මේ සතියේ තමාගේ කාලසටහන පහත පරිදි යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරයි.
සඳුදා - අල්ලස් කොමිසම
අඟහරුවාදා - මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය
බදාදා - රහස් පොලිසිය
බ්‍රහස්පතින්දා - අල්ලස් කොමිසම
‘ඇප කැප වී උනන්දුවෙන් අවංකව කළ සේවයට උපහාර ලැබෙන්නේ මේ විදියටයි.‘ යනුවෙන් ඔහු එම ෆේස්බුක් පණිවිඩයේ සඳහන් කර තිබේ.
තමා බොදු බල සේනාවෙන් ඡන්දය ඉල්ලන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි ද, එම කතාව පළ කළ වෙබ් අඩවියක් තමාගෙන් සමාව ගෙන ඇතැයි ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිල් මේවට "කියන්නේ "කළ හොඳ පස්සෙන් එලවනවා" කියලා.(හේ)
කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ.(හේ)
ලන්ඩන් නිමල් ළමයෝ, යුද්දය විකුණගෙන කෑවේ කවුද? ඒක ඉවර කළේ කවුද කියල මේ පොළොවේ පය ගහල ඇහැ කණ අරගෙන ජීවත් වෙන මිනිස්සු දන්නවා. ඔය ළමය රට ඇරලා ගියා නං ගිය විදිහට හිටියනං හොඳයි. (අ)
ඒක තමයි අපි ලංකාවේ ඉගෙනගෙන වෙන රටකට වැඩ කරන්නේ. මොකද ඔහේ වැඩ කළොත් අපේ ළමයින්ටත් යන එන මං නැතිවෙනවා (නි)
මුදිතා මිනී මෝරු දැක්කේ තේ කෝප්පෙක ද? (අ)
නිමල්ගේ අදර ගෞරවය සුදු කොඩි කතාවෙන් රට පාවල දුන්නු එක්කෙනාටත් ලැබෙනවද? (අ)
රට රැකගත් දිවිපිදු රණවිරුවන්ට අපේ ගෞරවය ආදරය හැමදාමත් එලෙසමයි.එහෙත් යුද්ධය විකුණාගෙන කා බලය වෙනුවෙන් අනීතික හා දුෂිත ලෙස රටේ මහජන දේපල අපහරණය කර බලයෙන් මත් වූ පිරිසකගේ සැබෑ තත්වය හෙළිකිරීම වරදක්ද? අපහාසයක්ද? අප කියුදේ මතු දා සත්‍යක් වනු ඇති. මා කියූ දහම් පදය රටේ දේශපාලකයින් සැමටම අදාළය... (නි)
විදුලි පුටුවටත් යන්න හිටපු අය අත්අඩංගුවට ගනීවි කියලා උසාවි ගිහින්. වැරදි කරලා නැත්තම් ඇයි බය? (නි)
රට බේරාගත්තාට අපගේ ප්‍රණාමය! (නි)
ඔබ ඇත්තෙන්ම විශිෂ්ටයෙක් (නි)
ඔබ කවුද යනු මුළු දේශයම දනී. පිහිය මුවහත් වනුයේ ගලක ගෑමෙන් මිස එය වෙනත් සුමුදු දෙයක ඇතිල්ලීමෙන් නෙවේ. මෙයින් ඔබ තවත් පරිනත වී, ඉදිරියට විත් ජාතියට සේවය කරනු දැකීම අපගේ බලාපොරොත්තුවයි. (නදී)
ඔබ තුමා ඇත්තටම බොරුවක් වංචාවක් කලානම් මේ වන විටත් සුද්දගේ රටේ පදිංචි වී අවසානයි. එසේ නොකළේ ඔබ ස්තිර වශයෙන්ම මේ රටින් කොටි පලවා හරින්න විශාල සේවයක් කල නිසා. ඔවුන් ඔබව මරා දමන්නට මග බලන් සිටිය බව ඔබ දන්නා නිසායි (නදී)
රණ වීරුවන් යුද්ධ කරද්දී චන්ද කළා..රේස් පැද්දා.විරුද්ධවාදීන් දඩයම් කළා..සුදු වැන් සංස්කෘතිය සමාජ ගත කළා..කාටුනායක, හලාවත.රතුපස්වල සාධාරණ උද්ගොෂනවලට ගිනි බින්දා.පොළොවේ පයගපු අයට මේවා පෙනුනේ නැද්ද ඒ දවස්වල. අපි විදෙස් ගත උනෙත් මෙන්න මේ නිසා.සායින් හඬන දූදරුවන් උදෙසාම.ආයෙන් මෙහෙවරට නොරටුන් ලඟ මෙහෙම. (කේ්)
මෙ සියලු දෙනාම නිතිය ඉදිරියට ගෙනා යුතුමයි...නැත්නම් ශ්‍රී ලංකාවේ අනාගත පරපුර නීති කඩන්න පෙළඹෙන එක වලක් වන්න විදියක් නැහැ...තරාතිරම නොබලා දඬුවම් කළ යුතුමයි..(කේ)
මේ උපහාරය සතුටින් පිළිගන්න.(හේ)
ඕවා තව ටික දවසයි.(හේ)
රටට සේවය කළා කියන එක නීතියෙන් බේරිලා ඉන්න හේතුවක් නෙමේ.අපරාධ කරලා නැතිනම් බයවෙන්න දෙයක් නෑනේ..(හේ)
මම අහලා තියෙනවා ගොඩක් වැඩ කළොත් ගොඩක් කරදර ,ටිකක් වැඩ කළොත් ටිකක් කරදර කියලා.(හේ)
සරත් ෆොන්සේකාටත් මෙහෙම යුගයක් තිබුණා. (හේ)
ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියලා. (හේ)
ඉතිහාසය සාෘධරණය ඉටුකරාවී (ම)
ඔබ තුමා අප රට නිදහස් රටක් කර කල සංවර්ධනය අපට මතකයි ඔබතුමා පසුතැවිලි නොවන්න අප ඔබ සමගයි (ම)
අනිල් කියන්නේ මොන විදිහේ දිට්ට ධම්ම කර්මයද ? රට නිදහස් කරලා දෙන්න උදව් කළ පවද මේ මහත්තයා කරපු පව ??? අනගාරික ධර්මපාල තුමාගේ කතා මතක් වෙනවා මේවා දකිනකොට.. මේ වගේ රටට වැඩ කරපු යට මෙහෙම සලකල මේ රට හොඳක් වේවිද?(හේ)
ඇයි දැන් මේ දේවල් මුහුණු පොතේ ලියන්නේ.(හේ)
ලංකාවේ ඉතිහාසය ගත්තොත් වැඩිපුරම තිබෙන්නේ මහා පරිමාණයෙන් රට පාවාදීම්ය. (හේ)
මං කිව්වේ මුදිතා ඔය තාමත් අර ජනාධිපතිවරණ කාලේ දුන් අන්තර්ජාල ලණු ගිලපු ගමන් නේද කියලයි (නි)
දැන් දන්නවා ඡන්දයකට ගියොත් ගෙදර යන බව. එ්ක නිසා හොදම දේ තමයි පහුගිය ආණ්ඩුවේ හිටපු ඔක්කොම අල්ලලා හිරේ දැම්මම ගොඩක් හොඳයි කියලා. මෙන්න යහපාලනය. (නදී)
ලුම්බිණි නෝනා, මෙතුමා සුදු කොඩි වනාගෙන ආව අයට වෙඩි තියන්න කිව්වේ නැහැ. ඔය කියන කතාව ඔබ තුමියට සැප්තැම්බර් මාසේ ජිනීවා වලින් අහන්න පුළුවන්. අනිල් මහතා හරි බෙදුම්වාදින්ව අවසන් කිරීම ගැන ඩයස්පෝරාව තියෙන තරහා තමා මේ ගන්නේ. මේ ආණ්ඩුව ඩයස්පෝරාව සතුටු කරන්න ඕනෙනේ. කමක් නැහැ මහින්ද , බැසිල් , ගෝඨා , චමල් නාමල් යන සියලුම මහත්වරු හිරේ දාල ඩයස්පෝරාව හා නොර්වේ සතුටු කරන්න. නමුත් රට වෙනුවෙන් යුද වැදුන අබීත රණ සෙබළුන්ව පාවා දෙන වැඩ කරන්න එපා. එයාල අතින් යුද අපරාධයක් උනා නම් ඒ අනෙකුත් සිංහල , ද්‍රවිඩ , මුස්‌ලිම් වැඩි දෙනාගේ යහපතට මිස තමා ගේ පුද්ගලික ලාබය වෙනුවෙන් නොවේ .(නදී)
අවංක සේවය කරා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ.(හේ)
ඉටුකොට තමසතු යුතුකම්-ලැබුණත් ලෝකෙන් ගැරහුන්-ඉවසන්නට පුළුවන් නම්-නුබයි මගේ පුතා උතුම් (ම)
ලන්ඩන් ඉඳන් කවියෙන් බණ කියන නිමල් හෙට්ටිආරච්චි පුතේ, උඹේ ඔය බණ ඩිංග මේ රට බේරාගත් දරුවන්ට නිකරුනේ කරදර කරන උදවියටත් ඇහෙන්න ටිකක් සද්දෙන් කියාපන්කෝ හොඳ ළමයා වගේ.. (නි).
ප්‍රශ්න කලා කියල හිරේ දන්නා බෑ. මෙතුමන්ලට මෙහෙම උනේ වටේ හිටපු අය මෙයාලව අන්දපු නිසා. දැක්කනේ මෙයාලගේ ගෙදර තිබුණු මිනි මෝරු ඉන්න ටැංකිය දැක්කනම් පියවි සිහියෙන් වැඩ කලේ නැහැ කියල තේරෙනවා. බලෙන් මත් වෙලා හිටියේ පොලිසියේ බැනුම් අහපු ලොක්කෙක්ගෙන් ඇහුවනම් මෙයා ගැන කියයි. රටක නීතියක් සදාචාරයක් නැහැ වගේ වැඩ කලාම මේවට මුණ දෙන්න වෙනවා රාජපක්ෂලා රජවරුන්ටත් වැඩිය ඉහලින් ඉන්න තිබුනා. අඩු ගානේ දැන් වත් පැත්තකට වෙලා ඉන්නවා නම්. (නදී)
දුමින්ද, බොහෝ දෙනෙකුට අමතකවුණ මේ අනගි කවි ඔබට මතක තිබීම බොහොම අගෙයි. මුල් කවියේ තියෙන්නේ "ඉටු කොට කළයුතු යුතුකම් - ලැබුණත් ලෝකෙන් ගැරහුම් -ඉවසන්නට පුලුවන් නම් නුඹයි මගේ පුතා උතුම්" කියලයි. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ මේ කවි ලිව්වෙත් අද වගේම අපේ රටේ නිදහස අනතුරක තිබුණු යුගයක සැබෑ නිදහස් සටනක් වෙනුවෙන් ජාතිය මෙහෙයවීමටයි. (නි)
සමීරගේ කටේ මසුරන් දාන්න වටිනවා. අපේ රටට අනුපමේය මෙහෙවරක් කළ ධර්මපාලතුමා අන්තිමට කිව්වේ නිවන් දකිනා ජාති දක්වාම මේ රටේ නම් උපදින්නවත් සිද්ධවෙන්න එපා කියලයි. එපමණටම එතුමන්ට නින්දා අපහාස කළා. අනිල්ලා, නිමල්ලා සහ මුදිතලා වගේ අය ඒ කාලෙත් ඉන්න ඇතිනේ. (නි)
නිමල්, හැඳින එපව් දුරලන උපදේසේ - නොදුන මැනවි තුන්දොර අවකාසේ කියලත් ඒ කවියේ තියෙන හින්දා උතුමන්ට අවලාදකීමට ලෝවැඩ සඟරාවේ කවි යොදාගෙන තවත් පව් පුරෝගන්නවට වඩා හොඳ නැද්ද ඔයාගේ ඔය බ්රේක් නැති කට පාලනය කරගත්තා නම්? (නි)
පෙළ දහම් නොදන්නා අප හැමට ධර්මාවබෝධයට උපකාර වනු පිණිස වීදාගම හාමුදුරුවන් විසින් ධර්මෝපදේශ කැටිකොට ලියු කවි පවා රට රැකගන්නට මහා මෙහෙයක් කළ ජාතික වීරයෙකුට අවලාද කීම පිණිස යොදාගන්නා තරමට අපේ උදවිය පිරිහිලා නේදැයි ලන්ඩන් නිමල් හෙට්ටිආරච්චි වැනි අයගේ අදහස් දකිද්දී ඔබට සිතෙන්නේ නැද්ද? (නි)
ගෝඨාභය මහතාණෙනි, ඔබ රට වෙනුවෙන් කළ මෙහෙවර ජනතාව දනිති. මේ තාවකාලිකව එළැඹි දුර්දසාවට මුහුණදීමට ඔබට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි. සියලු දෙවියෝ ඔබ රකිත්වා! ඔබ රකිත්වා!! ඔබ රකිත්වා!! මේ අවනඩු දෙවියෝම බලාගන්නා සේක්වා! (නි)
වැපිරූ හැටියට තමයි අස්වැන්න ලැබෙන්නේ. (නි)
සැලෙන්න එපා මහත්තයෝ. බොහෝ ජනතාව ඔබ සමඟයි (නි)
ඔබට අපේ උපහාරය! ඔබ නිසා අපි අද බය නැතුව පාරේ බැහැලා යනවා. අවුරුදු තිහක් රටේ තිබුණු ත්‍රස්තවාදය නැති කරන්න කොන්ද පණ ඇති ආරක්ෂක ලේකම් කෙනෙක් ලෙස රටට කළ සේවයට අපි සදා ණයගැතියි. ඔබගේ සේවය හෙට දිනයේදීත් රටට අවශ්‍යයි. ඔබට ජය! (නි)
කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ඔබතුමායි කළමනාකරණය කොට සියල්ල නොපිරිහෙළා එඩිතරව කළේ. එදත් නිවට ද්‍රෝහී පිරිස් එයට අකුල් හෙලුවා.කිසි බලවේගයකට නොනැමී ඔබත් ,මහින්ද මහත්මාත් ජයග්‍රහණයේ නායකත්වය දුන්නා.කවුරු කෙසේ කිවුවත් අපි ඔබතුමාට ආශිර්වාද කරනවා. (නි)
අනේ අම්මෝ! මම නම් මුකුත් කියන්නේ නැහැ. (නි)
ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ.ධාර්මිකව රට පාලනය කරපු අයව ධර්මයෙන් ආරක්ෂා කරාවි. (කේ)
මුදිත ඔය ටැංකිය බලන්න ගියද? අනේ මවත් එක්ක යන්නකෝ.(කේ)