ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අතිරේක ලේකම් ඩී.එම්.එස්.ජයරත්න හා ඇවන්ගාර්ඩ් මැරිටයිම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂාකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය රහස් පොලිසියට අද (26) නියෝග කළාය.

ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම් ජයරත්න මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇති නිසා ඇගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. පාවෙන අවි ගබඩාව ඇති මහනුවර නම් නැවේ කාර්ය මණ්ඩලය මාරු කිරීමටත් එහි ඇති අවි වෙනත් නැවකට මාරු කිරීමටත් විත්තියෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.