රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන පෙබරවාරී 15 වැනි දා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශන සැළකිල්ලට ගැනීමෙන් පසුව තිබු අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගොනුකර තිබු පෙත්සම විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.
මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා ඇතුලු පස් දෙනෙකු නම් කොට ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ දී කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙහි පෙත්සම්කරු සඳහන් කරන සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය ඉදිරිපත් කොට ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී බවත් මේ වන විට එහි කාලය පිරී ඇතැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩී ඒ රාජපක්‍ෂ කෙනෙක් ගැන දැනගන්න ලැබුනේ මහින්ද ජනාධිපති වුණාමයි. එයා වෙනුවෙන් මහජන මුදල් කෝටි නමසිය හතළිහක් වියදම් කරලා සොහොනක් එයාගේ පුත්තු සැදුවා නම් තම සියලු දේපල රටට පැවරු සර් ජෝන්, රටට වැඩක් කල ඩී එස් ලා, ඩී බී ජයතිලකලා, ලක්ෂ්මන් කදිර්ගාමර්ලාගේ සොහොන්වලට ප්‍රකෝටි ගණන් වැය කරන්න වෙයි. මෙහෙමත් රටක්..!
මහජන මුදල් අවභාවිතා කරපු අයට කවදා හෝ මේ ලෝකේ පාලන කරන දෙවිවරු දඬුවම් දෙයි. අහිංසක මිනිස්සුන්ගෙන් එකතු කරන බදු මුදල් වලින් මේ අයගේ සොහොන් හදනවා මේ අයට හෙන ගහන්න එපැයි...
අතුරු තහනම් නියෝගය ගව් ගණනක් ඈතට ගියාදෙන් බැංකු වංචා කාරයින් අල්ලාගෙන දැන්ම හිටෝ පස්ගහමු. මුන්ගේ තවත් හොරවැඩ බොහොමයි සමහරක් ට පුද්ගලික ගුදම් පවා වාරයේ ඇත.
යුද්ධය පැරදුනත් ඊට සහබාගිවුවන්ට සොහොන් ගොඩනැගීමට පවා ද්‍රවිඩයා කෙලෙහිගුණ දන්නා එකෙකි. එත් දිනන්න බැහැ කියා අවුරුදු 30 වැලපෙමින් සිටි නිවටයින් ට අවුරුදු 2 කින් රට බේරාදුන් නායකයින් ලොවට බිහිකළ පියෙකුගේ සොහොන ගැන අදෝනා නගන සිංහලයා?
මේ මොන නඩුද?
මහත්තයෝ..... ලැජ්ජයි..... නීතිය ඉදිරියට ඇවිල්ලා නිර්දෝෂී බව ඔප්පු කරන්න.
වැරැද්ද කල මිනිසා නීතිය ඉදිරියට එන්න බියවෙනවා.............. ඔහු නිර්දෝෂී බව සෙන්පතියෙක් විලසින්ම පෙන්නන්න තිබුන ඔහු යුද්දයට දායක උනේ රාජකාරි මට්ටමෙන් මිස ඔහුට රටේ මුදල් හා බලය අවභාවිතාකළ නොහැක............. මේවා තේරුම් නොගත් මෝඩ දුපත්වසීන් නිසාම අපි තවම තුන් වන රටවල් ලැයිස්තුවේ වසර 70 කට එහා................