( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය අද (03) තීන්දු කළේය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මේ බව තීන්දු කළේය.
ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී නීතිපතිගේ ස්ථාවරය පිළිබඳව කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන අවස්ථාව වන විට ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා සිටි බවත් ,එසේ තිබියදී මන්ත්‍රීවරියක ලෙස පත්වීම හෝ එම තනතුරේ කටයුතු කිරීම සුදුසු නොවන බවය.
ඒ අනුව ඇය මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හිමිකම් වලට යටත් නොවන බවත් ,ද්විත්ව පුරවැසිභාවය ලබා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) වගන්තියට පටහැනි බවද දන්වා සිටියේය.
තවද වගඋත්තරකාරිය ස්විස් පුරවැසිබාවයෙන් ඉවත් වී ඇති බවට ප්‍රකාශ කළද , ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ ඒ බව තහවුරු කිරීම සඳහා සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් ව ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.
අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන විගමන පාලකවරයා වගඋත්තරකාර මන්ත්‍රීවරියට දැනුම් දී ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ඇය දක්වා නැති අතර මෙලෙස වෙනත් රටක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම නීතීවිරෝධී සහ මැතිවරණ පනතට පවා පටහැනි බව හෙතෙම අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
COMMENTS
නිකම්ම ඉවත් කරලා මදි දඩුවමක් දෙන්න ඕන,,!!!
දැනට ඇමතිකම් දරන එක්කෙනාටත් ඔය නීතිය ඒ ආකාරයෙන්ම බලපායිද? අනික රටේ ආර්ථික මර්මස්ථානයක උඩින්ම හිටපු එක්කෙනාට ද්විත්ව පුරවැසි භාවයවත් තිබ්බේ නැති එක එම තනතුර දැරීමට සුදුසු නොවෙයි කියලත් කව්රුහරි කියාවිද?
එතකොට අර ඇමරිකාවෙන් අයියා දින්නම මෙහාට පැනපු පැරදුනාම ආපහු දුවපු දෙන්නට මොනාද වෙන්නේ.
මමත් ලබන පර චන්දය ඉල්ලන හිටියේ.මම ඔස්ර්ටලියාවේ සහ ශ්‍රිලංකාවේ ද්විත්ව පුරවැසි බාවය හිමි අයෙක්මි.කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ලංකාවේ පුරවැසිබාවයට හිමිකම් කියන සහතිකය නිකම්ම නිකන් බල කඩදාසියෙන් යුතු කොලයක් පමණයි.ඇත්ත වශයයෙන්ම එය මෙහිදේ ඉදිරි පත්කලොත් එය පිළිගැනීමකට ලක් වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා එය ඒ තරම්ම බාල කඩදාසියකින් යුක්ත වීම..මොකද මට එය නිකන් ලැබුණු දෙයක් නොවේ.මම ලක්ෂ 2 ක් දීලයි එයට අයදුම්පත් යොමුකළේ.
මෙච්චරකල් මෙයා ගෙ මන්ත්‍රීධූරය නඩත්තු කරන්න කරපු වියදම ආපහු අයකරගන්න ඕනෙ නේද....? නාමයෝජනා දෙනවිටම වංචාවක් කරල තියනව.
අදම එයා ශ්‍රේෂ්ටාධිකර්ණයට ඇපීල් කරනවා. එතකොට එකේ තීන්දුව එනකම් මන්ත්‍රීකම නැති කරන්න බැහැ.
එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිකමට ලංකාවේ පුරවැසි භාවය ඕනේ නැද්ද?
මෙය හොඳම අවස්ථාවක් උගත් වෘත්තිය සුදුසුකම් ඇති ස්ත්‍රීයක් පාර්ලිමේන්තුවට යවන්න. දැනට පාර්ලිමේන්තුවේ තියන අට පාස් නැති අයවලුන්ගේ ගණන අඩුකිරීම සහ ස්ත්‍රීන් ගණන වැඩි කිරීමේ අවස්ථාවක්.
පිටිගල මිලානෝ, ඔබ කියන දෙන්නා ආර්ථිකය, සංවර්ධනය කරගත්ත නිසා කොහේ හිටියත් එකයි. බලමුකෝ රටට ආදරේ නම් ඔයගොල්ලෝ විදෙස් පුරවැසිකම අයින් කරගනියිද කියලා.
තව නැද්ද? ගෙදර යවන්න... ජාතිකත්වය, රටට ජීවිතය දෙනවා කියන මේ අය මොකටද වෙන රටක පුරවැසිකම ගන්නේ? තව ඉන්නවා බොරුවට කෑ ගහන මේ වගේ අය. ඒ ඔක්කොම ඒ රටවලටම යවන්න ඕන....
මමත් ද්විත්ව පුරවැසි භාවය නොමැති නිසා මාගේ ශ්‍රී ලංකා වීසා අවසන් වී දවස් කීපයක්... ලංකාවේ සිටියට මට විගමන දඩ ගෙවීමට සිදුවිය. එහෙමනම් මේ තැනැත්තියට මොකද දෙන දඬුවම? රුපියල් කෝටි ගණනක් රජයෙන් පහසුකම් ලබාගෙන කිසිම දඬුවමක් නැතිව උසාවිය ගෙදර යවනවද? මේ දැනුත් මා ශ්‍රී ලංකාවේ සිටින්නේ වීසා ගාස්තු ගෙවලයි. මේකද යහපාලනයේ ස්ථාවරය? මෙතුමියට ලංකාවේ වරප්‍රසාද ලැබුනේ පසුගිය රජයෙන් නම් මේ රජය නිසි පියවරක් ගන්නවාද බලමු.
අසුනකට මෙයා සුදුසු නැති බව අපි කල් ඇතුවම දැන සිටියෙමු. සුදුසුකම් ඇත්තේ උච්චාසයන මහාසයන වලට පමණක් විය යුතු යයි සිතේ!
නාම යෝජනා බාර දෙනකොට විදේශ පුරවැසිකම දැරුවා නම් මන්ත්‍රීකම එතැනින්ම අහෝසියි. මෙතුමිය මන්ත්‍රී ධුරය දරපු කාලය තුල ලබාගත් සියලුම දීමනා, තීරුබදු රහිත වාහන, වැනි දේවල් නැවත රජයට අයකරගත යුතුය. රජයේ දේපළ අවභාවිතය සහ හොර පාස්පෝර්ට් සෑදීමට සැක පිට විමල් මාස කිහිපයක් රිමාන්ඩ් කරලා හිටියා. හරි නම් ගීතා අත්අඩංගුවට අරන් පරීක්ෂණ කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වීමල්ටත්, ගීතාටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතුය.
වරප්‍රසාද, වාහන සඳහා ගත් තෙල් වියදම්, නඩු ගාස්තු ඇතුළුව සියළු දේවල් අයකර ගන්න... ගෙවන්නේ නැත්නම් නැවත නඩු දාන්න....
ලංකාවේ මෙවැනි නඩුවක් අහන්න අවුරුදු ගණනාවක් ගතවෙනවා, පුරවැසිභාවය දරන්නේ ස්විට්සර්ලන්තේ නම් මෙවැනි නඩුවක් සති 2- 3 ක් ඇතුළත අහල තීන්දුවක් දීලා.. ගීතාගේ මහත්මියගේ පුරවැසිභාවය ගැන අධිකරණය කෙලින්ම ස්විස් රජයෙන් විමසීමක් කළානම්.... ඔවුන් අධිකරණයට ඉතා ඉක්මණින් නිවැරදි තොරතුරු දෙන බව මගේ විශ්වාසයයි. අපේ රටේ පොලීසිය බොරුවට අඳුරේ අතපත ගාන බව හොඳින් පැහැදිලි වේ.
මැතිවරණ කොමසාරිස් නීතිය දන්නේ නැද්ද? මෙයාගේ නාම යෝජනා පිළිගත්තේ ඇයි? මේ නීතිය බලපාන්නේ මෙතුමියට පමණද?
මම මේ නොදන්නා කමට අහන්නේ....එතකොට පාර්ලිමේන්තුවේ දැනට ඉන්න අයගෙන් ද්විත්ව පුරවැසිකම් තියෙන්නේ මෙයාට විතරද ?
ඕක තමයි නළු නිලි ගත්තම වෙන්නේ. පරණ පුරුද්දට රගපාන්නට යනවා.
ඊ ළඟ සැරේ අසුනකට නොව කොමෝඩ් එකකට තරඟ කරන්න නෝනේ!
අයියෝ ගීතා! මොකද්ද මේ කර ගත්තේ? ස්විට්සර්ලන්තෙන්වත් ඉල්ලලා බලන්න දැන්...
ද්විත්ව පුරවැසිකම නැති, විදේශික පුරවැසිකම් පමණක්ම තිබෙන සමහරුත් ඔය රාජ්‍යය අනුග්‍රහයෙන් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්නේ? කොහොම වුණත් මෙයා නම් පාර්ලිමේන්තුවේ උන්නේ අපේ රටේ අපලෙකට?