(රංජන් කස්තුරි)
ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුව දෙනතුරු ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සම්පූර්ණ නොකිරීමට මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර තීන්දු කළේය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ මැතිවරණ කොමිසම එම ඒකමතික තීන්දුවට එළැඹිණි.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි කිරීමට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ඉදිරිපත් කළාය. එම නඩුව මේ වනවිට විභාග වෙමින් පවතී.