හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ගියේය.
ඔහු එසේ ගියේ ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් දෙවැනි වරටත් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
අවි නැව ඉදිකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ඉල්ලීමක් අනුව බව ඔහු මාධ්‍යයට පැවසීය.
අල්ලස් කොමිසම ඉදිරිපිට අද දින උද්ඝෝෂණ සිදු කිරීම තහනම් කරමින් උසාවි නියෝගයක්ද පනවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ත, රට බේරගත්ත එකද අපරාධය? මෝඩ කතා කියන්න එපා.(ම)
ගෝඨාභය කියන්නේ සුදුවෑන් යවපු කෙනානෙ..වැරැද්දක් කරල නැතිනම් ඇයි බය (බ)
ගැහැණියෙක් දියේ ගිලෙන කොට බේරා ගත්තට ඒ බවලතිව දුෂණය කරන්න අයිතියක් කාටවත් තිබෙනවාද ඉන්දික ? (ස)
නාමල් ඔබ සුදු වෑන් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරලා ඇසින් දුටු සාක්ෂි කාරයෙක් වෙන්නකෝ..(ම)
රට බේරාගත්තා කියල හැම අපරාධයක්ම කරනකම් බලාගන හිටයම හරිද? (ම)
රට බේරාගත් රණවිරුවන් ගෙදර යවපු එක ම මදි ද? (ම)
කනිෂ්ක, ඒ බවලතාව දුෂණය කරා කියලා කියන්නේ UNP /JVP අය විතරයිනේ . (වෙන විදියකට කියනවනම් ඒ බවලතාව දුෂණය කරන්න බලන් හිටිය කට්ටිය) නැතුව ඒ බවලතාගේ ගෙදර අය එහෙම කියන්නේ නැහැනේ !!! (ස)
අද මේ සමහර අයගේ අදහස් දිහා බැලුවම එදා මුළු රටේම මිනිස්සු මර බයෙන් ජීවත් වෙනකොට කොහෙද හිටියේ? එදා බෝම්බවලට අහුවෙන්න තිබ්බේ මේ මිනිස්සු.අනිත් දේ සුදු වෑන්වල කවදාවත් අහිංසක මිනිස්සු අරන් ගියේ නේ. (ස)
ඉන්දිකත් හොරු සමග හෙළුවෙන් වගේ ! (ස)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
පාවෙන අවි ගබඩාව ගැන විමර්ශනය කරන එක හොඳයි. ආණ්ඩුවට අයිතියක් තියෙනවා මේවා හොයලා බලන්න. රට බේරගත්තා කියලා කළ හැමදේම අනුමත කරන්න බැහැ. හොඳ දේ කවුරු කළත් හොඳයි. නරක දේ කවුරු කළත් නරකයි. නීතිය දැන්වත් සාධාරන වියයුතුයි (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මේ හැමදේම ගැන බොහොම විනිවිදබාවයකින් කටයුතු කර ඇත්ත මොකක්ද කියලා රටට හෙළිකරන්න (නි)
සත්‍යපාල , හොරු හොරු කිය කියා ඉන්නවා මිසක් මේ දින 100 කාවද ඇල්ලුවේ?දුමින්දගේ නඩුවට මොකද වුණේ? කේපී අල්ලනවා කිව්වා, කරුණා අල්ලනවා කිව්වා. මොකද වුණේ? මහින්දවයි ගෝඨාභයවයි අල්ලන්න තිබෙන උනන්දුව ඒගොල්ලෝ අල්ලන්න නැහැනේ. චෝදනා කර කර ඉන්නවා විතරයි. (නි)
වැරැද්දට දඬුවම් දීම තමයි රජයක යුතුකම. මහින්දම කිවුවනේ කළ වරද වැරදි කළ අය ආරක්ෂා කළ එක කියලා. සිරිසේන මහත්තයා ඒ වැරැද්ද නොකරන්නට වගබල ගතයුතුයි (නි)
කෙලෙහි ගුණ නොදන්න මිනිස්සු. (ර)
සමන්, නීතිය හැමටම පොදු වෙන්න ඕනෑ. එහෙනම් මොකක්ද මහබැංකු වංචාවට වුණේ? අද දෙමළ ඩයස්පෝරාවේ අය හිනාවෙනවා .අපේම සිංහල මිනිස්සුත් ඒ අයටම කත්අදිනවා. (නි)
මේක කොකාගේ වාරේ ලගදීම තිත්තයගේ වාරේ එනවා අන්න එදාට දුවන්න පාරවල් සහ රටවල් තෝරා බේරාගෙන ඉන්න වෙනවා. (ර)
ගෙදර උදවියට විලි ලජ්ජ්ජාවක් නැතිව කටක් ඇරලා කියන්න පුලුවන්ද ඉන්දික ? ඔක්කොම කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නේ. (ර)
හොරකම්කළේ නැත්නම් ඇයි බයවෙන්නේ? ගිහින් බයනැතුව කතාකරන්න. (නි)
ගෝඨාභය මැතිදුනි ඔබතුමා අපට සදා වීරයෙක්.ඔබතුමාගේ චිත්ත ධෛර්ය තව තවත් ශක්තිමත් වේවා. ඔබතුමාට ජයශ්‍රී! (ස)
කනිෂ්ක, එතකොට මේගොල්ලෝ කියන බොරු ඔක්කොම ඇත්ත කියල අපි පිළිගන්න ඕනේ කියලද කියන්න? දුෂණ කියා කියා හිටිය මිසක් රටේ සංවර්ධන වැඩ නවත්තල. අනිත් එක උතුරේ ටී එන් ඒ එක පිස්සු නටනවා. ඒමදිවට වර්ධරාජත් ඇවිල්ල. ඒවා හොයන්න කවුරුවත් නැහැ. (ස)
දැන් මේ සුදු වැන් ගැන අහන්නද එන්න කියල තියෙන්නේ. මේ අය අදහස් දල තියෙන්නේ නම් එහෙමයි හරියට පුවතක් කියවන්නවත් දන්නේ නැ අපේ අයනම්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කොමෙන්ට් දාන්නේ. (ර)
අනේ උබල කන්නෙය් මොනවද ? (ස)
අනේ පවු! කොහොම ඉන්න තිබුණ කෙනෙක්ද මේ? (නි)
රටේ ජීවත්වෙන මිනිසුන් විදිහට ඇත්තටම අපිට හරි සැහැල්ලුවක්, යහ පාලනයක්, මනසට නිදහසක් දැනෙනවා. සිරිසේන ජනපතිතුමනි ඔබට පින්! (ස)
අත්අඩංගුවට නොගන්නේ එහෙම කරලා ඉවරයක් කරන්න බැරිනිසා. එහෙම උනොත් මෙයාලටට ලක්ෂ 50 ක් වත් අත්අඩංගුවට ගන්න වෙයි. මේක මෙතනින් නවතින්නේ නැහැනේ. අවසානයේ සිවිල් යුද්දයක් දක්වා යනවනේ. ඒ බය නිසා අත්අඩංගුවට ගන්න වත් වෙඩිතියන්න වත් බයයි. අනික මේක පැලැස්තර ආන්ඩුවක්නේ. (ස)
මෙයාල හොඳ මිනිස්සු මෙයාලගේ පරම්පරාවම නිර්දෝෂයි (බ)
ඔය ගෝඨාභයට පක්ෂව කොමෙන්ට්ස් දාන අය මුලින්ම දැනගන්න ඕන අල්ලස් කොමිසමට බොරු පැමිණිලි දැම්මොත් එයට පුළුවන් බොරු චෝදනා කළා කියන එක යටතේ නඩුදාලා හිරේ දාන්න , ඔය සියලු නිවැරදි තොර තුරු සහිතව දීල තියෙන්නේ අනිත් එක මොලේ කළදක් තිබුන කෙනෙක් නම් දන්නවා ඔය කට්ටිය එදා හිටියේ මැස්සෙකුටවත් පියබඹන්න බැරි තරමට එතකොට චීනෙන් ගත්ත රුපියල් කෝටි 69,000 ට මොනවාද උනේ පාරවල් නැව් නැති වරායවල් සේරටම මහා කොමිස් කුට්ටි එක්කමත් ගියේ රුපියල් කෝටි 24 ,000 යි ඉතුරු මහා ධනස්කන්ධය කෝ රට අද පොලිය විතරක් ජාතික ආදායමට වඩා වැඩියි , එදා නිදන් හැරුවේ පී, එස්, ඩී, එකෙන් වනාතමුල්ලේ සුනිල් ව ඉස්සුවේ සුදුවෑන් වලින් මේවා බොරුද ? (බ)
අතුල කියන කතාව හරියටම හරි මන් හිතන්නේ අපේ රටේ නිහඬ බුද්ධිමත් ම්නිසුන් මේ සත්‍ය දැනගෙන ඉන්නේ එන ඡන්දයේදී නියමෙට පිළිතුරු දෙයි (ස)
අතුල ගෝඨා එ්ක කරන බව අපි දන්නවා. කීප දෙනෙක්ම ලඟදි සමතයකට පත්වෙලා සමාව ඉල්ලලා තිබුනනේ. යහපාලන සමයේ පවා. ප්‍රශ්නේ තියෙන්නේ සමාව ඉල්ලන එව්වා පුවත් වල යන්නෙත් නැ ගියත් පොඩි අකුරින් වචන දෙකෙන් යන්නේ. උන අපකීර්තිය මැකෙන්නේ නැ. වනාතමුල්ලේ සුනිල්ද ඔයාගේ විරයා. ඔයා ගැන එ්කෙන්ම තේරෙනවා. ඕකට විතරක් කෑගහන්නේ මහබැංකු වංචාවටත් කෑගහන්නකෝ. ආර්ථිකේ කළමනාකරණය කරන්න බැරි උන් පාලනේට අවම ඔහොම වෙනවා අතුල. එකයි අද තියන ප්‍රශ්නේ වෙනමොකුත් නොවේ. (ස)
මේවා හෙන ගහන අපරාද.... (ස)
දිනේෂ් ඔයාට තමා හෙන ගහන්නේ. (ස)
අල්ලස් කොමිසමට කැඳවීම් ලබන්නෝ කවරහුද? (ම)
අයි උද්ගෝෂකයෝ අත්අඩංගුවට ගන්නේ නැත්තෙ? උසාවී නියෝග කඩ කරනවට පොලිසිය බය ද? දැන් පොලිසියට නඩු දාන්න ඕනි උසාවි නියෝගය ක්‍රියාත්මක නොකිරීමට. (ස)
මෙයාලා කරපු අපරාධ දැන් වත් අල්ලන එක හොදයි...(ම)
අපේ රට ඊජිප්තුවක් කරන්න එපා. (ම)