බණ්ඩාරගම වැල්මිල්ලේ සාරාලංකාර විදුහල් ක්‍රිඩා පිටියේ අද උදේ (15) ක්‍රිඩා පිටියේ ටෙලි දැන්වීමක් රූගත කරද්දී 10-11 පන්තිවල සිසුහු අසල ශාලාවේ වාර විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙමින් සිටියහ.
මේ රූගත කිරීම් සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයයේ අනුමැතිය දී ඇති බව රූ ගත කරන කණ්ඩායම් කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද කොච්චර පන තිබ්බත් ඉහලින් තියෙන කොදු ඊට වඩා පන වැඩිනම් ඕව කියන අයටත් කරන්න පුලුවන්ද කියන එක තමයි ප්‍රස්නේ (නදී)
ඇත්තටම මට දන්නා කෙනෙක් කියනවද අඹු සැමියන් දෙන්නගෙන් කවුරුවත් ආදී ශිෂ්‍යන් නොවුන සුපිරි පාසල් වලට අදාළ දුර සීමාවෙනුත් එහා ඉන්න නළු නිළියන්ගේ ළමයින්ට සුපිරි පාසල් ලැබෙන්නේ කොහොමද කියලා. අපේ පුතාගේ පන්තියේ නිළියකගේ ළමයෙක් ඉන්නවා දරුවාගේ පියා ආදී ශිෂ්‍යයෙක් නෙවෙයි හැබැයි නිළිය ගුරු දෙගුරු රැස්වීම් වලට එන්නේ එයාගේ හත් මුතු පරම්පරාවම මේ පාසලේ වගේ පෙන්නගෙන. (නදී)
වැඩේ වැරදියි (නදී)
පාසලේ අභිමානය රකින්න කථාකරණ ගුරුතුමාට මගේ ගෞවරය හිමි වේවා. පාසල් කෙළි බිමක් කරගත යුතු නැත. මේ වගේ අමනෝඥ වැඩ කරණ අවසරය දෙන අය මහ කරුමයක්. (නදී)
ගණිතය අසමත් උනත් උසස්පෙළ කරන්ඩ දෙනවා කියලා ගැසට් නිවේදනයක් එනවලු. ගණිතයට අවුරුදු දෙකක් දෙනවාලු සමත් වෙන්ඩ. (නදී)
ඒ කියන්නේ මේ ගොල්ල සාපෙළ ගණිතය අසමත් කෙනාට උසස් පෙළ ශුද්ධ ගණිතය ආදී විෂයන් හදාරන්නත් ඉඩ දෙන්න යනවාද ? අනේ මෙහෙම විහිළුවක්. එකත් එකටම බලවතෙකුගේ ගණන් වලට දුර්වල ළමයෙක් ඇති . මෙහෙම දෙයක් හැටේ දශකයේ විශ්ව විද්‍යාව ප්‍රවෙශයටත් සිදු වුණාලු. (අ)
උගතුන්ගේ හිගයක්ද? බුද්ධිමතුන්ගේ ඌනතත්වයක්ද? මෝඩයන්ගේ පරාදිසයක්ද? (අ)
අපේ මිනිස්සුන්ට මෙනවා වෙලා ද (අ)
වැඩ අනාගෙන වගෙයි (ස)
රංග.මීට අවරුදු 6 කට කලින් මගේ පළමු දරුවා ගම්පහ විද්‍යාලයට දා ගත්තේ සත පහක්වත් දීල නෙමෙයි.මගේ අවරුදු ගණනක තිබුන ආදී ශිෂ්‍යබව සහ මගේ අධ්‍යාපන සහතික අනුව.මගේ දෙවැනි දරුවා දා ගන්න කියල ගිය වර්ෂයේ මම ගුවන් පතක් අරන් ගියේ මගේ ආදී ශිෂ්‍ය බාවය සහ මගේ පළමු දරුවාගේ අවරුදු 6 ක සහෝදර පදනම මත දරුවා පාසලට ඇතුලත් කරන්න පුළුවන් කියා හිතල.මුදලින් රුපියල් ලක්ෂයකුත් දෙන්න කැමති වෙලත් මගේ දරුවාව කැපිල ගියා.ඇමති කෙනෙකුට ලක්ෂ 3-4 ක් දුන්න නම් කිසිම ආදී ශිෂ්‍ය පදනමක් ,සහෝදර පදනමක් ආදී සහතික කිසිම දෙයක් වැදගත් නැහැ.අපේ දුක කියන්න කෙනෙක් නැහැ.අපි මොන තරම් අසරණ වෙලාද කියල හිතෙනවා.(ස)
සංජීව.ඔබ හරි.අපි දැක්කනේ බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණයන්ට වෙඩි උණ්ඩයෙන් සලකපු විදිහ. (ස)
කුසුම්.ඔබගේ අදහස හරියටම හරි. (ස)
වාර විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන වෙලාවක මේ රූගත කිරීම් කරන්න බැරිද?මොකක්ද තියෙන වරද? (ස)
අපේ අය්යාලට TV එකට වැටෙනවා කියන්නේ හරි ලොකු දෙයක්නේ.(ස)
මමත් කියන්නේ කවුරු හරි බලවතෙකුගේ ගණිතයට දුර්වල ළමයෙක් ඇති . ඒක තමයි මේ සහනයක් දෙන්න යන්නේ. මේකෙන් වෙන්නේ ගණිතයට මහා දක්ෂකම් නැති දරුවන් උත්සාහයෙන් හරි ගණිතය සමත් වීම වැළකෙන එක. (ස)
අනේ බන්දුල, ඔබට නොතේරුනාට විභාගයකට නිස්කලංක නිශ්ශබ්ද අවට බාධාවලින් තොර පරිසරයක් අවශ්‍ය බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)
අපිට නම් තේරෙනවා කාගේ ළමයාද ගණන් වලට දුර්වල කියලා (නි)
මෙහෙම බලනකොට ඉදිරියේදී අධ්‍යාපනයට නිළියක් සම්බන්ධ කරගත්තත් මම පුදුම වෙන්නේ නැහැ. (නි)
අනේ ඇත්තට, කාටවත්ම හිතන්න තිබුණේ නැද්ද? (නි)
මගේ මල්ලිගේ දරුවාවත් ආදී ශිෂ්‍ය දරුවන් ගේ ලැයිස්තුවෙන් කැපී ගියේ එක්තරා ගායකයකුගේ ළමයෙකු ඉහල නියෝගයකින් ඇතුලත් කරගත් නිසා. මේවා කවදා හරි පල දෙන අසාධාරණ වැඩ . (නදීී)
දැන් කාලේ කොහොමත් කරන වැඩවල නිවරදි සම්බන්ධීකරණයක් නැහැනේ. හැමෝම තමන්ගේ වැඩේ කරගන්න විතරයි බලන්නේ. විශේෂයෙන් ටෙලි කට්ටිය. කතකරන්න ගොඩක් දේවල් තියෙනවා, කතා නොකර ඉඳිමු. (නි)
ආරංචියක් තිබෙනවා මේ ටෙලි කණ්ඩායමට රූගත කිරීමට අවසර ලැබුනේ උදේ 6 සිට 7.30 දක්වා පැය එකහමාරක කාලයක් කියලා . එවිට උදේ පාසල් විභාගය පටන්ගන්නා විට ඒ ටෙලි කටයුතු අවසන් විය හැකි නිසා. නමුත් ඔවුන් ලබාදුන් කාල සීමාව ඉක්මවා රූගත කිරීමේ කටයුතු කිරීම නිසා වෙන්න ඇති මේ ප්‍රශ්නය පැනනැඟිලා ඇත්තේ. (නි)
අවසර දුන් උදවිය පාසල් විභාගයට බාධා නොවන ලෙස ඔවුන්ට කාලය වෙන්කර දුන් නමුත් ඔවුන් වැඩි කාලයක් පාසලේ රැඳෙමින් රූගත කළා වෙන්නත් පුලුවන්. එහෙම වුණොත් මේක ටෙලි අධ්‍යක්ෂකවරයාගේ වැරැද්දක් (නි)
අධ්‍යාපන ඇමතිගේ අවධානය යොමු වේවා. (නදී)
ඇයි මේවා ගැන වගකිවයුත්තන් සොයා නොබලන්නේ? (නි)
මේ ටෙලි නාටකයේ කණ්ඩායම් ප්‍රධානියා කවුද කියලා ප්‍රසිද්ධ කරන්න වටින්නේ. ආයෙත් පාසල් පැත්ත පළාතේ මෙහෙම වැඩකට නොඑන්න පාසල් බලධාරීන් වග බලා ගනීවි. (නදී)
ඩුප්ලිකේට් එක මොනවා කිව්වත් ඔර්ජිනල් එකනම් කියන්නේ වැඩේ වැරදියි කියල තමයි. මේකෙන් ළමයින්ගේ අවදානය බිදෙනවා. හැබැයි මේකට විරුද්ධ වෙන්න ඕන පාසලේ ගුරු බවතුන් මිසක් මේ සංගම් වල අය නෙමෙයි. (නදී)
මේක දැන් නිළියන්ට ගිය රටක් බව සභාවේ මහත්ම මහත්මීන්ට අමතක වුනාද ? පන්සල් වල මගුල් උත්සව අරගෙන , පන්සල් වලින් ගරු නම්බු නාම ලබාගෙන යනකොට පාසලක විදුහල්පතිනි වෙන්නත් බැරි මොකද කියලා ඇහුවොත් මම පුදුම වෙන්නේ නැහැ. (නදී)
කාලය ඉක්මවා රූ ගත කිරීමක් වුනා නම් එක පාරක් කිව්වම වැඩ නැවැත්තුවේ නැතිනම් පොලිසියට කතා කරලා විභාගයට වෙන බාධාව දැනුම් දෙන්න තිබුනා නේ. (නදී)
අපි පාසල් යන කාලේත් නළු නිළියන්ගේ දරුවන් අපේ පාසැල් වල හිටියා. හැබැයි වැදගත් නළු නිළියන්ගේ. දැන් නම් හැම දේටම ඇඟිලි ගැසීම් වැඩියි. (නදී)
මගේ අක්කා සේවය කරන්නේ අනුරාධපුර දුෂ්කර පාසලක. පාසල් නිවාඩු කාලයේ ටෙලි කණ්ඩායමකට නවතින්න එහි කාමර ලෙස අගුල් දැමිය හැකි පන්ති කාමර දෙකක් විදුහල්පති ලබා දී තිබුනලු. නිවාඩුවෙන් පසු පාසලට පැමිණි ගුරුවරුන්ට සහ සිසුන්ට පළමුවෙන්ම සිද්ධවෙලා තියෙන්නේ අර ටෙලි කට්ටිය අපිරිසිදු කර ගිහින් තිබුන පන්ති කාමර සුද්ධ කරන්නලු. (නි)
මෙයාගෙ කොදු නාරටිය ගැන ගැටළුවක් ඇති නැත්තම් දරුවන් ගැන මීට වඩා යහපත්ව හිතන්න තිබුනා . (අ)
වැරදි වැඩක්. අනිවාර්යෙන්ම ලමයින්ගෙ අවධානය බිදෙනවා. හැබැයි ස්ටාලින් මහත්තයාට මාර චාන්ස් එක. පිළියන්දලින් ප්‍රශ්න පත්තර ප්‍රශ්නයත් එක්ක මේකත් දෙවියො දුන්නා වගේ. (නදී)
විදුහල්පතිගේ අවසරයක් නැතුව මේවා කෙරෙන්නේ කොහොමද? (නදී)
ඔන්න ඇමති තුමනි ආස්චර්ය (නදී)
විදුහල්පතිගේ අවසරය අවශ්‍ය නැහැ ඉහළින් නියෝගයක් ගත්තම (නදී)
ගමේ ඉන්න මිනිස්සුන්ට තිබුනා නේ මේයට විරුද්ද වෙන්න. නළුවන් නිළියන්ට ඔච්චර බයද (නදී)
සමන්, ගමේ ඉන්න අය ඕවට විරුද්ද උනහම වෙන්නේ වෙඩි කන්න. (නදී)
අද කාලේ ඔක්කොම වැඩ සිද්ධ වෙන්නේ උඩින් එන නියෝග වලට නේ. ඉතින් මේ විදුහල් පති තුමා තවම කෝටු පාවිච්චි කරනවා උනත් වැඩක් නැහැ. (ස)
අසරණ දරුවෝ (ස)
රට පාලනයත් රූගත කිරීමක්, මෝඩයන් බිහි කිරීම පාලකයන්ට වාසියක්, මෝඩ පාලකයන් මැරුණු දාට අපිට වාසියක් ...(ස)
ගණිතය පාස් වෙන්න මහන්සි වෙන්නේ මොනවටද ? නිලියෙක් වුනා නම් කොච්චර වාසි තිබෙනවාද ? ගෙවල් දොරවල් යාන වාහන , ආදී සිසුන්ටත් නොලැබෙන දරුවන්ට සුපිරි පාසල් ලැබීමේ අවස්ථා යනාදී කොතෙක් වාසි තිබෙනවාද? (ස)
දැන් ලංකාව දුවන්නේ සවස 7:00 සිට 10:00 වෙනකන් දුවන සිහින ලෝකවල, ලංකාවේ මිනිස්සු නිරපරාදේ කාලය කා දමනවා. (ස)
මේ නිළියන් ගැන නම් මතක් කරන්නවත් මම කැමති නැහැ. මගේ බිරිඳ කොළඹ ජනප්‍රිය පාසලක ආදි ශිෂ්‍යාවක්. එහි ශිෂ්‍ය නායිකාවක්ව පවා සිටියා. මගේ දියණිය බිරිඳගේ පාසලට ඇතුළත් වීමේ ලේඛනයේ ඉඳලා අන්තිම මොහොතේ කැපී ගියා. හේතුව ඉහළින් ආ නියමයක් මත නිළියකගේ දියණියක් ඇතුළත් කරගැනීම. දරුවාව පුද්ගලික පාසලකට දැම්මා. වියදම් කරන්න පුළුවන්කමකට නෙමෙයි, දරුවා ගෙදර තියාගන්නද? මේවා කාට කියන්නද? (නි)
අනේ අපේ දරුවන්ට යන කල! (නි)
මේ වෙලාවේ මේවාට කවුරුවත් විරුද්ධ වෙලා නැද්ද? (නි)
මේ පාසලේ විදුහල්පතිවරයෙක්වත් හිටියේ නැද්ද ? (නි)
ගණිතය සමත් උදවිය විතරනේ ගණිතයේ වටිනාකම දන්නේ. හැබැයි ගණිතය උපාධියට කළ කාන්තාවකට වඩා ටෙලි නිළියකට වරප්‍රසාද වැඩියි. ඒ ගැන ඉතින් දන්නෝ දනිති. (නි)
විභාගය වගේද අප්පේ ටීවී එකේ මුහුණ පෙන්වාගන්න ලැබෙනවා නම්? (නි)
අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)
හැබෑටම අර ශීත කාමර වල ඉඳගෙන තප්පුලනවා කියන එක ගැන නම් දැන් හිතන්න වෙනවා නේද? (නි)
එහෙම වෙන්නේ නැහැ නසාර්. ඒගොල්ලෝ තමන්ගේ අයට තැන හදල දීලයි මැරෙන්නේ. අපේ මොඩයෝයි ඔවුන්ට තැන හදාදෙන්නේ. බලනකොට කවුරුත් මෝඩයින් ඡන්දය නොදෙන අය හැරෙන්න. (නි)
නිරපරාදේ මේ විනාශවන්නේ අපේ අනාගතය නොවේද? (නි)
බලාගෙන ගියාම රටම අගාධයකට ගිහිල්ලා (නි)
මේ අවසර දුන් නිලධාරීන් ගැනද මන්දා කෙනෙක් මේ ළඟකදී කියලා තිබුනේ? එහෙත් මේ රූපගතකරන කට්ටියට පොඩ්ඩක් හිතන්න තිබුනා. (නි)
ලංකාවෙන් 30% ක් පමණි ගණිතය සමත් වෙන්නේ. එහි අගය දන්නා අය ඉන්නෙත් 30% ක් වගේ (නදී)
බලවතුනට අපේ ළමයි ගණිතය පාස් වෙන්නේ නැහැ කියල ප්‍රශ්නයක් නැහැ . ඒ ගොල්ලන්ගේ ළමයි පිටරට නේ ඉගෙනගන්නේ . (ස)
මේවායේ ඉන්න බලධාරීන්ට ප්‍රශ්නයක් නෑ . මොකද ඒ වෘෂභ රාජයන්ගේ ඔක්කොම දරුවෝ යන්නේ පිටරට විශ්ව විද්‍යාලවලට නැතිනම් ජ්‍යාත්‍යන්තර පාසල්වලට. තිත්තම ඇත්තයි. (ස)
රූගත කරන කණ්ඩායමේ එකම එක උගතෙක් හරි හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ. මොකද ඉගෙනීමේ වටිනාකම දන්නා නිසා! (ස)
අනේ හැබෑට මෙම බලධාරීන් වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැතිම අයද?....නමුත් ඇමතිවරයාගේ ගනකම නම්.......අනේ අප්පේ අපේ අනාගත පරපුර... (ස)
කොන්ද පන තියෙන විදුහල්පති කෙනෙක් හිටියනම් මේවා කරනවා බොරු. (ස)
මටත් ඕනේ රඟපාන්න. ඒත් ගණන් වලට නම් එෆ්. (ස)
ගණිතය අසමත් වුනාට ප්‍රශ්නයක් නැහැ කියල බන්දුල ඇමති මේ ලඟදි කිව්වේ මේ නිසා වෙන්න ඇති. (ස)