රොමේෂ් මධුෂංඛ
2016 සිට 2018 වසරේ මේ දක්වා කාලය තුලදී කිලිනොච්චියේ මුලතිව් දිස්ත්‍රීක්කයන්හී යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන ලද විවිධ වර්ගයේ බෝම්බ ඇතුළු විවිධ වර්ගයේ මර උගුල් 5442 ක් සොයාගෙන ඇති බව බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ නිරත ආරක්ෂක අංශ හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පෙන්වා දෙයි.
මෙහිදී ගතවූ වසර දෙකහමාර ඇතුළත කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි වර්ග මීටර් 532,391 ක භූමි ප්‍රමාණයක සිදු කරන ලද කැණීම් වලදී අදාළ බෝම්බ හා මර උගුල් ප්‍රමාණය හමු වී ඇති අතර හමු වූ බෝම්බ අතර කොටි මෝටාර් උණ්ඩ, ආර්.පී.ජී, ජොනි බට්ටන්, කාලතුවක්කු උණ්ඩ හා විවිධ වර්ගයේ මර උගුල් මේ අතර වෙයි.
කෙසේ වෙතත් බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින ආරක්ෂක අංශ හා රාජ්‍ය නොවන සංවිධන විසින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 2025 වන විට අවසන් වී බිම් බෝම්බ වලින් තොර ශ්‍රීලංකාවක් වනු ඇති බවටයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පශ්චාත් යුධ සමයේදී වළදාපුවා වෙන්න බැරිද .?නැත්නම් ඉතින් යුද්දෙ ඉවර වෙලා අවුරුදු 7-8ක් ගියාට පස්සෙ මේවා හම්බ උනේ යුද්දෙ 2015 ට කලින් මෙහෙම හම්බ උනේ නෑ නේද ..?
මේ ක්‍රියා වලින් එදත් දුක් වින්දේ අදත් දුක් විඳින්නේ මේ ප්‍රදේශ වල ජීවත්වන අසරණ දෙමළ ජනතාවයි.
අර කොටි ඕනේ කියන ඇමති නෝනට ඕක පෙන්නන්න. ඒ කාලේ කරපුවා.
මෙච්චර සේවයක් කරන හමුදාවට තමයි උතුරෙන් අයින්වෙන්න කියන්නේ. මේවා කොටි වලලපු ඒවා. ඒවා දාලා තියෙන්නේ කුඹුරු වල. එතකොට සාමාන්‍ය ජනතාව කොහොමද ඒ කාලේ ජීවත් වුනේ. කුඹුරක්වත් වවාගන්න බැරිව. දැන් ඒවා අමතකවෙලා විජේකලාට, උතුරේ සමහර අයට, නැවත ඕනේ ඒ යුගයට යන්නද? කිසිම කලගුණක් දන්නේ නැති ජාතියක් උතුරේ ඉන්නේ. මෙච්චර සේවය කරන්නේ හමුදාව ඔවුන් වෙනුවෙන්. මුළු ලංකාවේම ජාතිය වෙනුවෙන්. මේ ඉඩම් නිදහස් කරලා දෙන්නේ ඒ ජනතාවට ජීවත් වෙන්න. අවදානම ගන්නෙත් හමුදාව. එත් …