පුත්තලම බස් නැවතුම්පොළේ ඇති වෙළඳ සැලක් අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පුත්තලම පොලිසිය කියයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකියැයි ද පොලිසිය සැකකරයි. පුත්තලම පොලිසිය, ගුවන් හා නාවික හමුදාව එක්ව ගින්න නිවා දැමීය. නගර සභාවේ ගිනි නිවන රථය වැඩ අංගනයේ ගාල් කැර තිබිණි. එහි කාර්මික දෝෂයක් හේතුවෙන් කාලයක සිට ප්‍රයෝජනයට නොගන්නා බවත් අලුත්වැඩියා නොකර මාස ගණනක් ගතවී ඇති බවත් නගර සභා සේවකයෝ කියති.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd