින් ගෙවන ලෙස හැටන් මහේස්ත්‍රාත් අයි.පී.ඩී.ලියනගේ මහතා නියෝග කළේය.
සභාපති ඩබ්ලිව්.ඒ.ධර්මදාස එම සමිතියේ ගබඩා බාරකරු චින්තක ප්‍රේමරත්න සහ එම බඩු ලබාගත් ගිනිගත්හේන රංජනාස් තොග වෙළඳසලේ කළමනාකරු තංගයියා කමලනාදන් යන තිදෙනාට දඩ නියම විය.
ඔවුහු වරද පිළිගත් අතර කඩල, කව්පි හා හාල් මැස්සන් අඩංගු පෝෂණ මල්ලේ ගුල්ලන් ඇතුළු කෘමීන් සිටි බව සෞඛ්‍ය පරීක්ෂකවරු අධිකරණයට දැන්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ලාබයි (නදී)
මේ වැඩ නිසා අපේ සිතට එන්නේ නරක සිතිවිලි. (ත)
පුදන කොටම කාපි යකා (නදී)
ඔබගේ සේවය අති විශිෂ්ඨයි අපගේ උත්තමාචාරය මහජන සෞඛ්‍ය පරික්ෂක තුමණි,(ම)