හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය හෙට (7) එළිදැක්වේ.
2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. ඒ අනුව 2019 නොවැම්බර් මාසයේ සිට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව ඔහු බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටින්නට විය.
කුමන්ත්‍රණකාරී බලවේග ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අග දී ආරම්භ වූයේ කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා එන්නත් ව්‍යාපාරය දියත්කර ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අවස්ථාවකදීය.
මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අත්දැකීමකි. එබැවින් මෙම කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වන බව නොඅනුමානය. මෙම ග්‍රන්ථය හෙට 7 වැනි සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" - මා විසින් මා නෙරපීම සඳහා මා විසින්ම නිර්මාණය කර ගතිමියි" කියා මෙම පොතේ නම සංශෝධනය වුවා නම් හොඳ යැයි සිතමි!
කුමන්ත්‍රණය පටන් අරන් තියෙන්නේ කබ්රාලුයි, මුදල් ඇමැති වෙලා හිටිය එයාගේ මල්ලියි වෙන්න ඕනේ...
අයියලා, මල්ලිලා යාළුවෝ එකතුවෙලා හොරාකාපු විදිහ ගැනත් තියෙනවද?
අමුතුවෙන් කියලා හෙළිකරන්න දෙයක් නැහැ. දන්නෝ හොඳාකාරවම දනිති. සෞභාග්‍යයේ දැක්ම, වියත්මග... වැඩක් වුණාද? පොතක් ලියන්න තරම් උගත්කමක් දැනුමක් තියෙන කෙනෙක් නම් තව කමක් නැහැ...
ලැජ්ජාව මකාගන්න පොත් ලිව්වාට වැඩක් නැහැ. ඒක ලියන්නෙත් තමුන් නෙමේනේ. පොතක් ලියන්න තරම් දැනුමක් තියෙනවා නම්. ලෝකය වටේ. රවුම් ගහයිද? රටින් කිසි කෙනෙක් පැන්නුවේ නැහැ. අත් දිගට ඇඳලා ටයි එක දැම්මම හරි උගත් කියලා හිතන් ඉන්නේ. මුලු පරම්පරාවමටම නූගත්කම පිහිටවලා. ඒක කැපී පේන්න වැඩ සලස් වලා තියෙන්නෙ දෙවියෝ. ඇමැති කෙනෙක් මට එව්වා මේ ඔයාලාගේ ජනාධිපති කියලා. එයා මගේ යාලුවෙක්. පහේ වසරෙ ළමයෙක්ගේ දැනුම නැහැ.
බයේ හොරෙන් පැන්න විදිය තියනවද?
කතාව කියන්නේ ගෝඨා නොවෙයි, බැසිල් !!! මේ මනස්කල්පිත කතාන්දරයේ රචකයා තමයි මල්වානේ කපුටා. ගෝඨාගේ නම පමණයි. ඔය පඩංගුව එළියට දාන්න කලින් කපුටා ලංකාවට පැමිණිය යුතුව තිබුණා. දැන් වෙලාව හරි. නමුත්... ලංකාවේ මිනිස්සු දැන් ඒ ගොනාව විකුණලා. අන්දන්න බැහැ!!!
මොනවා ලිව්වත් රාජපක්ෂ හොර හැතිකරයට ආයේ කවමදාකවත් ශ්‍රී ලංකාවේ පාලනය බාරදෙන්න රටේ ජනතාව මෝඩ වෙන්නේ නැහැ. ඔවුන්ගේ එකම ප්‍රාර්ථනාව මේ පවුලම එකම හිර කූඩුවක ජීවිතාන්තයටම ගාල් කිරීමයි.
දැන් ඔය පොත් දැම්මාට අපි අහුවෙන්නේ නැහැ. මාලිමාවට ජයවේවා !!!
"හොඳටම කෙරුව හැටිත් " ඔය පොතේ පහදලා දීල තියෙනවද ?
බොරු බයිලා මේවා... මොවුන්ගේ නොහැකියාව මිසක් වෙන මොනවත් නෙවෙයි... මෙයා කෘෂිකර්මය ගැන උපදෙස් ගත්තේ ළමා රෝග විශේෂඥයෙක්ගෙන් ... ඉතින් ඔන්න මොලේ තරම...
කුමන්ත්‍රණ කෙසේ වෙතත් ඔහුට රටක් පාලනය කිරීමට හැකියාවක් නැති බව ඔහු විසින් ඔප්පුකර අවසන්... ගෝඨාභය විසින් ගත් බොහෝ තීරණ වැරැදි වුණා. තමන්ගේ වැරැදි දැක ඒවා නිවරැදි කර ගනු වෙනුවට තවමත් අනිත් අයට ඇඟිල්ල දිගුකරන එක ගැන කණගාටු වෙමි...
බොරු කතන්දර එපා මහත්තයෝ, තමන් වැඩ බැරි දුර්වල, මෝඩ, උද්දච්ච පුද්ගලයෙක් බව දැන්වත් පිළිගන්න. කුමන්ත්‍රණ කරලා රට රවටලා බලය ඇල්ලුවාට ඒක නිසි ලෙස පවත්වාගෙන යන්න තරම් බුද්ධියක් හෝ අවබෝධයක් තමන්ට නොතිබුණු බව තමයි රටට පෙන්නුවේ...!
හොර රහසේ පැන ගිය හැටිද?
අත්‍යාවශ්‍යයෙන්ම මිලදී ගත යුතු කියවිය යුතු පොතක්. අරගලිස්ට්සාලා කාගේ බළල් අත් වූවාද යන වග වඩාත් හොඳිින් දැන ගැනීමට එමගින් කාට කාටත් අවස්ථාව උදාවනු ඇති...!
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියන්න. පොත ලිව්වේ රාමා, පොතේ කවරේ ගෝඨාභය...!
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
"ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" - "මට ඡන්දය දුන් 69 ලක්ෂයක් අවසානයේ මට විරුද්ධව කුමන්ත්‍රණය කර මා එලවා දැමුවෝය" කියා පිළිගන්නවා ඇර වෙන බයිලා ගහලා වැඩක් නැහැ...
ඔබට දේශපාලන පරිණත භාවයක් නොමැතිකමත් උදච්ච, මෝඩ ගති පැවතුමත් ඔබ වටා සිටි ගජමිතුරු කල්ලිය ප්‍රයෝජනයට ගත්තා, පිඟන් ගඩොල් රටින් ගේන එක නතර කළ නිසා ලංකාවේ පිගන්ගඩොල් මිල 3 ගුණයකින් පමණ ඉහල ගියා... ඒකෙන් නොසෑහෙන ලෙස හම්බකලේ ධම්මික පෙරේරා... සිමෙන්ති යකඩ ගැන කියන්න තිබෙන්නේත් මෙවැනි කතාවක්, ඉදිකිරීමේ කර්මාන්තය කඩා වැටුණා. සීනි ගැන ගත්තු තීරණ නිසා විල්මා මුදලාලි පෝසත් වුණා. නිරෝධන හෝටල් නිසා දිලිත් ජයවීර සහ අනෙක් ගජ මිතුරෝ පෝසත් වුණා. ලෝකේ කොහේවත් නැති කොරෝනා නීති නිසා විදේශ ශ්‍රමිකයෝ පාරට වැටුණා... සමහරු මියගියා... පොහොර නොමැතිව ගොවියා අතරමන් වුණා. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයාගෙන යනවිට, ඔබගේ ගෝලයෝ මේවාට සම්බන්ධ බවට සාක්ෂි ලැබුණා, නිසි වෙලාවට IMF නොගිය නිසා පැට්‍රල් බෙහෙත් නැතිව මුළු රටම නැවතුණා. පිඩනයට පත්වුණා. සියලු දෙනාම එකතුවෙලා ඔබව එලවලා දැම්මා.. මිනිස්සුන්ට දැන් මේ කරුණු කාරණා අමතක වෙමින් පවතිනවා. කටපියාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව පොත් ලිව්වොත් මේවා නැවත උඩ ඇවිත් අනිවාර්යයෙන්ම ඔබ අමාරුවේ වැටෙනවා...
මේක දැන් මෝස්තරයක් වෙලා, තමන්ගේ චරිතාපදාන වගේ ඒවා කවුරුහරි ලවා ලියවාගෙන සුද්දවන්තයො වෙන එක. මේකෙ තියෙන ඒවා මෙතුමාවත් දන්නවද සැකයි. මොනවා වුණත් කාබනික නාඩගම, ගම සමග පිළිසඳර, සීනි වංචාව, පවුලේ බලුබළල් සංහතියටම ඇමැතිකම්, තනතුරු බෙදපු එක, දුමින්ද මරණ දඬුවමෙන් ගලවලා සභාපතිකම් දීපු එක එහෙමත් තියෙනවා නම් තමයි කුමන්ත්‍රණය සම්පූර්ණ වෙන්නේ.
ජයග්‍රාහයකයෙකු විසින් ලියන ලද ගතක තම ජයග්‍රහණයේ මඟ සහ ජයග්‍රහණයේ ප්‍රතිඵල (සහ ආනිසංස) ගැන අදහස් ඇත. එය ද උදම් වූ සිතකිනි. උදාන වාක්‍යය සමඟයි. පරාජිතයෙකු විසින් ලියන ලද ගතක ඇත්තේ, තමාගේ පැරැදීමට හේතු විග්‍රහයකි. එය ද පරාද වූ පරාජිත මනසකිනි. නො හැකියාව ගැන කියනුයේ තමාට පැරැදීමෙන් වූ අවමානය වසා ගැනීම පිණිසයි. නායකයෙකුගේ පැරදීම, ඇද වැටීම අතිශයින් බරපතලයි. නායකයෙකුගේ පැරැදීමෙන් ඔහු නායකත්වය දෙන ජනතා සමූහයට ද අත්වන්නේ පරාදයයි. එය ඒ ජන සමූහයට මහත් වූ ව්‍යවසනයකි. අවමානයකි. පරාජිතයා තම මත අත්හැර, ජයග්‍රාහයෙකුගේ මඟ ගෙන තම පරාජයට හේතු සමාලෝචනය කිරීම වැරැදි මඟ ගන්නවුන්ට ප්‍රයෝජන විය හැක. සම්බුදු රදහු අසහාය ජයග්‍රහණයේ විශිෂ්ටතම පුද්ගලයා වූ සේක. ත්‍රිපිටක ගත්වල ඇත්තේ ඒ ජයග්‍රාහී මඟ සහ ඒ ජයග්‍රාහි විස්තර ප්‍රතිඵලයි. දෙව්දත් තෙරුන් වැරදි මඟ ගෙන පරාජිත වී දිවි අවසන් වීමට සුළු මොහොතකට පෙර වැරැදි පරාජිත මඟ අත්හැර සම්බුදු රදුන් සරණ ගොස් ජයග්‍රාහි මඟ තෝරා ගත්තේ ය. ඒ හේතුවෙන් දෙව්දත් තෙරුන්වෙත ජයග්‍රාහී මඟ විවර විය. යමෙක් තම පරාජිත මත ඉවත නොලා පරාජයට හේතු කියන ගත්වලින් කිසිවෙකුටත්ම ප්‍රයෝජන අත් නොවනු ඇත...
අපිට නම් ඔය පොත කියවන්න ඕනේ නැහැ. තමුන්ගේ, පවුල් පාලනේ ඔවුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කාට හරි කියවලා ලියාගන්ඩ ඇති. ඒ තරම් උගත්කමක් තියෙනවයි කියලාද?