හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක් නැතැයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධාකයක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ හමුදාවේ 58 දෙනකු ඔහුට ආරක්ෂාව සළසන බවයි. ඒ අතර නිලධරයන් අට දෙනකු ද සිටින බව ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නය මතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
58 දෙනා මදිවේවි ආරක්ෂාවට. (නි)
මොවුන් බලයෙන් මත්වෙලා ඉඳගෙන බඹරය වැල්ලේ පවා කරරකෙව්වා.අද බඹරය සිමෙන්ති පොළොවෙවත් කරකවාගන්න බැරිවෙලා. යහපාලට තේරුනාද මම කියපු දේ ? (නි)
ෆොන්සේකා මහත්තයට දුන්න ආරක්ෂාව ගැන කාටවත් ඒ දවස්වල මතක් වුනේ නෑ..මේඅයට දීල තියන ආරක්ෂාව හැටියට ෆොන්සේකා මහත්තයට ඒ දවස්වල ආරක්ෂාව දුන්න හැටි මතකයිනේ..මේවයින් පේනවා වෛර කරන්නේ කවුද කියලා. (ස)
තිලක් ඩුබායි ජන සංහාරයක් කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන එකද, එකවර විනසකාරී මරාගෙන මැරෙන බෝම්බයකින් 100 ක් 150 ක් එක තැන මැරෙන එකද ? අනික මේ කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරුව ඉන්න එකේ දෙන්නකෝ ඔයාගේ සාක්කි. යාපනේ ගුවන් තොටුපල හදනවා ලඟදී. එතකොට එහෙන ලංකාවට ගොඩබහින්න ඔයාට එහෙ හොද ආරක්ෂාවක් තියනවා කොලඹට වැඩිය. අපි නොදන්නා තිලක් ඩුබායි (නදී)
තිලක් මහත්තයා,සුදු වෑන්කාරයෝ කව්ද කියලා ඔයාට මතක නැද්ද? (නි)
58 වැඩි නැද්ද?මට තේරෙන්නේ නැහැ එක පුද්ගලයෙක් වටා හමුදාවේ 58 දෙනෙකු පරිභ්‍රමණය වෙන්නේ කොහොමද කියලා? අර 58 දෙනාට ඇත්තටම වෙන රාජකාරි නැද්ද ? (නි)
මම කලිනුත් කිවුවා. මහින්දගේ පවුලේ සියල්ලන්ටම ආරක්ෂාව ලබාදිය යුතුයි (නි)
මෝඩ අනුර, තමුන්ගේ ජාති මාමකත්වය සරම පල්ලේ බහිනවා. තමුන් මේ රටේ අහිංසක දෙමල ජනතාවට කතාකරන්න ඉගෙන ගන්න. තමුන් හදන්නේ නැවත දෙමල ජනතාව කොටියට තල්ලු කරන්නද? තමන් වගේ අය තමයි මේ රට 83දි ගිනි තිබ්බේ. (නදී)
රටේ වැඩක් කරපු හැම කෙනාවම දෙමල ඡන්ද වෙනුවෙන් තුට්ටුදෙකට දමා මැතිවරණ දිනන්නට යාම තව තවත් සිංහලයා කුපිත කර ජාතිවාදය වර්ධනය කිරීමකි.(නදී)
හමුදාපතිගේ වගකීම සහ ඔහුට අණ ලැබෙන ආරක්ෂක ලේකම් , සේනාධිනායක ඇතුළු රජයක වගකීම නොදත් මේ මේ තීරුවේ ඉන්න අය සමග වාද කිරීම නිෂ්පල දෙයක්..හරි හරි ඩුබායි තිලක් මහත්තයෝ.. එහෙම තමයි වෙන්න ඕන..ඔහේගේ දරු පවුලට මර බිය නැතුව ජිවත් වෙන්න හෙටක් හදල දීපු වරදට එතුමාව කොටින්ටම දෙන්න ඕන ..මරාගෙන කාපල්ලා කියල..(බ)
තිලක් ඩුබායි,ඔයා පාසල් ගිය කෙනෙක් නම් අහලා ඇති නේද ජර්මනියේ හිට්ලර්ට හිටපු උපදේශකයෙක් ගැන ගොබෙල්ස් කියලා.එයා සාමාන්‍යයෙන් බොරුවක් මිනිස්සු අතර සමාජගත කරන්න ඕනෑ වෙලාවට කිසිම පදනමක් නැති , සාක්ෂියක් නැති එකම බොරුව දස දහස් වාරයක් මිනිසුන්ට ඇහෙන්න සළස්වනවා. ඉතින් කාලයක් යද්දී සාමාන්‍ය මිනිසුන් විශ්වාස කරනවා මේක ඇත්ත වෙන්න ඇති කියලා. (නි)
යුද්ධය හරි විදිහට ජයගන්න පුලුවන් වුණේ ගෝඨාභය නිසායි. එතුමාට ආරක්ෂාව දියයුතුයි (නි)
අදහස් වැඩියෙන් පළවී ඇත්තේ හිතට දුකක් ඇතිවන ආකාරයටයි (නි)
අපි නම් ගෝඨාභයගේ පැත්තේ තමයි (නි)
මේ වගේ අයට දඬුවම් ලැබෙනවාමයි. (නි)
ගෝඨාභයට ආරක්ෂාව දුන්නට කමක් නැහැ. ඒත් මෙච්චර ප්‍රමාණයක් නම් වැඩියි. (නි)
දිලිප් , ගොබෙල්ස්ගේ කාලේ වීඩියෝ තිබුනේ නැහැනේ කියන දේ විශ්වාස හෝ අවිශ්වාස කරන්න. (නි)
මොනවා වුණත් මොහුට දඬුවම් හිමිවිය යුතුමයි. ඒකේ කතා දෙකක් නැහැ (නි)
දිලිප් මේ "පට පට "ගාල වෙඩි තියන්නේ බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අපේම රටේ අසරණ සිංහල මිනිස්සුන්ට. ඇස් දෙකක් තියෙනවනම් යූ ටියුබ් වීඩියෝව බලන්න. බලලා සත්‍ය වටහාගන්න. ඉදිරියෙන්ම ගිහින් අසරණයන්ට වෙඩි තියන්න කියන කෙනාට තුර්කියේ තානාපති කාර්යාලයේ උසස් රැකියාවක් දුන්නේ කව්ද? (බ)
"ගෝඨාභයගේ ආරක්ෂාවට හමුදාවෙන් 58යි".හිටපු ජනාධිපති කෙනෙක්ද?ඔන්න ඔය පොලිසියේ විශ්‍රාම යන්න ලග කොස්තාපල්ලා දෙන්නෙක් දෙන්න.හොදටම ප්‍රමාණවත්. (බ)
වෙබ් අඩවිවල රාජපක්ෂලා ගැන තියෙනවා (බ)
යුද්ධය නිමා කරපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තය ට කී දෙනෙක් දීල තිබුනද? (බ)
දිලිප්, ගොබෙල්ස් න්‍යාය ඕනෑ නැහැ. ගෝඨාභය කළ අපරාධ අපි දන්නවනේ (නි)
මිහිරන්ත, මොළය කළඳක්වත් නැද්ද? (නි)
මොනවා වුනත් ඔහුට ආරක්ෂාව දීම හොඳයි .. ඔවුන් සරත් ෆොන්සේකා මහත්තයට දුන්න පහත් පෙලේ වදේ අමතක කර නියම සිංහලයන් සේ කටුතු කරන්න ඕන... මොන දුෂණ චෝදනා යුද්දෙන් පස්සේ ඔහුට එල්ල වුනත් යුද්ද කාලේදී කල කැපවීම ජාතියක් විදියට අපි අගේකළ යුතුයි. එහම කිරීම් ඔහුට එල්ලවන් චෝදනා අමතක කර දැමීමක් නොවිය යුතුයි.. යම් යම් වංචා සම්බන්ධව එල්ලවන දුෂණ චෝදනා වහ වහ නිමකළ යුතුයි.. රජෙක් වුනත් හොරෙක්නම් කුමට බලා සිටිනුද... (බ)
අනේ දිල්ශාන් ඔබ වගේ කෙනෙක් සරත් ෆොන්සේකාට අරක්ෂාවට පොලිසියේ 4 දෙනෙක් දුන්නා මතකද යුද්දේ කළේ එතුමාද නැතනම් ඔහෙලා කඩේ යන කෙනාද (බ)
තිලක් ඩුබායි කථා කරන්නෙ කටෙන්ද? ඇයි ඹයා සිංහල නමක් දාගත්තේ. (බ)
ආරක්ෂාව දෙන්නේ තර්ජන ඇති නිසාද (බ)
තිලක් හමුදාව ජයග්‍රහණය කරනකොට එ්කේ වාසිය අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාටත් ඒ හමුදාවම උද්ඝෝෂණයකදී කරපු වෙඩි තැබීමෙන් මිය ගිය අයවලුන් ගැන චෝදනාව ගෝඨාබයටත් එන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරනවද. ඔය යු ටියුබ් , මුහුණු පොත් වලින් දේශපාලනය ඉගෙනිල්ල පැත්තකින් තියලා අඩුම වශයෙන් පහුගිය අවුරුදු තිහේ රටේ සිදු වුන දේවල්වත් කියවන්න . 1977 අඳ මිනිස්සුන්ගේ උද්ඝෝෂනයකට මැරවරයෝ දාලා පහර දීමෙන් පටන් ගත්ත ඒ ආණ්ඩුව අවසානයේ තරුණයන් 60000 කගේ මිනී වලවල් උඩින් අවසාන වුනේ කොහොමද කියලා හොයල බැලුවොත් ඔබට පෙනේවී , දුෂණය සහ භීෂණය සම්බන්ධ ලයිස්තුවේ ඔබේ වෛරයට පාත්‍ර වුන මිනිසුන් ඉන්නේ කොයිතරම් පහළින්ද කියලා (බ)
මේ රට කොටි ත්‍රස්තයන්ගෙන් මුදවාගත් ගෝඨාභයට අනතුරක් වුණොත් යහපාලන එවුන්ට ජනතා සමාවක් නොලැබෙනු ඇත. (අ)
ඔය දීල තියෙන්නේ. (අ)
ඔය මදි නොකිය දීල තියෙන්නේ. (අ)
සුසන්තට නාලන්ද එල්ලාවල මතක්වෙලද දන්නැහැ එහෙම ආරක්ෂාවක් ගැන ඇහැව්වේ (අ)
මේ අය විනාශ කරන්න අපේ රටේ ජාතික ධනය. ඇමෙරිකාවට ගියා නම් අපේ රටට කොච්චර හොඳද? (නි)
ඔහු රටට සාමය උදා කර දුන්නනම් රටේ කොටින්ව පලවා හැරිය නම් මොකටද අපිට නැති ආරක්ෂාවක් ඔහුට ඔහු හොද සෙන්පතියෙක් නම් තමන්ව ආරක්ෂා කරගන්න ඔහුට බැරිද.කාගෙන්ද ආරක්ෂා කරගන්න ඕන. (බ)
558 දුන්නත් ප්‍රශ්නයක් නැහැ රට බේරගත්ත වීරයාට. පාර්ලිමේන්තුවේ ඉන්න රට කන එවුන්ට දෙනවට වැඩිය (බ)
යුධ ජයග්‍රහණයේ නියම නායකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ තරු, පටි , ගලෝල, විශ්‍රාම වැටුපත් නැතිකරලා ,බොරු නඩු පටලෝල, හිරේ විලංගුවේ දාල ඔහුගේ ආරක්ෂාව නැති කරපු අයට දැන් තේරෙනවා ඇති. මේවට කියන්නේ දිට්ට ධම්ම වේදනිය කර්ම කියල. (බ)
දිලිප් වික්‍රම මහත්තයෝ , යහපාලනය අාවට පස්සේ සුදු වැන් වලින් මිනිස්සු උස්සන්නේ නෑ. උද්ඝෝෂණ වලට වෙඩි තියන්නේ නෑ . මහින්දගේ රැස්වීම් වලට ගල් ගහන්නේ නෑ ..මිනිස්සු නිදහසේ කාල බිල ඉන්නවා මෙන්න වෙනස (බ)
රටට වැඩක් කළ ජීවිත තර්ජන තියෙන පුද්ගලයෙකුට ආරක්ෂාව දිය යුතුයි. එ්කේ වටිනාකම දන්නැති මන්ද බුද්දික අයට තේරෙන්නේ නැහැ. රජයේ වගකීමක් මේක. (බ)
නයනි මදුෂි කියන එක මමත් අනුමත කරනවා. (බ)
තිලක් නම් හිලක් (බ)
කොටි ඉවරයි නේ දැන් ,ඉතින් මොකටද මෙයාට මෙච්චර ආරක්ෂාවක්. යුද්දය ඉවර කරපු සරත් ෆොන්සේකාව කිසිම ආරක්ෂාවක් නැතිව මෙයා තිබ්බ. (බ)
කමෙන්ට්ස් දානකොට ඔලුව පාවිච්චිකර දාන්න (බ)
දිල්ෂාන්ට තියෙන්නේ මහින්ද පැරදිච්ච දුක වෙන්න ඔනෑ... ඉස්සෙල්ල මේ ආරක්ෂක ලේකම්ගේ කාලයේ සුදුවෑන් වලින් එලොව ගිය අය ගැන හොයලා බැලුවනම් (බ)
මෙයා බලයේ ඉන්න කාලේ මාධ්‍යවේදීන්ට ව්‍යාපාරිකයන්ට දුන්නේ වැඩි ආරක්ෂාවක් වෙන්නැති...(බ)
මොනා හරි වුනොත් ගෝඨාබයට මුළු දෙමලුම කොච්චර සතුටු වෙයිද ප්‍රබාකරන් මරපු එකා මැරුන කියල එතකොට සිංහලයට පොලවේ පස් කන්න තමයි වෙන්නේ අවුරුදු 30 තිස්සේ දුක් විදපු සිංහල අපට සිහිනයක් සැබෑ කරපු එඩිතර සිංහල වීරයෙකුට අද මෙහෙම සලකද්දී පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න අපට වටින්නේ යහ පාලනයක්ද? නැත්නම් එඩිතර සිංහල නායකයෙක්ද? ඔලුවක් තියෙන්නේ හිතන්න එදා පරණ ජේආර්ල ප්‍රේමදාස, කරපු දේවල් නෙමේද මෙච්චර කල් දුක් වින්දේ (බ)
නැහැ එයාට ත්‍රීමාවිතානව හීනෙන් පේන්න ඇති ළඟකදී (බ)
ජීවිතයට තර්ජනයක් ඇති යන්න මතක් වෙන්නේ බලය නැතිවුනාම සහ කළකම් පලදෙන බව දැනුනාමලු (බ)
ඔබ හරි ගයන්ත මහත්තයෝ! ඔබලා කවුරු කවුරුත් පින් කරපු අය හින්ද පාලනය වෙනස් වීමක් තුලින් ඕගොල්ලන්ට ලැබෙන්න තියෙන කිසිම දෙයක් නොලැබී ඉන්නේ නැහැ. පව් කල ඇත්තෝ තමයි දේශපාලනඥයින් ට කතිරය ගහල මැති සබයට යවන හුදී ජනයා. කරන ලද වරදේ බරපතළ කම අනුව චුදිතයාට ලැබෙන ආරක්ෂාව හා සැප පහසුකම් වැඩි කරන එකම රට ලංකාව වීම ගැන පමණක් අපි ආඩම්බර වෙමු. (බ)
ගෝඨාභයට විරුද්ධව කතාකරන්නේ කවුද ? අපේ ෆීල්ඩ් මාර්ෂල් යුද්ධය දිනපු නිසා ද උතුරේ කොටි කොඩි දානකොට සද්ද නැතිව බුදියන්නේ. (ස)
ගොඨාභයට විරුද්ධව කතාකරන්නේ කවුද ,අපේ එයාර් ෆිඑල්ඩ් මාර්ෂල් යුද්දේ දිනපු නිසාද උතුරේ කොටි කොඩි දානකොට සද්ද නැතුව බුදියගෙන ඉන්නේ (අ)
අනේ අපේ සිංහලයාට මුල මටක නැහැ. කුඩා දන්නේ මේ ප්‍රතිචාර දැන් සමහර අය සිංහලද කියල. (අ)
මරණ බියෙන් තුබූ දේශය ඔබ රැක්කේය (බ)
මිහිරත්න,නළල ලග ඉදල පිටිපස්සේ බෙල්ල ළඟට යනකන්, ඔයාගේ අතක් කොහෙවත් පැටලෙන් නැතුව ගෙනියන්න පුලුවන්ද කියල බලන්න (අ)
යුධ ජයග්‍රහණයේ නියම නායකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට ආරක්ෂාව දුන්නේ හිර ගෙදර.ගෝඨාභයට වුණත් නියම ආරක්ෂාව තියෙන්නේ "මහගෙදර ".(අ)
මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බයට/උන්ඩයට වඩා අපි බියෙන් සැකයෙන් හිටියේ සුදු වැන් වලට බයේ.කට ඇරියද ටොපිය ලැබෙනවාමයි. (අ)
රටේ සාමාන්‍ය ජනයාට කොටි කලබල සමයේ අපහසුතාවයට පත්වීමට සිදුවුවද, මහා කොටියාගේ අභාවයෙන් පසුව ටිකින්ටික රටේ චෙක් පොඉන්ට් අඩුඋනා නේද? එත් එකලසිට මෑතක් වනතුරු රටේ නිසි ආරක්ෂාවක් තිබු බව කවුරුත් දන්නවා. එම නිසා එකලදී සරත් ෆොන්සේකාට සෑහෙන ආරක්ෂාවක් ඉබේම සැලසී තිබුනා. නමුත් අද තත්වය ඊට් හාත්පසින් විරුද්ධයි නේද? කොටි විතරක් නොවේ අද රටේ හැම තැනම දිවියන් පවා හැසිරෙන එකේ ගෝඨාබයට දී ඇති ආරක්ෂාව ඉවත් කළහොත් ඔහුගේ ජීවිතයට හානියක් වන්නට ඉඩ ඇත. ගයන්ත කරුණාතිලකලාට අවශ්‍ය වන්නේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කොට කොටි ඩයස්පෝරාවට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීම බව මින් පැහැදිලියි. ඔහුට කිසියම් අනතුරක් සිදු වුවහොත් ඔය සියලු දෙනා වග කිවයුතු වනවා ඇත. (බ)
රාජපක්ෂවරුන්ට කරලා තිබෙන අපරාධ වලට අනුව දිට්ට ධම්ම වේදනිය කර්ම පල දෙන්න තවම පටන් ගත්ත විතරයි.(ස)
රටම නිදහස් කර දුන්නු ජාතික විරයා ජම්පරයක් ඇදගෙන,බෙලෙක් පිගානේ බත් කන ෆොටෝස් අන්තර්ජාලයේ තිබුන.අපි නියම සිංහලයෝ හැටියට මොන තරම් දුක් වුනාද.ආගම දහම සත්‍යනම් ඕව කවද හෝ දවසක පල දෙනවා.කල කම් පස්සෙන් එනකොට දුවන්න පාරවල් මදි වෙනවා.(ස)
තිලක් වගේ පිට රටවල්වල කුලි වැඩ කරන අය ද න්නේ නැ අපි හිටපු හැටි , ඒ කාලේත් මේ වගේ නිදහසේ හිටිය කියල හිතනවා ඇති දැන් මොකුත් මතක නැති බබ්බු (බ)
පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණයන්ට පට පට ගල වෙඩි තියල මහා මිනිස් සංහාරයක් කලා.බුමිතෙල් සහනදාරය ඉල්ලපු අසරණයන්ට පට පට ගාල වෙඩි තියල මහා මිනිස් සංහාරයක් කලා.අපේ අර්ථ සාදකය ගසා කන්න ගිය වෙලාවේදී ඊට එරෙහිව ඉදිරියට අපු අසරණයන්ට වෙඩි තියල මහා මිනිස් සංහාරයක් කලා.එහෙව් කෙනෙකුට දිට්ට ධම්ම වේදනිය කර්මය පල දෙනවාමයි. (අ)
පාවෙන අවි ගබඩාවෙන් ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධාන වලට අවි විකුණුව කියල ලෝකය විසින් දැනට කරගෙන යන පරීක්ෂණ වලින් එලිවුන දවසට හමුදාවේ 58 දෙනකුගේ ආරක්ෂාව මදි වෙනවා. (අ)
රටම නිදහස් කර දුන්නු ජාතික විරයා වෙනුවෙන් නුවර දළදා මාලිගාව ඉදිරිපිට සත්‍යග්‍රහ කරන්න ඉදිරිපත් වුන මදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ගමන් ගත්තු වාහනය හප්පලා දැම්ම විතරක් නෙමෙයි එම සත්‍යග්‍රහයත් කඩාකප්පල් කරලා දැම්ම.අපි මැරිලා ඉපදුන මිනිස්සු නෙමෙයි. (ස)
රටේ මිනිසුන් සත්‍ය දැනගන්නවට ඔය කොළ පාට/නිල් පාට අය බයයි. (නි)
මෙච්චර ගාණක් මොකටද? (නි)
තිලක්ගේ කට වැඩියි (නි)
මේ නිවට යහපාලකයින්ට වඩා ගෝඨාභය කියන්නේ රටට විශිෂ්ඨ සේවයක් කළ යුග පුරුෂයෙක්.එනිසා එතුමා ආරක්ෂා කර ගැනීමට කවුරුත් වග බලාගත යුතුය.එය පරම සේවයකි යුතුකමකි.රටට ආදරය කරන කවුරුත් එතුමාගේ වටිනාකම දනී. (බ)
ඔය එළිවෙන්නේ .තිලක් ඩුබායි මිනිස්සුන්ට මතක් වෙන්න ඔහොම ලියන්න. තව කල් හිටියා නම්? (නදී)
ඩුබායි සිට කෑගසන ඔටුවා කොටි අවතාරයකි.මුදලට ඕනෑම පහත්,නිවට අසික්කිත වැඩක් කරන්නෙකි. (බ)
තිලක් ඩුබායි, ඔයා බත්කන කෙනෙක්ද තණකොළ කන කෙනෙක්ද ? (නදී)