ගාල්ල වරායේ ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන නැවේ අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ ඉල්ලීම අනුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරයකු වන සෝමතිලක දිසානායක (ඇවන්ගාර්ඩ් විධායකයෙකි) හා මංජුල කුමාර යාපා හා කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙලගේ එතෙර ගමන් තහනම් කරන ලෙස නියෝග කළාය.
මෙම නියෝගය ලද වහාම රහස් පොලිසිය කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධරයනට මේ ගැන දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද වැඩක් දැන් මේ අයට විරුද්ධව තියන චෝදනා හැකි ඉක්මනින් පරික්ෂා කර නඩු පවරන්න !(දිල්)
මේකත් යහ පාලනයේ එක සංදර්ශනයක්. මේ අැවන්ගාර්ඩ් එකේ ලොක්කව රටින් පිටවීම වලක්වා තිබියදී යන්න අවසර දුන්නා. ලඟදි මෙම සමාගම නිදොස් සමාගමක් හැටියට නව රජය සඳහන් කළා. ඉතින් මොකටද ආපසු මෙම සංදර්ශනය (නදී)
මේකද? යහපාලනය.රටේ ජනතාව දැන්වත් තේරුම් ගත යුතුයි (අ)
ඇත්ත තේරුම් ගන්නකොට පරක්කු වැඩියි (නදී)
යහ පාලනය දෝරේ ගලනවා. විජයදාස කිසිම වරදක් නැහැ කියල කියනවා. කිරිඇල්ල නියම අන්දමට බදු ගෙවූ බවට පාර්ලිමේන්තුවේ දී කියනවා. මේ කරන්න යන්නේ මොකක්ද? (නදී)
ඕවා සරත් ෆොන්සේකාගේ ඉල්ලීම්ද ? (නදී)
මෙතන කිසිම නීති විරෝධී දෙයක් නැහැ කියල විජේදාසම කියලා තියෙනවා. මොනවද මේ කරන්නේ ? (නදී)
මේවා මිනිසුන්ව රැවටීමට ගත්තු තීරණයක්ද නැත්නම් ඇත්තටම දඬුවම් දීමට ගත් තීරණයක් දැයි ප්‍රශ්නයක්.(නදී)
අරුම පුදුමයක් නොවේ-නැව ගාලු මුදේ තවම පාවේ. (නදී)
ඇයි ඒ පාවෙන ගබඩාව නීති විරෝධී නැහැ කිව නේද එහෙනම් ඇයි මේ තහනමක් මුන්ට පිස්සුද නැත්නම් අපිට පිස්සුද (නදී)