එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා-ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිලාභියකු වන බැවින් එම ධුරයේ කටයුතු කිරිම නීති විරෝධී බවත් එහෙයින් ඇය ධූරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ඡන්දදායකයන් පස්දෙනකු ගොනු කළ පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට ඔක්තෝබර් 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද(28)නොතීසි නිකුත් කෙළේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා සමන්මලි කුමාරසිංහ, ආගමන විගමන පාලක ජනරාල්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසට මෙදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කළේය.
අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි .
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ හැකි ප්‍රතිපාදන ලබා දී නොමැති බවය. එසේම වගඋත්තරකාර ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියම තමන් ද්විත්ව පුරවැසිලාභියෙක් බවට ඉකුත් වසරේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිතාට වලංගු ද්විත්ව පුරවැසි භාවය පාර්ලිමේන්තුවට පත්වන අවස්ථාවේ තිබුන නම් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කම ඉබේම අහෝසි වනවා (බ)
පිවිතුරු යහපාල කාටද මේ කඩේ යන්නේ මල්ලකුත් කරේ තියාගෙන?
පිවිතුරු යහපාල උන්නැහේ, අපිත් කියන්නේ එහෙම කරන්න කියලා තමා. ඇයි ඉතින් කරන්නේ නැත්තේ ? (නි)
ගීතාට සාධාරණය ඉටුවේවා! (නි)
පිවිතුරු යහපාල මොකටද මෙච්චර දඟලන්නේ? (නි)
පිවිතුරු යහපාල, ඔයත් සාක්කි දෙන්න යනවද? (නි)
පිවිතුරු යහපාලද දැන් මෙතුමියගේ පුද්ගලික මාධ්‍ය ප්‍රකාශක? (නි)
ගීතාගේ ගෙදර උදවියටත් වැඩිය මේ ගැන කලබල වුණ උදවිය ඉන්න බව පෙනෙනවා. (නි)
කාන්තාවෝ මැතිසබයට යනවා අඩුයි කියල කෑමොර දෙනවා . ඉඳල හිටලා එක්කෙනෙක් ගියාම එයටත් අංචි අදිනවා . (ම)
බන්දුල පෙරේරා නොහොත්(අ) පිවිතුරු (නො) යහපාල කොහොමත් කඩේ යන්න දක්ෂයි (බ)
කලබල වෙන්න ඕනි නෑ. උසාවියට ගිහින් ලියකියවිලි සේරම ඉදිරිපත් කලානම් හරිනේ!(ම)
නුතන සමාජය සත්‍යය බැහැර කර සැම දෙයක්ම වසන් කරනවා. ඔබත් එහෙමද නෝනේ. (අ)
මැතිවරණයට දිනකට හරි කලින් විදේශීය පුරවැසිභාවය ඉවත් කරන්න කියල ඉල්ලුම් පත්‍රයක් එම රටේ තානාපති කාර්යාලයට දුන්නනම් ගිතට ප්‍රශ්නයක් නැත , මන්ත්‍රීකම නැති වුනොත් කරන්න තිබෙන එකම දෙය ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් . ලැයිස්තුවෙන් ගිය ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්ට වැඩිය ගිතාට අවස්ථාවක් දෙන එක ජනතා මතයට හිස නැමීමකි (බ)
ගීතා කියනවනේ එයා ඒක අහෝසි කරගත්ත කියල. ඇයි මේ අයට ඒක පිළිගන්න බැරි. වැඩිය අවොත් ගීතා අක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියල. එයාගේ පිටරට පුරවැසි සහතිකයේ අන්කෙයි , ඊට පස්සේ අහෝසි කරගත්ත ලියකියවිලි සේරම ඉදිරිපත් කරාවි. ඒවා ඒ රටේ එම්බසියෙන් සහතික කරගෙන පෙන්නාවි. එතකොට මොකද කියන්නේ ?(අ)
ජාතික ගැටලුවට දෙවැනි වන ගැටලුව (ම)
වැඩ නැතුවට වැඩ (බ)