
(ඩයනා උදයංගනී)
කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16 හැවිරිදි දරුවාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කෙරිණි.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත් වීමෙන් දිලීප් හේරත් හා වෛද්‍ය ප්‍රසන්න රත්නායක මහත්වරුන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම මුදල් පරිත්‍යාගය සිදුකර තිබේ.
ලෙනින් නිරෝෂන් දරුවා වෙත එම මුදල ලබාදීම රාජ්‍ය අමාත්‍යවරයා අතින් එම අමාත්‍ය කාර්යාලයේ දී අද (28) සිදුකෙරිණි.
මෙම දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙනෙත් පාදා දීමට අවශ්‍ය සියලු කටයුතු සඳහා තමන් මැදිගහත් වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසීය.
එමෙන්ම දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින මෙම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවේ හැටියට බෙහෙත් කර ගැනීමට මෙම මුදල වටිනවා. ඒ කෙසේ වෙතත් අන්තර්ජාල පහසුකම් තිබෙන අය තමන්ට ලැබෙන බෙහෙත්වල නම් කියවා බලාගන්න. වරක් මම එසේ බලද්දී ගැස්ට්‍රයිටීස්වලට බොන බෙහෙත් ලැබී තිබුණා. මම දොස්තරට කෝල් කරලා ඇහුවා ඇයි මේ ගැස්ට්‍රයිටීස් වලට දෙන බෙහෙත් දුන්නේ කියලා. දොස්තර මට කිව්වා මට දීලා තිබුණු අනිත් බෙහෙත්වලින් ගැස්ට්‍රයිටීස් එන්න පුළුවන් නිසා දුන්නා කියලා.
වෙන රටවල මේවගේ දේවල් වුණාම, කෝටි ගාණක වන්දි ගෙවන්න වෙනවා. නමුත් මේ රටේ ඉන්න අය ලක්ෂයක් දීලා තමන්ගේ නිරුවත වහගන්න යනවා. මේ ඇමතියා කරන්න ඕනෙ සල්ලි දීලා මේ ළමයාගේ කටවහන එක නෙමෙයි. මේ වගේ දෙයක් වුනේ කොහොමද කියලා හොයලා බලලා නැවත ඒවගේ දෙයක් නොවෙන්න සිස්ටම් එක හදන එක... ඒ වගේම ඒ වැඩේ කරපු නොසන්ඩාලයාට නීතියෙන් දඬුවම් දෙන එක. අහිංසකයින්ට පගාව දීලා හැමදෙයක්ම යටගහන තුප්පහියන් ඉන්න රටක්...
එතකොට වැරැද්ද කරපු කෙනාට දඬුවමක් නැද්ද?
මේ ඇමතිට සුදුහුණු තවරනවා ලෙස නොසිතන්න. කට වැසීමට අවශ්‍යම නම් සල්ලි නොදීම එය කළහැකි නොවේද? මන්ද ඔබ අප සියල්ලන්ම සිටින්නේ එවන් දූෂිත අවලං සමාජයක බැවිනි. කෙසේ වෙතත් "මෙම වැරැද්ද කළ කෙනාට නම් "උපරිම දඬුවම් ලබාදීම කළ යුතුයි යන්න අපද තරයේ විශ්වාස කරන්නෙමු.
ලක්ෂයක්? ලක්ෂයක් කියන්නේ කොච්චර පොඩි මුදලක්ද? අඩු ගානේ බෙහෙත් ටිකවත් ගන්න මේ මුදල ප්‍රමාණවත්ද? මේ දරුවා ඉගෙන ගන්න දරුවෙක්. ඔහුගේ මුළු අනාගතයම අඳුරු වුනා මේ වැඩෙන්. වියත්මඟ කට්ටියට මීට වඩා කල්පනා කිරීමේ ශක්තියක් තියෙන්න එපෑයැ... අඩු ගානේ කෝවිඩ් ඉවර වුණාම හරි මේ දරුවාව දේශපාලකයෝ බෙහෙත් ගන්න යන රටකට යවලා ඇස් පෙනීම හොඳ කරවන්න ජනාධිපති අරමුදලෙන් මුදල් ප්‍රමාණයක් දැන්මම වෙන්කරලා තියන්න බැරි අමාරුව මොකක්ද?
ලජ්ජා නැතිව කාර්යාලයටම ගෙන්වලා ලක්ෂයද දෙන්නේ? මේ ඇමතිගේ දවසේ වියදම කීයද දන්නේ නැහැ.
මේ මුදල් ලබාදුන්නනේ එම වරදට සම්බන්ධ වෛද්‍යවරුන් නොව මේ දැකීමෙන් කම්පාවට පත්වූ පත් වූ පරිත්යාගශීලීයෙකි. ඇමතිවරයා සිදු කළේ එම පරිත්‍යාගයට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමක් පමණි. මේ වන්දි මුදලක් ලබා දීමක් නොවේ.
මෙන්න වියත්මගේ වියතුන්ගේ වැඩ. දරුවගේ ජීවිතයම උදුරගත්තා නේද?
චම්පෝ, ජනාධිපති අරමුදල තියෙන්නේ දේශපාලුවන්ට සුවසේ හැදුණාම පිටරට ගිහින් ප්‍රතිකාර ගන්න වියදම් කරන්නයි. ඒකට අතතියන්න හොඳ නැහැ. ඔය කියන ළමයාට ගමේ ඉන්න ඇස් වෙද මහත්තයෙකුට බුලත් අතක පනම් 8ක් තියලා දීලා නියම සිංහල ප්‍රතිකාරයක් ගන්න පුළුවන් නේද? ජාතික සංවර්ධනය වෙනුවෙන් අපි කවුරුත් අනවශ්‍ය වියදම් කපාදාලා අරපිරිමැස්මෙන් කටයුතු කළ යුතුයි.
බමුණාට ගැස්ට්‍රයිටීස් බෙහෙත් නියම කළේ පශුවෛද්‍ය වරයෙක්ද?
ලංකාවේ ඉගෙන ගන්න දරුවෙකුගේ එක ඇහැක් තක්සේරු කරන්නේ 50000කටද?
ජීවිත කාලෙම අන්ධ වුණු ළමයෙකුට ලක්ෂයක් දුන්නාම හරියනවාද? කෝටි ගණන් මහජන මුදල් ගසාකන ගමන් ලක්ෂයක් දෙනවා මහලොකු වැඩක් වගේ... බයියන්ට නම් මේවා තොරණ් වගේ.
ඇමතිතුමා, වැරැද්ද කළවුන්ට දඬුවම් දෙන්න.
රුපියල් ලක්ෂයක්නේ දීලා තියෙන්නේ.. රු ලක්ෂයකට ගන්න පුලුවන් පොල් ගෙඩි 1000ක් වගේනේ.. ඇස් දෙකේ වටිනාකම එතකොට පොල් ගෙඩි 1000යි.
ලක්ෂයක් පොල් ගාන්නද? වැඩේ ඉවර වෙනකොට මේ මිනිස්සුන්ගේ ගේ දොර සින්නවෙලා ලක්ෂ 25ක් වත් යයි සුවය ලබනකොට...