වතුගෙදර, පැටිවත්තේ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගියේ යැයි කියන ගිනි අවි නිපදවීමේ කම්හලක් වැටලූ අම්බලන්ගොඩ පොලීසිය මිලි මීටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් ද, ජීව උණ්ඩ තුනක් සහ ගිනි අවි නිපදවීමට ගන්නා අමතරකොටස් කීපයක් සමග පිය පුතු දෙදෙනකු සැක පිට අද (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්යාංශයේ තොරතුරු මත 19 හැවිරිදි තරුණයකු අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරය සහ ජීව උණ්ඩ තුන හමුවූ බවත් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී සිය පියා විසින් මෙම ගිනි අවිය නිෂ්පාදනය කළ බවත් ඔහු පොලීසියට පවසා ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිපුර නිෂ්පාදනය නම් හොඳයි. හැබැයි ඉතින් කිදෙනේක්ගේ ජිවිත මෙලහටත් බිලි අරන් ඇත්ද දන්නේ නැහැ නේද මේ නිෂ්පාදන තුලින් (නදී)
මන් දන්නා තරමට තව මේ වගේ දක්ෂ අය ඉන්නවා කහව, තෙල්වත්ත, බටපොල, බද්දේගම වගේ නගර වලත්. ඒ අය එකතු කරගෙන ඔවුන්ට හොඳ අාදායමක් එන විදියට මේක දියුණු කරන්න පටන් ගත්තා නම් හරි. (නදී)
මෙන්න ලංකාවේ නම බබළවන්නන්! (නි)
කොහොමටවත් මේ වගේ නිෂ්පාදන අනුමත කරන්න බැහැ.නමුත් දක්ෂතාවයට තැනක් දෙන්න ඕනෑ. පොලිසියට ඕනෑ ආයුධ ටිකවත් ලංකාවේ හදමුද? (නි)
ද සිල්වා, මෙයාලා කම්මල් බාස්ලා වෙන්න පුළුවන්. නමුත් හැකියාව වටිනවා. අපේ රටේ උගත් ඉංජිනේරුවෝ නම් ගොඩක් ඉන්නවා. නමුත් දැන් රටට කම්මල් බාස්ලාගේ ලොකු අඩුවක් තියෙනවා. මතක තියාගන්න, උගත්කම සහ හැකියාව අතර ලොකු වෙනසක් තියනවා.(හැකිනම් සොයා බලන්න කම්මල් බාස්ලා කීදෙනෙක් ඉන්නවද කියලා) මෙයාලට විධිමත් අධ්‍යාපනයක් දෙන්න පුළුවන් නම් රටට ලොකු සේවයක් ගන්න පුළුවන් (නි)
"බී ශ්‍රී ලන්කන් බයි ශ්‍රී ලන්කන්" (නි)
මේ සිංහල බෞද්ධ රටේ ආයුධ කම්හල් පටන් ගන්න කියලද ඔයාල කියන්නේ? (නදී)
තුවක්කුවක් හදනවා කියන්නේ බටයක් අරගෙන ලී කෑල්ලක් සවිකරන එක නෙමෙයි. ඊටත් ගොඩාක් එහාට ගිය එකක්. (නි)
සමහරුන්ගේ ප්‍රතිචාර වලට හිනා නොවී බැහැ. මෙම බාස් උන්නැහේලා දක්ෂයි, නමුත් ඒ අනුකරණය කිරීමට. මේගොල්ලෝ අලුත් යමක් නිර්මාණය කරන්නේ නැහැ. තිබෙන දෙයක් බලාගෙන හදනවා විතරයි. මොනවාහරි කරලා හැදුවා කියමුකෝ, නමුත් මෙහෙම ගිනි අවිවල තත්ත්ව පරීක්ෂා කරන්නේ කවුද? පොලිසිය මේ ගිනිඅවි පරිහරණය කරලා අනපේක්ෂිත විදිහට ක්‍රියාත්මක වෙලා අහිංසක දරුවෙකුගේ ජීවිතය නැතිවුණොත් වගකියන්නේ කවුද? (නි)
ඡයා ඔයා මොනවා කියනවද? ලංකාව හැදුවොත් කොහොමද රට දියුනු කරන්නේ. රට දියුණු කරන්න නම් සිරිමාවෝ වගේ කෙනෙක් ඔන වෙනවා (නදී)
මෙයාලව යම් කොන්දේසි යටතේ හමුදාවට අරගෙන තියෙන අවි වැඩි දියුණු කිරීමට වැඩ පිළිවෙලක් යොදන්න පුළුවන් නම් කොච්චර හොඳද ? අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගන්න අපේ ඉංජිනේරුවන්ව යොදා ගන්න පුළුවන්නේ (නදී)
අවි ගත්තෝ අවියෙන් නැසේ (ම)
මෙයාල කුඩු කරන්න එපා. හොද සහයෝගයක් දීල දියුණු කරලා ගමු. අපි අැමරිකාවට විකුනමු ආයුද (බ)
තවත් දේශීය නිෂ්පාදනයක්. හැමවිටම ගන්න අපේම බඩු. (නි)
කමල් නිකන් පිස්සු කතා කියන්න එපා අනේ හැම වෙලේම. (නදී)
ජොනි, ගල්කටස් එකක හැදුවා කියලා මෙයාලා මහා ලොකු ඉංජිනේරුවෝ නෙමෙයි. ඕනෑ දක්ෂ කම්මල් බාස් කෙනෙකුට පුළුවන් ගල්කටස් එකක් හදන්න.ලංකාවේ ආණ්ඩුවට තුවක්කු සහ පිස්තෝල නිෂ්පාදනය කරන්න අවශ්‍ය නම් ඕනෑතරම් පහසුකම් සහ දැනුම ඇති අය ඉන්නවා. ප්‍රශ්නය තිබෙන්නේ අපි ඒ වගේ දෙයක් ලංකාවේ පටන් ගත්තොත් කොතනින් නතරවේද කියන එකයි. (නි)
කරුණාකරලා මේ මිනිස්සුන්ට දැඩි කොන්දේසි යටතේ මේ කර්මාන්තය දියුණු කරගන්න උදව් කරන්න. මේවා ලංකාවේ සුපිරි මොළ. (නදී)
මෙතන ලොකුවට කොමන්ට්ස් දාන සමහරුන්ට හෝල්ඩර් එකකට වයර් කැලි දෙකක් අමුණලා බල්බ් එකක් පත්තු කරගන්න බැහැ. හදපු එකේ කොලිටිය බලන්න නම් පුළුවන්. ලංකාවේ දෙයක් අගේ කරන්න පුරුදුවෙන්න. එකපාරටම 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. බල්බ් එක හදපු කෙනත් 999ක් හදල තමා අන්තිම පාර සාර්ථක උනේ. ඒ බල්බ් එක දැන් කොච්චර දුර ගිහින්ද. ඒවගේ තමා මේකත්. (නදී)
ජොනි කියන කතාවෙත් ගතයුත්තක් තිබෙනවා මහතුනේ.ටිකක් හිතලා බලමුද? ඇමරිකාවට කොහොම වෙතත් අපේ රටේ ආරක්ෂක අංශ වලට උවමනා ගිනි අවි ටිකවත් අපිම හදාගත්තොත් මොනතරම් ඉතුරුවක්ද? (නි)
ගයන් මේගොල්ල අලුත් දෙයක් නිෂ්පාදනය කරන්නේවත් , සමාජයට හොඳ දෙයක් නිෂ්පාදනය කරනේවත් නැත , මුදල් උපාය ගන්න එක මෙගොලන්න්ගේ ප්‍රධාන අභිප්‍රායාවේ. සමාජයට රටට හෙන ගැහුවත් මේ ගොල්ලන්ට කමක් නැත, (ම)