තමන්ට මෙරට පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති අයැදුම්පත සළකා බලා තමන්ට පුරවැසිභාවය ප‍්‍රදානය කිරීමට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් පෙත්සමින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන 06 වැනි දා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (25) නියෝග කළේය.
පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න එදිනට සළකා බැලීමට අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලදී.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන හමුවේ අද (25) කැඳවූ අතර එහිදී මෙම නියෝග ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම චන්ඩි වගේ ගන්න හදන්නේ.ඇවිල්ල විසා ඉවර වුණාම මතක් වෙන්නේ පුරවැසි බාවය.අාපහු පැටෙව්වානම් හරි නොඑන්නම (බ)
මෙයාට දෙනවා නම් ඉල්ලන අනික් අයටත් දෙන්න. අනික මෙයා ඔස්ට්‍රේලියාවේදී ලංකාව පතුරු ගහලා දැන් මොකද ලංකාවේ ඉන්න ඉල්ලන්නේ. (නි)