හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක යන දෙදෙනාට අද  සිට ගුවන් ගමන් තහනම් නියෝගයක්  පනවා ඇත.

අදාල නියෝගය අද උදෑසන 10.33 සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි කියයි.

මංජුල කුමාර යාපා හා කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙලගේ ද එතෙර ගමන් තහනම් කර ඇත.

පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන කටයුතු පහසු කර ගැනීම සඳහා මෙම ගුවන් ගමන් තහනම් නියෝගය පනවා ඇති බව වාර්ථා වෙයි.