ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න ගාල්ල අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයක් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කරමින් සිටි දැරියකට වතුර බෝතලයකින් ගසා ඇයට පහර දීමට උත්සාහ කළ බව ගාල්ල පොලිසිය කියයි.
ඇයට පහරදුන් බව කියන ගැහැණියක පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීමටද විරෝධතාකරුවන් ක්‍රියාකර ඇතැයි වාර්තාවේ. දැරිය රෝහල්ගත කරනු ලැබ සිටී.
ඡායාරූප - අමල් වික්‍රමරත්න
වීඩියෝ - අමිල මධුෂංක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බොහෝ ගැහැණුත් පිරිමි වගේම රුදුරුයි. (නි)
විදුහල්පතිවරු එකම තැන ඉන්නකොට විදුහල ඔවුන්ගේ භුක්තියට සරිවෙනවා. අයිතිකාරයෝ වෙනවා. මාරුකරන්න නොවෙයි ගෙදර යවන්නයි තියෙන්නේ! (නි)
මේ සියළු ප්‍රශ්න වලට අධ්‍යාපන අමාත්‍යංශය වගකිව යුතුයි. (නි)
ඔය විරෝධතාවෙ නිසා උදේ ගාල්ල ටවුන් එකේ එපා වෙන්න ට්‍රැෆික් තිබුනා. මිනිස්සුන්ට වද වෙන විදියට විරෝධතා කරලා, මොනවද දන්නෙ නැහැ බලාපොරොත්තු වෙන්නෙ. (ර)
මේ විදුහල්පතිනිය පාසලේ ගුරුවරුන්ට, දෙමාපියන්ට කතකරන්න දන්නේ නෑ. වට්ටි අම්ම වගේ කතාව. කලින් හිටපු ඩැනියල් මැඩම් ගැන තවමත් ඒ සිසුවියන් සහ දෙමාපියන් හොද කියනවා. ශාන්ති විදුහල්පතිනියට දුෂණ චෝදනා සහ වෙනත් චෝදනාද තිබෙනවා. මාරුකිරීම කාලෝචිත පියවරක්. (බ)
මොන වැරද්දක් තිබුනත් ගැහැණු ළමයෙකුට පිරිසක් එකතුවෙලා හිරිහැර කරන එක හරි නැහැ. (ර)
කවුද කියල දන්නවා නම් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බැරි මොකද ? මාධ්‍ය මගින් බලකරනකම් ඉන්න ඕනෙද පොලිසියට රාජකාරි කරන්න. (ර)
විදුහල්පතිවරුන් මාරුකිරීමේ ක්‍රමවේදයක් වහාම ඇතිකළ යුතුය. එක පාසැලක විදුහල්පතිවරයෙකුගේ උපරිම සේවා කාලය අවුරුදු පහකට සිමාකළ යුතුය. කිසිම හේතුවක් නිසා කිසිම විදුහල්පතිවරයෙක් එකම පාසලේ අවුරුදු පහකට වඩා රඳවා ගත යුතු නැත (බ)
මේ බවලත්තු කතා කරන විදියෙන්ම එයාලගෙ පුහු මහන්තත්වය පේනවා. හරිම කැතයි අර ගැහැනු දරුවට කතා කරන විදිය. පුදුම අම්මන්ඩිලා. අනික උද්ඝෝෂනයක් කියන්නේ ඉතා ප්‍රසිද්ධියේ කරන දෙයක් එය කැමරා කරන්න කාටත් පුළුවන්. (බ)
විදුහල්පතිවරුන් විතරක් නෙමෙයි ප්‍රෙද්ශිය ලේකම්ලා, නඩුකාරයෝ, වගේ අයත් වසර 5 ක් වත් නොතබා මාරු කළ යුතුයි. නැතනම් ඒ අයට කේලම් කියලා හිත දිනාගෙන අනියම් වරප්‍රසාද ලබන කල්ලි බිහිවෙනවා. කලින් රජයට වුනෙත් ඒකයි. හොරකම නිතිගත කරගත්තා වසර ගණනාවකත් ඉන්නකොට (බ)
ඔන්න ඔය නීල් සාරිය ඇඳගත්ත කෙනා අල්ලලා කුඩුවට දැම්මනම් හොඳ නැද්ද විසේ ටිකක් අඩු වෙන්නත් එක්ක.(බ)
උසාවි වල නඩුකාරවරු, පොලිසිවල කාන්තා කාර්යාංශ වල නිලධාරින් මෙම කාන්තාවන්ගේ හැසිරීම බලනවා නම් ඉතා හොඳයි. මොකද මෙවැනි රළු කාන්තාවන් තමයි බොහෝවිට උසාවි වල මහ පොලිසි වල නඩු හා පැමිණිලි ගොඩගහන්නේ. සම තැන ඉල්ලන්නෙත් මෙවැනි කාන්තාවො තමයි. පිරිමින්ව නොමරා මරන්නෙත් මේ වගේ කාන්තාවෝ තමයි. අර ගැහැනු දරුවට සෙනග මැද සළකන්නේ මෙසේ නම් මෙයාලගෙ පුද්ගලික ජිවිත කෙසේ ඇද්ද? (බ)
මම නම් කියන්නේ මහජනතාව එකතු විය යුතුයි කියලා මේ වගේ වෙලාවට. ඕනෑම පක්ෂයකින්, ඕනෑම සංගමයකින් මහජනතාවට පාරේ යන්න බැරි විදියට උද්ඝෝෂණය කරනවා නම් ගහල පන්නල දාන්න ඕන අවහිරය මගහැරෙනකල්ම.කවුද මේකට එකග? (බ)
ඔය ස්ට්‍රයික් එකට ඉන්න ඔක්කොම 2017 අම්මලා ළමයි දාගන්න සුදුසුකම් නොමැති මැඩම් ගියොත් ළමයි ගෙදර ඒකයි ඔය (බ)
එයා සවුත්ලන්ඩ්ස් දියණියක් වුනානම් මෙම විරෝධතා පවත්වන ස්ථානයට එන්නේ නෑ. එයා ඇවිත් තියෙන්නෙම එයාගේ හිතේ තියෙන තරහට මෙතන ලොකු ප්‍රශ්ණයක් ඇති කරන්න. (බ)
මේ දරුවගේ දෙමාපියන් නෑද්ද මගේ දරුවෙක්ට කළානම් දන්නවා මම කරන දේ මරාගෙන මැරෙනවා (බ)
කාන්තාවන් ගැන කතාකරන්නෙ කාන්තාවන්ටම හිරිහැර කරමින්ද. මේකද සොයන යුක්තිය.වරදට නිසි දඩුවම දිය යුතුයි. (බ)
දැන් එතකොට මීට කලින් සවුත්ලන්ඩ්ස් එකේ හිටපු විදුහල්පතිනියන් පොල් ගාපු අය කියලද මෙයාල කියන්නේ ? මෙයාගේ බූදලයක්ද සවුත්ලන්ඩ්ස් එක ? ඉදිරියට වෙන අය එපානම්, මෙයා මැරුනොත් සවුත්ලන්ඩ්ස් එකවහල දානවද ? (බ)
මිනිස්සුන්ට තිබුනේ. මුන් ටිකට ගහල එලවන්න (බ)
ලංකාසිරි නිල් පාට සාරිය ඇදපු එක්කෙනාගේ විසේ යන්න කුඩුවට දාල හරියන්නේ නැහැ (බ)
මේ නිල්පාට ඇඳන් අවු කන්නාඩියක් දමාගෙන පිරිස මෙහයවපු කාන්තාව මේ දරුවාට පහර දෙනවා එතන හිටපු බොහෝ අය දැක්කා. මොවුන්ගේ මේ මෙහයුම සැක කටයුතු බව තමා ගමේ අය කියන්නේ (බ)
පොලිස් නිලධාරියෙකුටත් මෙල්ල කරන්න බැරි මෙවන් ගැහැණු සැමියන් විසින් කෙසේ මෙල්ල කරම්ද? ගෙදර ඇති ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ. අනේ මැදිවියට ආපු ලංකාවේ ගැහැණුන්ට ගිය කලක් (බ)
අපි දන්නා විදියට ඔය අම්මණ්ඩි සෑහෙන කාලයක් ඔය ඉස්කෝලේ හිටිය .එයාගේ පෞද්ගලික දේපලක්ද සවුත්ලන්ඩ් එක, පාසලේ නමට කැළලක් වෙන එකයි කොහොම හරි වුනේ. (බ)
ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලනවා . වදුරන්ට දැලි පිහිය දුන්න වගේ (බ)
චන්ඩි ඇන්ටි නිදහස් කරන්න එපා (බ)
වහාම සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුය (බ)
මෙතන ඉන්න ගෑණු බොහොමයක් ශාන්තිගේ ඉදුල් කන බත් බැලයෝ..බලන්න මෙතරම් ලොකු පාසලක් වෙලත් දෙමාපියන් 200ක් වත් ආවේ නැත්තේ මෙම විදුහල්පතිනිය ඉවත් කිරීමට අගමැතිතුමා ගත් තීරනය සනාථ කරන්නයි. (බ)
මට තේරෙන්නේ නැත්තේ ඇති රජයේ සේවකයන් අවුරුදු 5න් 5 ට හරි මාරු කරන්නේ අැයි කියල. එකම තැන ඉන්නවා කියල විශ්වාසයක් තියෙනෙවා නම් මිනිස්සු තම සේවා ස්ථානයට හොදට වැඩ කරන නේද? මොකද තමගේ වගක්කීම කෙලින්න තියෙන්න නිසා. හොයලා බලන එකම විදුහල්පති දිගටම ඉන්නකොට හොද දියුණුවක් තියෙන නේද කියල. දඩුවම් සදහා මාරු කරන එක වෙනම කාරණාවක්. (බ)
අධ්‍යාපන ඇමති තුමනි ගාල්ලේ පිලිලය ඉවත්කර දෙන්න. (බ)
මේ වගේ අම්මලත් ඉන්නවද (බ)
ගාල්ලේ පොලිසියත් ශාන්ති අල්ල තියෙන්නේ...පොලිස්පතිතුමනි මෙම ෂෝ දාන අමිමණ්ඩි අල්ලා කුඩුවට දමන්න. පාසල ගණිකා මඩමක් කර ඇති බව පැහැදිලිය.(බ)
වාරියපොළ අංක 2 (බ)
රාජ්‍ය සේවයේ නිලධාරින්ට මාරුවීම් ලැබීම සාමාන්‍ය දෙයක්. ඔය කියන විදුහල්පතිනිය හැමදාටම තියා ගන්න බෑ නේද? හදිසියේ වියෝවක් වුනොත් දේහයත් තියා ගන්න ඕන කියල කෑ ගහවිද මන්ද? මේවා කරන්නේ තමන්ගේ දරුවට විශේෂ වරප්‍රසාද ලබාගන්න පොඩි පිරිසක්..(බ)
කටු කන අය ටිකක් වගේනේ (බ)
මෙම පුවත කිසිදු විද්‍යුත් මාධ්‍යයක නොකියවු අතර ලංකාදීප එසැන පමනක් අභීතව ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. රාජ් කියුව වගේ පොලීසිය පමණක් නොව මාධ්‍යද ශාන්ති විසින් හසුරුවමින් සිටි. (බ)
ශාන්තිනී ඉන්නේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් එක්ක. ඒ මිනිහාගේ හයිය තමයි ඔය. මිනිහා තමා ශාන්තිගේ සැමියා ලෙස පෙනී ඉන්නේ. ඒකයි ඔය (බ)
විදුහල්පතිවරු දිගු කාලයක් එකම පාසලේ නොතැබිය යුතුය.(බ)
වහාම සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුය (බ)
මේ පුවත බලපු තරමට අදහස් ප්‍රකාශ කිරීමක් කරල නැති බවත් හිතුවොත් හොදයිනේ.(බ)
අනේ මෙහෙමත් මිනිස්සු ! (නි)
විදුහල්පතිවරුන් මාරුකිරීමේ ක්‍රමවේදයක් වහාම ඇතිකළ යුතුය. එක පාසැලක විදුහල්පතිවරයෙකුගේ උපරිම සේවා කාලය අවුරුදු පහකට සිමාකල යුතුය. කිසිම හේතුවක් නිසා කිසිම විදුහල්පතිවරයෙක් එකම පාසලේ අවුරුදු පහකට වඩා රඳවා ගත යුතු නැත . (ස)
ජනමාධ්‍ය වලින් මෙය පෙන්නුවේ නැත්තේ කාගේ බලතල වලින්ද ? (ස)
මැය ඔබ අඳුරනවානම් ඈ ගැන තොරතුරු ප්‍රසිද්ද කරන්න. (ස)
සාපරාධි බලහත්කාරය, අඩන්ටෙට්ටම, පිරිමි කිහිපයක් විසින් ලාබල දැරියකට අතවර කිරීම මානව සංයුක්ත වී ඇත, මේ නීති පොතේ තියෙන දෙයයි, මේ අය වහාම අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කල යුතුය. (ස)
අප්පෝ මේ බලවේගය දැක්කම ලංකාවේ කෙල්ලෙක්ව කසාද බඳින එකත් එපා වුනා. අර කන්නාඩි දාපු ගැනිගේ චරිතේ කවුරුත් දන්නවා. ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. මෙහෙම කරලා ඇප ගන්න පුළුවන් නිසා බොරුවට බන්ධනාගාරගතවෙලා ඇප අරගෙන මහා වීර චරිතයක් වෙලා එලියට එනවා. තුහ් නොදකින් ! මෙහෙමත් අම්මන්ඩිලා අර දරුවෙකුටත් පහර දුන්නා. මේ විදුහල්පතිනිය ආයේ පැත්ත පලාතට ගන්න නරකයි. (ස)
මේ රත්නපුරේ බට්ටිගේ නංගි නේ....(ස)
අනිත් මාධ්‍ය මෙච්චර බය මොකද මෙයාට? (ස)
අසහන චරිතයක් ඇති මෙම විදුහල්ප්‍තිනිය දරුවන් කෙසේ සුමගට යොමු කරයිද? ආදි ශිෂ්‍යාවන්ගේ හැසිරීමෙන්ම පෙනේ..... (ස)
නිල්පාට සාරියකින් සැරසී අවු කන්නාඩි පැළඳ මොරදෙන ඇය මෙම පාසලේ දරුවෙකුගේ මවු කෙනෙක්ද? එසේත් නැතිනම් ගුරුවරියක්ද? නැතිනම් කුලියට කහින වීදියෙන් අහුලාගත් කෙනෙක්ද?. තමන් වෙනුවෙන් ඉදිරිපත්ව අසික්කිත ලෙස හැසිරෙන ගැහැණු රොත්ත දෙස නිහඬව බලාසිටිමින් ඔවුන්ට සහයෝගය දෙන ඇය විශේෂයෙන්ම බාලිකා පාසලක විදුහල් පතිනියක් ද? ගරු ජනපතිතුමනි, අග්‍රාමාත්‍ය තුමනි, අධ්‍යාපන ඇමතිතුමනි මෙවන් අවස්ථාවාදීන් තවදුරටත් ගුරුවෘත්තියට කැපද? (ස)
පොලිසියට ගාල්ලෙ ලොකු මුදලාලිලාට යට වෙලා.මොකද ඔය සිද්ධියෙ පිටුපස දැවන්ත සන්ධානයක් තියෙනවා.ඔතන ඉන්න අය ගොඩ දෙනෙක්ගෙ ළමයින් ලබන වසරේ ඇතුළත් කිරිමට ඇත. එ් වෙනුවෙන් දැනටමත් බොහෝ මුදලක් ලබා දි ඇත.මෙය තවත් නාට්‍යයකි. දවසක් ඔතන බයිසිකල් එක කැඩිලා නැවතුන වෙලාවෙ පොලිසිය සද්දෙ දාගෙන අවා. අද අර ගෑනි ළමයට ගැහුව එකට මුකුත් නෑ. ඔය නාට්‍යයේ ප්‍රදාන අනුග්‍රහය දක්වන්නෙ පාසල බදු ගත් අය. ඔය ගැහැනිය අත්තඩංගුවට ගන්න. කෝ මානව හිමිකම්? (ස)
කුමන හේතුවකටවත් දැරියට පහරදීමට අයිතියක් නැත. (නි)
රෝහලේ ලෙඩ්ඩු ගැන බලන්නේ නැතුව කාන්ත විද්‍යාල වල නිලතල හොබවන්න යනවා. (ස)
දේශපාලනයෝ දරුවන්ගේ අධ්‍යාපනයයි අනාගතයයි උදුරාගෙන ඉවරයි (නි)
ප්‍රියා, ලංකාවේ වෙන්නේ කාලයක් ඉන්නකොට හොඳට වැඩ කරන එක නොවෙයි. අනියම් ආදායම් සඳහා විවිධ මාර්ග සාදා ගැනීම තමයි වෙන්නේ. (නි)
මේ වගේ පොඩි දෙයකට මහා පාරේ උද්ගෝෂණය කිරීම වැරදියි .. මෙහෙම උද්ගෝෂණ කරන්නේ අදාළ ආයතනය ඉස්සරහයි.. මේක නිකන් හරියට පාරට විරුද්ධව උද්ගෝෂණය කළා වගේ වැඩක් . (ස)
අයුතු ජන රාශිය යටතේ අත්අඩංගුවට ගන්න තිබුණේ පාර අවහිර කළාට (නි)
පොඩි කෙල්ලට පහරදෙන එක අම්මා කියන නමටත් කැළලක් (නි)
මට නම් ලැජ්ජයි මේ ගැහැණුන්ගේ හැසිරීම දැක්කහම (නි)
අහිංසක කෙල්ලෙකුට පහරදෙන තිරිසනුන්ට සුදුසු හිර ගෙදර පමණි (අ)
සියලු දෙනා අත්අඩංගුවට ගෙන හෙට උසාවියට දාන්න. (ර)
මුන් ගුරුවරුද? මොවුන්ගෙන් ඉගෙනගන්න දරුවන්ට දෙයියන්ගේම පිහිටයි. රට ගැන හොඳ අනාවැකියක් පෙනෙනවා. ලැජ්ජයි (බ)
දරුවන්ට හොදම දේ,කාන්තාව සුරකිනවා වගේ දේවල් කියා කියා ඉන්න සමාජේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් පාලකයෝ ආණ්ඩු මොනවාද කරලා තියෙන්නේ, ඒ වගේම මේ අරගල කරන කාන්තාවෝ ඒ අයට තියන ඊට ප්‍රශ්න වෙනුවෙන් පාරට බහිනවද එය එච්චර පටු විදියට හිතන්නේ ගුටි කන්නේ කාන්තාවක් ගහන්නේ කාන්තාවක් එ්ත් මුළු සමාජයක් එකතු වෙලා ඔය කාන්තාවන්ගේ අයිතින් උල්ලංගනය කරනවද කෝ ඒවාට එකතු වුනාද (බ)
ඔය පිලිලය ඉවත්කරපු එකට අගමැතිතුමාටත් අධ්‍යාපන ඇමති තුමටත් ගාල්ල ජනතාවගේ ප්‍රණාමය.(අ)
ඔය යම් වාසියකට වැඩකරන ගැහැණියක් වෙන්න ඇති. එයාට ළමයි නැතුව ඇති. නැත්නම් මෙහෙම කරයිද? (නි)
නිල සාරිය අන්දපු කෙනාට හරි විසේකාරියක් වගේ නේද . වැඩත් ඔය වගේම වෙන්නැති (ම)
ලංකාවේ බවලත් අයට මොකද මේ වෙලා තියෙන්නේ? මේ වගේ අයට අම්මෙක්, සහෝදරියක් , භාර්යාවක් කියලා ලැජ්ජා නැතිය කියන්න පුළුවන් කාටද? කෝ හැදියාව, කෝ ඉවසීම? කෝ සිංහලකම? බලාගෙන යනකොට කරන තරමක් හිංසන කරන්නේ මේ අක්කලා ටිකයි. නිතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතුයි. දැරියකට ගහන්න නිතිය අතට ගන්න මෙයාලට බැහැ.(අ)
විදුහල්පතිවරු මාරු කරන්න අවසර ගන්න ඕනේ අම්මලාගෙන් සහ ගුරුවැරුන්ගෙන්ද? අමුතුම රටක් මේක. අමුතුම නිති තියෙන්නේ.(අ)
ප්‍රියා, එතකොට දුෂ්කර පල්ත්වල සේවය කරනේ ඔයාද. (ර)
දැකපු ගමන් කියන්න පුළුවන් මෙයා හොඳ කටර් එකක් කියලා.(හේ)
පුබුදු ප්‍රසන්න, මම එකඟයි. (ර)
එකම තැන පල්වෙන්නෝ ජරාවට නැඹුරුවීම අරුමයක් නොවේ රාජ්‍ය නිලධාරීන් එකම තැන් පල්වීමේ ක්‍රමයට තිත තබන්න එය යහපාලනයට ඉමහත් රුකුලක් වේවි. (ර)
මේ වගේ අය පොලිසියට අඬාගෙන ඇවිත් “ අනේ මට මගේ සැමියා ගැහුවා“ කිව්වම සැමියාව අල්ලා කුඩු කරන එක හරිද යන්න නැවත සිතා බැලිය යුතු කාලය එළඹ ඇත. දැන් දැන් පිරිමින්ට වඩා ප්‍රචන්ඩව හැසිරෙන්නේ ගැහැනිය බවයි මාගේ හැඟිම. නමුත් පොලිසියකට උසාවියකට ගියාම දහයට ගනින්න බැහැ වගේ ගැහැනුකම්න් ප්‍රයා්ජන ගන්නවා. (ස)
බලවත් අසාධාරණයකට ලක්වූ මේ දියණියට පහරදෙන ගැහැණුන් කරන්නේ විදුහල තම දියණියන්ට ආරක්ෂා කරදීම නොව දුෂිතයින් ආරක්ෂා කිරීම පමණි. (නි)
දැන් බොහෝ ගැහැනුත් සමහර පිරිමි වගේම රුදුරුයි..! කොහොමටත් අවුරුදු 10 කට වඩා එක තැන ගල් වෙන ඔය නාගරික,ප්‍රාදේශීය බහුතර ලොකු ලොක්කන්ගේ (දේශපාලන,නඩුකාරයෝ,වෛද්‍ය,ප්‍රා ලේකම් ,පොලිස් ලොක්කෝ ,ඉහල නිලධාරී,බලධාරීන්) ගේ නෑයෝ වන ගුරුවරුන්,විදුහල්පතීන් ඇතුළු හැමෝම මාරු කල යුතුමයි ...! කාගෙන් වත් අවසර ගත යුතු නැහැ. ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් හැදුවම...! (ස)
දකුණු ලකේ අග නගරේ නියම රිලා නැටුම්. (ස)
මොකද කට්ටියට වෙලා තියෙන්නේ පිස්සුවත්ද?(හේ)
ඉස්සර මන්ත්‍රීලා පොලිසියට තග දාල සැකකරුවන් බේරාගෙන ගියේ, දැන් පාරේ යන ගැහැණුත් එ්ක කරනවද? (ස)
විදුහල්පති කෙනෙක් එක පාසලක වසර පහක් සේවය කරපුහම හොදටම ඇති. නිල්පාට සාරිය කවුද? (ස)
අනිවාර්යයෙන්ම විදුහල්පතිවරුන් අවුරුදු 5කට වරක් මාරු කල යුතුමයි. මහනුවර ධර්මරාජයේ විදුහල්පති අවුරුදු 17ක් එතන. විදුහල එකම තැන, එතුමා නම් හොඳට දියුණු වී ඇත. (ස)
මේ වගේ රට කාල වතුර බීපු කපටි කෛරාටික වෙට්ට පිත්තල අම්මණ්ඩිල ගැහැනුන් ජාතියටම අපහාසයක්. මේ අම්මණ්ඩිලා මේ තත්වයට සත්තු වගේ හැසිරෙනකොට මෙයාලගේ සැමියෝ රෙදි ඇදගෙන පාරේ යන්නේ කොහොමද දන්නේ නෑ. අර අම්බරුවෝ 50-100 ඉස්සරහ හරියට මෙයා හැසිරෙන්නේ මහා රජකම ලැබුන වගේ. හොද මානසික රෝග පිළිබද වෙද මහත්තයෙක් ළගට ගෙනිහින් හිසකුඩිච්චියක් දාගන්න වෙනවා. එ්ක වැඩ නොකරොත් පශු වෛද්‍ය වරයෙකුට පෙන්නන්න වෙනවා. (බ)
මෙන්න හෙලකුල කාන්තාවෝ ටික පාසැලක ප්‍රශ්නයක් දරුවන් ඉදිරියේ විසඳන්න හදන හැටි. මෙයාලා ගෙදර ප්‍රශ්න ස්වාමියත් එක්ක කොහොම විසඳාගන්නවා ඇද්ද කියලා හිතාගන්න පුළුවන්. (ස)
කොසොල් රජුගේ සිහින සැබෑ වන ලකුණු දැන් දැන් හොදින් පෙනේ. (ම)
දැරියට පහරදුන් අය වහා අත්අඩංගුවට ගනු! (නි)
අනේ ඔයගොල්ලන්ගෙ මැඩම් ඔයගොල්ලො ගන්න. හැබැයි අපිට නම් එපා. පාසැල් දරුවන්ට නම් එපා. (නි)
නිල්පාට සාරිය වගේ බවලත්තු නිසා තමයි අද වෙනකොට ලංකාවේ උසාවි වල නඩත්තු හා දික්කසාද නඩු ගොඩගැහිලා තියෙන්නේ. මෙයාට දරුවන් ඇත්නම් දරුවන්ට දෙවිපිහිටයි. (නි)
තමන්ගේ තනි මතයට වැඩ කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණ පවා අභියෝගයට ලක්කරමින් සිටි මෙම විදුහල්පති පිළිල ඉවත්කර දුන් නිලධාරීන්ට අවංක ස්තුතිය. (නි)
අනිවාර්යයෙන්ම විදුහල්පතිවරුන් අවුරුදු 5කට වරක් මාරු කළයුතුමයි. (නි)
මේවගේ අම්මලාට මොනවා කියන්නද මන්දා? (නි)