
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පස්වරුවේ සිංගප්පූරුවට හෝ ඩුබායි වෙත යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර ළඟා විය.
හෙතෙම ඩුබායි නුවරට යෑමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසරය ලැබෙන තෙක් බලා සිටින බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද ප්‍රින්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඩුබායි නුවර ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් දේපළ තිබෙන බව අදාළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඩුබායි නුවරට යෑමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා අද පස්වරුවේ සිංගප්පූරුව වෙත යනු ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් ය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගිනිතබා රටින් පැනගත්, යන රටක සිටින ශ්‍රී ලාංකිකයින්ට භාරයි.
විදේශ මාධ්‍ය වලට මොකද මෙච්චර රුදාවක්.
ලෝකේ කොහේ ගියත් කමක් නැහැ ආපහු ලංකාවටනම් එන්න ලැබෙන්නේ නැහැ.
මේ රටේ වහල්ලු කීප දෙනෙක් තවමත් කඩේ යනවා.
ඒ මනුස්සයට කරන්න දුන්නේ නැහැනේ. කරගන්න කියලා ගියා.
රට ගිනිතිබ්බේ අර රැවුල් කට්ටිය මිසක් ඔහු නෙවෙයි.
අනුන්ට වහල්ලු වහල්ලු කියන මේ එළොවටත් නැති, මෙලොවටත් නැති අපත ජෙප්පන් තමයි නියම වහල්ලු. කාලකණ්ණි අපතයින් ඉන්නකන් රටට හරි යයිද?
ඔබතුමා කොහේ හෝ නිරුපද්‍රිතව ඉන්න වැඩි කාලයක් යන්නට මත්තෙන්. ශ්‍රී ලංකාවේ ජනතාව ඔබතුමාව සාදරයෙන් නැවත පිළිගනීවි. ඔබතුමාට බුදුසරණයි.
ලෝකෙ කොහේ ගියත්, තමන්ගේ මාතෘභූමියට ආදරේ කරන මිනිස්සු ඉන්නවා. ඒ නිසා ටිකක් ප්‍රවේසමෙන්...!
ගෝඨාභය නෙවෙයි මේවට වගකියන්න ඕනෑ... අර මයිනා. හෙණම ගහන්න ඕනේ. ගෝඨාභය නිකන් පරිප්පු කන්නේ...
රට ගිනි තිබ්බේ ජෙප්පන් සහ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආපු ද්‍රවිඩයා සහ ගෝලයින් ටික නිසා ලංකාව ලිබියාවක් වෙලා ඉවරයි. ඔවුන් තෙල් තියන නිසා අදටත් කාලා ඉන්නවා අපි...? තව අවුරුදු 20කට ගොඩ ඒමක් නැහැ. පුතාණෝ ආවත්, කලවැද්දන් ආවත්, ගල්අඟුරු හොරා ආවත් මාස 3 කට වැඩියෙන් ගෙනියන්න මොවුන් ඉඩ දෙන්නේ නැහැ.
සින්ගප්පූරුවට ගිහින් අර්ජුන් මහේන්ද්‍රන් එක්ක දෙන්නාම හොරාගත්තු ධනය ආයෝජනය කරන හැටි සැලසුම් කරන්න...
රජෙක් වුණත් කළකම් ඵලදේවි...!
මේ දේශයට නැවත එන්න එපා මැතිඳුනි.. ඔබතුමා යම් යම් වැරැදි තීරණ ගත්තොත් එය සුදුසු නැත. ඔබතුමා රටට අවංකවම ආදරය කළ නායකයෙක් බව බොහෝ දෙනා දනී...