( තිළිණි ද සිල්වා )
ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම නුසුදුසු බව සඳහන් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය විසින් ගොනු කළ අභියාචන පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා තීන්දු කර ඇත.
ඒ අනුව අගවිනිසුරු ප්රියසාත් ඩෙප් මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් පස් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාග කිරීමට නියමිතය.
මෙලෙස පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා පියවර ගෙන ඇත්තේ අදාල අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් වන ගාල්ල ප්‍රදේශයේ ඡන්ද දායකයින් පස් දෙනකු අගවිනිසුරු වෙත මෝසම් මාර්ගයෙන් කළ ඉල්ලිමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ගීතා කුමාරසිංහ ගොනු කළ අභියාචනා පෙත්සම සැප්තැම්බර් මස 25 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේස්ඨාධිකරණය දින නියම කළේය.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට අභියාචනාධිකරණය තීන්දු කළේ පසුගිය මැයි මස 03 වැනිදාය. ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මැයි මස 09 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට මන්ත්‍රී කමක් දීල මොනවා රට මොනවා බලපොරෝත්තුවෙන්නවද කියල මටනම් තේරෙන්නේ නැහැ