පාපැදියක්, නිවසක් හා බිරියක ඉල්ලා තරුණයෙක් දික්වැල්ල, රත්මලේ පාරේ අධිබලැති විදුලි කණුවකට නැංගේය.
දික්වැල්ල පොලිසිය විදුලිබල මණ්ඩලයට දන්වා විදුලිය විසන්ධි කිරීමෙන් පසු තවත් තරුණයෙක් එහි නැග ඔහු බිමට බස්සවා ගැනීමට උත්සාහ ගත්තේය.
වැව්රුකන්නල වෙසක් පෙරහරේ කාවාඩි නැට්ටුවකු වන එම තරුණයාගේ ඇවිටිල්ල මත බිමට බසිමින් සිටි එම පුද්ගලයා අන්තිමේදී ඔහුටද පහරදී අසල කොහොඹ ගසකටත් පොල් ගසකටත් නැග්ගේය. ගහේ පොල් කඩා බිමට දැම්මේය. අන්තිමේදී ඔහු බිමට ගැනීමට පොලිසිය සමත් විය.
පොලිසියට ඉදිරිපත් කළ ඔහුගේ ඉල්ලීම් ලබාදීමට නොහැකි බව පොලිසිය ඔහුට කීවේය. බදාදා සවසම ඔහු මාතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනියෙක් නම් හොයලා දෙන්න බැරියෑ (නදී)
පිස්සුම තමයි.(හේ)
ඔන්න ඡන්දය ඉල්ලන මන්ත්‍රී කෙනෙකුට හොද අවස්ථාවක් (නදී)
මේ මනුස්සයට ඉල්ලන්න දෙයක් නැතුවටද, මේවගේ දේවල් ඉල්ලන්නේ. රස්සාවක් ඉල්ලුවානම් එකවත් ඉටු කරගෙන ඔය ඉල්ලීම් සියල්ල හරිසස්ස ගන්න තිබුනනේ. (ම)
මේ මනුස්සයට ඉල්ලන්න දෙයක් නැතුවටද, මේවගේ දේවල් ඉල්ලන්නේ. රස්සාවක් ඉල්ලුවානම් එ්කවත් ඉටු කරගෙන ඔය ඉල්ලීම් සියල්ල හරිසස්ස ගන්න තිබුනනේ. (නදී)
දැන් අපේ රටේ පිරිමි 100 කට ගැහැණු 106 ක් ඉන්නවලු. එහෙව් එකේ මේ මනුස්සයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි ඇයි? (නි)
පිස්සෙක් (බ)
නිවස නැතුව තව පුළුවන් දෙයක් ඉල්ලුවානම් හොඳ නැද්ද? (බ)
එෆ් එම් නාලිකාවක් මගින් ඉල්ලන්න.(නදී)
තව මොනවා ඉල්ලලා කණු වල නගියි ද දන්නෑ (ම)
මිනිසාගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් සටනක් (ම)
දෙන්න බැරි දේවල් ඉල්ලලා නැහැනේ (ම)
ඔය විදිහේ පිස්සු වැඩ වලට ප්‍රසිද්ධියක් ලබා දෙන්න එපා , ඕව දකින අනිත් ඔය හා සමාන මානසික මට්ටමේ මිනිස්සුත් ඕව කරන්න බලනවා . (බ)
වගකිව යුත්තෝ ඉල්ලීම් ඉටු කරාවි (බ)
පවු අප්පා මට නම් දුක හිතුනා.මෙයා මානසික පිඩනයකින් ඇත්තේ.සුදුසු වෛද්‍යවරයෙකුට යොමු කරන්න. (ම)
කරන්ට් වෙදුනනම් ගැහැනියක් ගත්තා වගේ තමා (ම)
මෙහෙමත් මෝඩ මිනිස්සු!!!!!!!!!!!!!! අවසාන ඉල්ලීමනම් කරලදෙන්න පුළුවන්. (ම)
මෝඩ වැඩ මේ මනිහා ඉල්ලන් කනවා (ම)
අතිශය මානුෂික ප්‍රශ්නයක්. ඔබ හරි දුමින්ද. උසාවිය මොන විදියට මේ ප්‍රශ්නය දකියිද නොදනී? (කේ)
දකුණේ නේද ? අහන්න දෙයක් නැහැ ඉතින් ! (ම)
මොන දේ ඉල්ලලා ගත්තත් මලේ බිරිඳක් ? තව පාරක් හිතපන් මගේ අම්ම ! (ම)
මේ මොන විකාරයක්ද? (නි)
මිනිසුන්ගේ අදීනත්වය එෆ් එම් නාලිකාවලින් මෙන්ම දේශපාලකයන් විසින් නැතිකර ඔවුන් දීනත්වයට පත්කිරීමේ ප්‍රතිඵලයි මේ. ස්වාධීනත්වයෙන් නැගිට සිටීමට පුරුදු කිරීම බලධාරීන්ගේ සහ ආගමික නායකයන්ගේ වගකීමයි (නි)
පිස්සුද ගෑණියෙක් ඉල්ලන්න? පස්සේ ඕකටම නඟියි මේ කරදරයෙන් බේරලා දෙන්න කියලත් (නි)
මානසික ලෙඩ්ඩි කියන්නේ මේ අයටයි.(හේ)