බස්නාහිර පළාත් සභා අයවැය විවාදයේ පළමු දිනය වූ අද (01) සභාවේ ගණ පූරණය නොමැති වීම නිසා නියමිත වේලාවට පැය එක හමාරකට පමණ පෙර විවාදය නවතා සභාව අඟහරුවාදට (02) කල් තැබීය.
සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට බස්නාහිර පළාත් සභාව රැස්විය.
දහවල් 1ට දිවා ආහාර විවේකය සඳහා සභාව කල් තැබීමෙන් පසු දෙකට පමණ යළි ආරම්භ විය.
උදය වරුවේ සභාවේ සිටි මන්ත්‍රීවරුන් බොහොමයක් පස්වරුවේ සභාවේ නොසිටියහ. සිටියේ මන්ත්‍රීවරුන් 20ක් පමණි.
පස්වරු දෙකට පමණ සන්ධාන මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා කතා කරද්දී ගණ පූරණයක් නැතැයි එජාප මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කීවේය.
ඒ අවස්ථාවේ සභාපති සුනිල් විජේරත්න මහතා විනාඩි 15කට සභාව තැබීය. පසුව යළි සභාවේ කටයුතු ආරම්භ කළ ද ගණ පූර්ණය නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණ පූර්ණය කර ගන්න බැරි උනා නම් අඩුගානේ වර්ග පූර්ණය වත් කරලා සභාව පවත්වන්නනේ තිබුනේ. (නදී)
බස්නාහිරෙන් ඉර බසින බව බොරුවක්ද? මට නම් පෙනෙන්නේ එතනත් වැඩේ අවසන් වගේ. දෙවියන්ගේම පිහිටයි. (ර)
මෙගොල්ලන්ටත් සීතල හැදෙන්න යනවා වගේ. (නදී)
අනිත් පළාත් වල වගේ ගුටිකෙල ගන්න එපාය (අ)
සඟ ගණ දෙව්රම් වෙහෙරට වැඩි සේක. (නදී)