අනුරාධපුර මහමෙව්නා පුදබිමේ මත්පැන් පානයකොට අශෝබන ආකාරයට හැසුරුණු බව කියන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උප නියාමකවරියන් සිව් දෙනකු හා නියාමකවරු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර සිවිල් ආරක්ෂක මූලස්ථානය කියයි.
සිද්ධිය දුටුවන් මේ පිළිබඳ දුරකථනයෙන් අනුරාධපුර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට දැන්වීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එම පිරිස අටමස්ථානයේ පිරිසුදු කිරීම් කටයුතුවලට යොදවා සිට ඇති අතර වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් පසු නියාමකවරියන් සිවුදෙනාගෙන් තිදෙනකු හෝ නියාමකවරු දෙදෙනාත් මත්පැන් පානය කර ඇතැයි තහවුරු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන බොන එකට මගෙ නම් විරුද්ධත්වයක් නැහැ. නමුත් වැදගත් කියන තැන්වල අශෝබන ලෙස රඟපානවා නම් එයට එකහෙළාම විරුද්ධයි. (නි)
කාන්තාවන් බීමත් ලෙස හැසිරීම අමුතු ලැජ්ජාවක් කියන අයට මතක් කරගැනීම හොඳයි පන්සිල් පද පහට ස්ත්‍රී පුරුෂ බේදයක් නැතිබව. (නි)
පිරිමි කරන හැමදෙයක්ම තමන්ටත් පුළුවන් කියලා ලෝකෙට පෙන්නන්නත් එපායැ
ගණන් ගන්න දෙයක් නැහැ. ආශාවට පොඩ්ඩක් ගත්තාම පුරුදු නැතිකමට ටිකක් වැඩිවෙන්න ඇති. (නි)
බීපු එකේවත් ස්ත්‍රී පුරුෂභාවයේවත් නෙමෙයි වැරැද්ද. බීලා අශෝබන ආකාරයට හැසිරීමයි. විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවය බිව්වා කියන එක සමාජයේ අවදානයට ලක්වෙන පුවතක්. (නි)
ස්තුතියි විමලසේන. නීතිය කාටත් එකයි. (නි)
විමලසේනගේ කියමන හරියටම හරි (නි)
දැන් ඉතින් කාන්තාවනුත් සම තැනනේ ඉල්ලන්නේ (නි)
කොහොමද ගෙදර දෙන්නම රැකියාව ඉවරවෙලා හතර ගාතෙන් ගෙදර ආවම? මට වොලිබැස්ටියන් ගේ පරණ බයිලාවක් මතක් වෙනවා. පප්පා ගෙනෙන් බෝතලේ මම්ම ගෙනෙන් වීදුරුව වක්කරපන් අරක්කු මොකද පුතේ පරක්කු. (බ)
පිරිමින් හා සමතැන් ලබා සිටිනවා යැයි කියන කාන්තාවන්, මත්පැන් බීම නුසුදුසු දෙයක් හැටියට අපේ රටේ ජනතාව සැළකීමෙන් ඔවුන්ට තවම සමතැන ලැබී නැති බවක් හිතෙනවා (නි)
කාන්තාවන් වන අපිටත් ලැජ්ජාවක් මෙහෙම ගැහැණු (නි)
මම ඔය සංස්කෘතිකකාරයන්ගෙනුයි, කාන්තා අයිතිවාසිකම්කාරයන්ගෙනුයි අහන්න කැමතියි අර කොළඹ ප්‍රසිද්ධ රෙදිපිළි අළෙවි සැළක් ඉස්සරහා ගහලා තියෙන අශෝභන ගැහැණු පින්තූර ගැන සද්දයක් නැතුව ඉන්නේ මොකද කියලා (නි)
කොසොල් රජුගේ සිහින සැබෑවීම (නි)
කාන්තාවක් වුණාම කාටවත් ලැජ්ජාවක් නොකර ජීවත්වෙන්න ඕනෑ (නි)
රාජ්‍ය සේවකයින්ට රාජතාරි අවස්ථාවේදී මත්පැන් බීම ආයතන සංග්‍රහප්‍රකාර වරදකි. නොඑසේ නම් මත්පැන් බොන්නේ ස්ත්‍රීන්ද පුරුෂයින්ද යන්න මේ රටේ නීතිය අනුව වරදක් නොවේ. කාන්තාවක් වුණාම ලැජ්ජා නොකර ජීවත් වෙන්න ඕනෑ කියන්නේ, පිරිමි ඕනැම වැරදි වැඩක් කළාම පිරිමි හින්දා වැරැද්දක් නැහැ කියන එකද? (නි)
ගැණු බිව්ව එකනම් ලජ්ජාවට කාරණයක් මේ බොදු රටේ. පිරිමි අපටනම් තුන්වැනි සිල්පදෙන් මද පමණ බොන්න අවසරේ ලැබිල තියනවනේ.(රේ)
සිවිල් ආරක්ෂකයෝ ගැහැණු පිරිමි දෙගොල්ලම බීල පිස්සු කෙලින කොට ඒ පළාතේ සිවිල් ආරක්ෂාව භාර වෙන්නේ පළාතේ ඉන්න සුනඛයන්ට වෙන්න ඇති . ඇයි සුනඛයෝ කියන්නෙත් ගල් යුගයේ ඉඳලම අපේ හිතවත් ආරක්ෂකයෙක් කියනවා නේ. (බ)
මහන්සියට යාලුවෝ ටික සෙට් වෙන්න ඇත්තේ, එ්ත් ඉතින් රාජකාරී වෙලාවක නොමනා ලෙස හැසිරුණ එකනම් වැරදි වැඩක් , ඉතින් දඩුවම් දෙන්නම වෙනවා. (බ)
මත් පැනින් දුම් වැටියෙන් අයවැය පරතරය වහන්න උදවු ගන්නා රටක කවුරු හරි මේවා බොන්නත් එපායැ. (කෞ)
කාන්තාවක් කියන එක අමතක කීරීම කාන්තාවනට කරන අවමානයක්. වෙලාවක්,කලාවක් නැතිව හැසීරීම අනුවන කමක් කියා සිතෙන්නේ නැද්ද.(කෞ)
පොඩ්ඩක් ගත්තට නම් කමක් නැහැ ඉතින්. පෙනෙන්නේ සැරටම අරගෙන වගේ (නි)
පිරිමි ගැහැණු සැමට එකවගේ සෑම අයිතිවාසිකමකටම හිමිකමක් තිබිය යුතුයි. ලජ්ජා නැතුව බොන්න කැමති අය බොන්න. ලැජ්ජා නිසා අකමැති අය නොබී ඉන්න. බලෙන් පොවන්නේ නැහැනේ. වැරැද්ද පුජනිය ස්ථානයේ බීම පමණයි. නොබොන අයට කියන්නේ බීලා බලන්න එක දවසකට හරි වෙනස කොහොමද කියලා. දැන් තියන වෙනස වගේ නෙමෙයි. (නි)