බස්නාහිර පළාත් සභා අයවැය විවාදයේ පළමු දිනය වූ අද (01) සභාවේ ගණ පූරණය නොමැති වීම නිසා නියමිත වේලාවට පැය එක හමාරකට පමණ පෙර විවාදය නවතා සභාව අඟහරුවාදට (02) කල් තැබීය.
සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට බස්නාහිර පළාත් සභාව රැස්විය.
දහවල් 1ට දිවා ආහාර විවේකය සඳහා සභාව කල් තැබීමෙන් පසු දෙකට පමණ යළි ආරම්භ විය.
උදය වරුවේ සභාවේ සිටි මන්ත්‍රීවරුන් බොහොමයක් පස්වරුවේ සභාවේ නොසිටියහ. සිටියේ මන්ත්‍රීවරුන් 20ක් පමණි.
පස්වරු දෙකට පමණ සන්ධාන මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා කතා කරද්දී ගණ පූරණයක් නැතැයි එජාප මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කීවේය.
ඒ අවස්ථාවේ සභාපති සුනිල් විජේරත්න මහතා විනාඩි 15කට සභාව තැබීය. පසුව යළි සභාවේ කටයුතු ආරම්භ කළ ද ගණ පූර්ණය නොවීය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගණ පූරණය නැතිව බස්නාහිර කල් යයි
සුන්දරලිංගම් Monday, 01 December 2014 01:55 PM
ගණ පූර්ණය කර ගන්න බැරි උනා නම් අඩුගානේ වර්ග පූර්ණය වත් කරලා සභාව පවත්වන්නනේ තිබුනේ. (නදී)
සී.කේ. ලංකාපුත්‍ර Tuesday, 02 December 2014 04:38 AM
බස්නාහිරෙන් ඉර බසින බව බොරුවක්ද? මට නම් පෙනෙන්නේ එතනත් වැඩේ අවසන් වගේ. දෙවියන්ගේම පිහිටයි. (ර)
සෑම් Tuesday, 02 December 2014 06:21 AM
මෙගොල්ලන්ටත් සීතල හැදෙන්න යනවා වගේ. (නදී)
විද්‍යා Monday, 01 December 2014 05:28 PM
අනිත් පළාත් වල වගේ ගුටිකෙල ගන්න එපාය (අ)
පබ්ලිස් අප්පුහාමි Tuesday, 02 December 2014 01:09 AM
සඟ ගණ දෙව්රම් වෙහෙරට වැඩි සේක. (නදී)