අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් සුවය ලැබූ 650 දෙනකු රැගෙන යෑමට ඔවුන්ගේ නෑයන් ඉදිරිපත් නොවීම රෝහල් බලධරයන්ට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.
මේ පිරිසෙන් 486 දෙනෙක්ම කාන්තාවෝය.
ඇතැම් ලෙඩුන් බාර දෙද්දී ජාතික මානසික විද්‍යායතනයට දී ඇති ලිපිනයන් ද බොරු බව සොයා ගෙන ඇත.
සුව වූ පිරිස්වලින් විශේෂ හැකියා ඇති අය වෙනුවෙන් සුළු මට්ටමේ කර්මාන්ත අරඹා ඇතැයි ද, රෝහල ඉදිරිපිට ඔවුන් මේවා ස්වයං රැකියා ලෙස පවත්වාගෙන යන්නේයැයිද එහි අධ්‍යක්ෂ දොස්තර ජයාන් මෙන්ඩිස් කියයි.
ඒ සඳහා ස්වේච්ඡා සංවිධානවලින් සහායද ලැබෙයි.
2010 සහ 2011 දී ජාතික සෞඛ්‍ය සුව සම්මාන ලැබීමට ද රෝහලේ මෙම සුවිශේෂී වැඩපිළිවෙල හේතු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හැම එකටම බෞද්ධයින්ට බනින්නේ. (නදී)
මෙහෙම කරන අයට අනාගතයේදී මිනිස් ආත්මයක් නොලැබේවා කියන එකයි මගේ ප්‍රාර්ථනය. (නි)
ඔබට තෙරුවන් සරණයි (දී)
බෞද්ධයින් කළ යුතු දේවල්ද මේ? (නි)
බෞද්ධ රටේ මිනිසුන්ගේ සැබෑ මුහුණු මෙහෙම තමයි. (නි)
ජීවිතය කියන්නේ ඔන්න ඕකට තමයි (දී)
එයාලගේ නෑදෑයින්ට පිස්සු හැදිලද දන්නෙ නැහැනේ. (නි)
මේ අයට අයත් දේපල පිළිබදව නීති සේවාවක් ක්‍රියාත්මක කරන්න. භාරකරුවන් මොවුන් රැගෙන නොයන්නේ මොවුන්ට හිමි දේපල කොල්ලකෑමටදැයි සොයාබලා මොවුන්ට සාධාරණයක් කරන්න. (නි)
ඒ වුණාට ලංකාවේ බහුතරය බෞද්ධයෝනේ. (නි)
අපේ රටේ බහුතරයක් නමටයි බෞද්ධ(නු)