ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යෑමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇවන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (1) නියෝග කළේය.
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සුජාතා දමයන්ති.පාලිත පියසිරි ප්‍රනාන්දු,කරුණාරත්න බණ්ඩාර අධිකාරි,සෝමතිලක දිසානායක,ජයනාත් සිරිකුමාර කොළඹගේ,ජයන්ත පෙරේරාට එසේ රට ගමන් යාමේ තහනම ඉවත් කැරිණි.ඔවුනට රට ගමන් තහනම ඉවත් කරන ලෙස විත්තියේ ජනාධිපති නීතීඥ කණ්ඩායමක් ඉල්ලා සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා විරෝධය නොපෑවේය.ඔවුන් රට යාමට සතියකට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුර විභාගය පෙබරවාරි 13 වැනිදාට කල් තැබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියට වුනත් තේරෙනවා ඇති මේ මනුස්සයා අතේ වැරැද්දක් නැහැ කියලා. දේශපාලන පළිගැනීමකට උත්සාහ කිරිමක් විතරයි කියලා.(හේ)
දැන් දැන් නීතිය නමනවට වඩා යමක් කෙරෙන්නේ නැහැ වගේ (ර)
අපි හිතුවා මෙහෙම වෙයි කියලා (නි)