ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය හෙබවීම නුසුදුසු බවට දුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍යවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන පියසේන ගමගේ මහතාට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය.
ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත‍්‍රිධූරය අහිමි වීමෙන් පසුව පාර්ලිමේන්තුවට පත්වීම සඳහා ඊළඟට එම ධූරයට පත්වීමට සුදුසුකම් ලබා සිටින තමන්ට අභියාචනාධිකරණ තීන්දුව ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවීම නිසා විශාල හානියක් වූ බවට ප‍්‍රකාශ කරමින් හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසරය ලබා දෙන ලදී.
ඒ අනුව පියසේන ගමගේ මහතා ගොනු කළ අතරමැදි පෙත්සම ලබන සැප්තැම්බර් 25 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය.
අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියෙහි පියසේන ගමගේ මහතා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු? මේ අයට නම් රජ මගුල්...
යාළුකමට පත්කළ විනිසුරුවරියන්ගෙන් සාධාරණ විනිශ්වයක් ලැබෙයිද?
විදේශික පුරවැසියන්ට මන්ත‍්‍රී ධුර දැරීමට නොසුදුසු බවට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත නම් ගීතා මහත්මියට විදේශ පුරවැසිභාවයක් තිබේ නම් තව මොකට නඩු අහනවද? මට නම් හරිම සරල ප්රශ්නයකි... තීන්දුව එක දවසින් දෙන්න පුළුවන්.
දේශපාලකයින්ගේ තියෙන තන්හාව ගැන හොඳම උදාහරණයක් මේක.මම පුද්ගලිකව ගීත ගේ දේශපාලනයට වඩා අගේ කතන විලාශයට අකමැතියි ,කෙසේ නමුත් පියසේන ගමගේ ගේ හැසිරීම බොහොම ලාමකයි සහ තන්හා බරිතයි.