පිළියන්දල ධර්මශ්‍රාස්ශ්‍රෝධය පිරිවෙනේ පිරිසිදු කටයුතු සඳහා රැගෙන ආ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගෙන් එක් අයකු පැන ගොස් ඇතැයි පොලිස් හදිස් ඇමැතුම් ඒකකය කියය. මත්කුඩු ජාවාරමක් සම්බන්දයෙන් වැරදිකරු වී සිරගත වූ ඔහු වසර දහයක් සිර දඬුවම් විඳ ඇත. නිදහස් වී යෑමට ඉතිරිව ඇත්තේ තවත් දින දහයක බව බන්ධනාගාර ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දවස් 10 කින් ගෙදර යන්න හිටපු කෙනා මොන එහෙකටද හිරෙන් පනින්නේ? (නි)
සමහරවිට ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් (නි)
මහා ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් ..........
සිර ගතවී සිටි කාලයත්,ඉතිරි දින 10 ත් ,සැලකිල්ලට භාජනයකර පොදු සමාවක් දීම ගුණ ගරුකයි ! පන්සලේ වැඩකුත් කරපු නිසා.කුඩු කාරයෙක් නිසා නැවත ඒ වැඩේ පටන් ගනීද? සැකයකුත් මතු වෙනවා .මෝඩ කොල්ලෙක්!(අ)
ප්‍රකාශ කිරීමට ප්‍රථම පරීක්ෂා කර බලන්න.(අ) .
ගෙදර ගියොත් අඹුව නසී මග හිටියොත් තෝව නසී වගේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ.අල බහිනකන් ඉන්න පුළුවන් උනාට තැම්බෙන කම්නේ ඉන්න බැරි අපිට. (අ)
මෝඩ මිනිසෙක් (අ)
ඔහුට හිතෙන්න ඇති සිර ගෙදර හොඳයි කියලා
මුට තව අවුරුදු 10ක් ඉන්න හිතනවා ඇති.(අ)
එයාට වැසිකිලියට යන්න ඕන උනාද දන්නේ නෑ (අ)
සත්තකින්ම මෙයාට හිතෙන්න ඇති හිරගෙදර හොදයි කියලා තව දහයක් ඉන්න ඕන කියලා (අ)
ගිහින් එන්නම් මහත්තයෝ කියලා, කියලා යන්න ඇති (නි)
අවරුදු 10 කට පස්සේ එලියට ආවම තව දින 10යක් ඉන්න එකත් අවුරුදු 10යක් වගේ කියලා හිතාගෙන පනින්න ඇති. ඔන්න ඔහේ යන්න අරින්න තියෙන්නේ. (නි)
හිරගෙදර කුඩු ලාබයි. හුඟක් කුඩුකාරයෝ මොකක්හරි ලෙඩක් දාගෙන ඇතුලේ ඉන්නම තමය් ට්‍රයි එක. මිනිහා ඒකයි පැනලා යන්න ඇත්තේ. ආපහු කොටු වුනාම සෑහෙන කාලයක් ඇතුලේ ඉන්න පුළුවන්නේ. අපරාදේ සෑහෙන දුකෙන් පහුගිය කාලේ ඉන්න ඇත්තේ නිදහස් වෙන හින්දා. (නි)
මෝඩකමට බෙහෙත් නැහැ කියන්නේ මේ වගේ වැඩ වලට (නි)
ජෝන්, ගමගේ, පුබුදු එක්ක මාත් එකඟයි. වියහැකිම හේතුව ඒක වගෙයි පේන්නේ. (නි)