තර්ජනවලට තමා බිය නොවන බවත්, ගැත්තන්නට බය නොවන බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සහ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දෙන්නේ ලකුණු ක්‍රමයක් මතයි. එම ලකුණු ක්‍රමය කාටවත් වෙනස් කරන්න බෑ. නව පත්වීම් ලබා දෙන රෝහල් තීරණය කළ යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොවෙයි. රෝහල්වල සියලු දත්ත තිබෙන එකම තැන සෞඛ්‍ය අමාත්‍යංශය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නොවෙයි. එක එක මාෆියා කණ්ඩායම්වල වැඩ වලට මම බය නෑ. වෘත්තීය සමිති කාර්යංශයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ විවෘත කර තිබෙනවා.
වැඩ වර්ජන සිදු කර අහිංසක රෝගීන් බිලී බාන්න කටයුතු නොකළ යුතුයි. දුප්පත් මිනිහට නැති සෞඛ්‍ය සේවාවක් අපට අවශ්‍ය නෑ. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි ප්‍රශ්නයත් මහින්දගේ රෙජිමේයට දාන්නම තමයි බලන්නේ . (ම)
ගැත්තන්ට ගැත්තන් බය නැහැ (ම)
ලංකාවේ දොස්තරලගෙන් පොඩි ලෙඩකට බේත් ගත්තට කවදාවත් ලෙඩක් එක පාරකින් හොදවෙන් නෑ දැන් ගේමට පුරුදු වෙලා ඉන්නේ (බ)
වර්ජනය කරන දොස්තරලා අයින් කරලා ඒ වෙනුවට සයිටම් දොස්තරලා දාන්න ඇමතිතුමා. (ම)
මේ ආපහු රට කන්න හදන ඇමතිකෙනෙක්. (අ)
මෙයාල රට හදන එක කෙසේවෙතත් රට කන බවනම් පේනවා. මෙයාව මෙතැනින් අයින් කරගත්තේ නැත්නම් රටේ සෞඛ්‍ය ඉවරයි (බ)
දොස්තරලා ලංකාවේ රෝගීන් සූරාකන බව කව්රුත් දන්නවා . දොස්තරලගේ තීරණයට පුද්ගලික රෝහල්වලට රෝගීන් ඇතුලත් කළාට පස්සේ නැවත දොස්තර හමුවෙන්න නැවත චැනල් ගාස්තුව ගෙවා යන්න ඕන . මේක තමා ඇත්ත . මට්ටු කරන්න ඕන .(අ)
ඇමතිතුමා, ඇමතිතුමා.....පොඩි ප්‍රශ්නයක් තියෙනවා.......පරණ ලොක්කව මට්ටු කළේ නිකන් ද ? සල්ලි අරගෙනද? (බ)
දුප්පත් මිනිහට නැති සෞඛ්‍ය සේවාවක් අපට අවශ්‍ය නැහැ කිව්වාට ඔබතුමාට අසනීප වුණහම විශේශ ගුවන් ගිලන් රථයකින් සිංගප්පූරුවේ සුපිරි පෞද්ගලික රෝහලකට ගොස් සති ගණන් එහි නතර වී ප්‍රතිකාර ගන්න වැයකල මුදලින් අපේ රටේ රජයේ හෝ පෞද්ගලික රෝහල් වල දුප්පත් මිනිසුන් කීදෙනෙකුට ශල්‍යකර්ම සිදුකොට ජීවිත බේරාගැනීමේ හැකියාව තිබුණාද ? (ම)
මේ වර්ජනේ නවත්වන්න. නැත්නම් දුක්විදින්නේ අසරණ ජනතාව. (ර)
අපි නම් බයයි. මොකද සිංගප්පුරු යන්නද බෙහෙත් ගන්න. (ම)
බොහොම හොඳයි . මෙයාලට ඕන ඕන විදියට රටේ සෞඛ්‍ය සේවාවේ වෙනස්කම් කරන්න දෙන්න බැහැ. (ම)