(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාපරාධී පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගයට ගැනීමට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝග ප්රකාශ්යට පත් කිරීමට දින නියම කිරීම සඳහා රිට් පෙත්සම් ලබන 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද ( 06) නියෝග කළේය.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
වීරකැටිය මැදමූලන ඞී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන්, එම.එස් .කේ.බී විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඔහොම ගිහින් අන්තිමේට මේ මහත්තයට නඩු දාපු අයට උත්තර බඳින්න වෙන දවසත් එයි දන්නෙම නැතුව. එදාට තමයි නඩු දාන හැටි සහ නඩු අහන හැටි කොහොමද කියල සියලු දෙනාටම බලා ගන්න පුළුවන් වෙන්නේ.
මිලියන 33.9 මෙවා භාණ්ඩාගාර යේ සල්ලි, බදුසල්ලි....
රට බාරදෙමු කියන්නේ මොහුටද?
මොන නඩුද , අඹගෙඩි 3 කට පමණි හිරේට යවන්නේ. ලොකු ගණන්වලට / ගනින්නට අමාරු ඉලක්කම් වලට ආපුවහම , තීන්දු දෙන්න කල්යනවා.
ලංකාව බෝම්බ වලින් මුදා ගත්ත එක මේ ඔක්කොටම වඩා වටිනවා.
මහාධිකරණයට බලයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝග ප්රකාශ්යට පත් කිරීමට දින නියම කිරීම. දේශපාලුවන්ගේ සොරකම් සෙවීමට කිසිම අයෙකුට බලයක් නොමැත. භාණ්ඩාගාරය අම්මගේ අප්පාගේ පරවෙනියෙන් පැවත එන තට්ටු මාරු ක්‍රමයට සූරාගෙන කෑමට බත් කන හරක් ඡන්දදායකයන් විසින් දේශපාලුවන්ට සින්නක්කරව පවරා ඇති දෙපළකි. එකෙන් කීයක් හොරාකැවත් අනික් එවුන්ට තියෙන රුදාව මොටෝ ? ආදර්ශය - අඹගෙඩි , පොල්ගෙඩි 2- 3 කඩලා හිරේ යන්නේ නැතිව අඩුම තරමේ බැංකුවක්වත් කඩාපල්ලා. හදිසියේ පොලිසියෙන් ඇල්ලුවොත් දාපල්ලා රිට් එකක්. ලොකු නම් නඩුව ඇහී, ඇහී තියෙයි. මටත් හරි ආසයි දෙශපාලුවෙක් වෙලා රට කන්න පොටක් පාදගන්න. එතකොට දේශප්‍රේමයෙන් රටවැසියන් අමතලා ඕනි විධිහට යටින් ගේම ගහන්න පුළුවන්.
කොළඹ නගරය තම පාලුවට ගිහින් තියෙන්නේ . මිනිස්සු වැඩට එන්නේ නැහැ . පිටරට ඉදන් සමහරක් මෝඩ කතා කියනවා
දැන් අපේ රටේ මිනිස්සු හිතන්නේ හොරකම් කලත් වැඩක් කලානේ කියල. ඉතින් හොරකම් කලාට දඬුවම් දෙන්න හදනකොට කෑ ගහනවා. හොරකම් කරපු එකා හොදට හිනාවෙනවා ඇති, මේ වගේ මෝඩ මිනිස්සු කියල. මේ විදියට හිතන එක අනාගතයට දෙන වැරදි පණිවිඩයක්. ඒක නිසා, මොන හොඳ කලත් වැරැද්දට දඬුවම් දිය යුතුමයි. අනිත් කාරනය, ඒක හොරෙක්ට දඬුවම් දෙන්න යනකොට අනිත් හොරු ගැන කියව කියව ඉන්න එකත් නවත්තන්න ඕන.
වැරැද්දක් කරලා නැත්තම් ඇයි නඩු දාන්න එපා කියලා අඬ අඬ ඉන්නේ? නඩුවලට පෙනී ඉඳලා ඒවායෙන් නිදහස් වුනානම් කාටවත් මොනවත් කියන්න බැහැනේ. ෆොන්සේකාට මොනතරම් නඩු දැම්මද එයා නඩු දාන්න එපා කිය කිය ඇඬුවද? ඒක තමයි නියම වීරත්වය කියන්නේ.