ඉදිරියේ දී ශ‍්‍රීලනිපය දෙකට නොබෙදී රාජපක්‍ෂලත් එක් කර ගෙන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් මේ රටේ අපේ ආණ්ඩුවක් පත්කර ගන්නට හැකිවෙනවාය යන විශ්වාසය ඇතිකර ගත හැකි යැයිද කම්කරු ඇමැති ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.
දිනේෂ් ගුණවර්ධනලා, විමල් වීරසිංහලා, ගම්මන්පිලලා තමයි අද ශ්‍රීලනිපය මෙහෙයවන්නේ. අපේ කණ්ඩායමත් ඔහේ ඒ ගොල්ල යන පාරේ යනවා. ඒ ගොල්ල වළේ බැස්සොත් වළේ බහිනවා. කානුවෙ බැස්සොත් කානුවේ බහිනවා. ඒ ගොල්ලෝ වෙන කොහේ හරි ගියොත් එහෙ යනවා. ඒ වගේ තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය හා ආශිර්වාදය මීට ලැබෙනු ඇතැයි තම විශ්වාසය බවත් තම සහෝදරයාට විරුද්ධ වීමට ඔහුට හේතුවත් නැතැයි ද ඒ සම්බන්ධයෙන් නාඩි බලමින් සාකච්ඡා කරගෙන යන්නේ යැයි ද කීවේය.
විවිධ පක්‍ෂවලින් සමන්විත ඒකාබද්ධ විපක්‍ෂයේ ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමට නිසි නායකත්වයක් නැති නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිපයේ දෙවැනි නායකයා ලෙස පත් කර ගෙන පක්‍ෂය එක්සේසත් කිරිමේ ක‍්‍රියාවලියක් අරඹා එහි 'නාඩි බැලීම' මේ දිනවල සිදුකරගෙන යන්නේ යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.
ශ්‍රීලනිප කොලොන්න බල මණ්ඩල හමුවක දී සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.
හිටප ජනාධිපතිනි චන්‍ද්‍රීකා කුමාරතුංග මහත්මියගේ රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධිකාරක සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ශාන්ත රත්නායක මහතාගේ මුලිකත්වයෙන් මෙය සංවිධානය කරති.
එහිදී ඔහු මෙසේ ද කීය.
‘ඒ නිසා අපි කල්පනා කළා ශ‍්‍රීලනිපය තවත් ශක්තිමත් කරන්න. ජනාධිපතිතුමා මේ පක්‍ෂයේ නායකයා. අපි කැමතිවුණත් නැති වණත් අවරුදු පහකට මේ රටේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා. සමහරු කියනවා එයා කතාකරන්නේ නෑ, හිනහ වෙන්නේ නෑ, අපි දිහා බලන්නේ නෑ කියලා. ඒ මොන අඩුපාඩුකම් තිබුණත් මේ රටේ ජනතාව එතුමා ජනාධිපතිකමට තෝරාගෙන තියනවා.‘
‘ඒ නිසා ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් සතුටු වෙන්න ඕනැ අපේ පක්‍ෂයේ සභාපති රටේ ජනාධිපති කියලා. එනිසා එතුමා අපේ පැත්තට ගන්න ඕනෑ. මහජන මතයට, මහජන හැ`ගීම්වලට, මහජන අවශ්‍යතාවන් වලට වැඩ කරන කෙනෙක් බවට පත් කරගන්න ඕනෑ.‘
‘ඒ වගේම අර විපක්‍ෂයේ ඉන්න ශ‍්‍රීලනිප කණ්ඩායමට නායකත්වය දෙන්න අලූත් නායකත්වයක් බිහි කරන්න අත්‍යවශ්‍යයි. පැරණි ක‍්‍රමයට මේ පක්‍ෂයට යන්න බෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද වෙනස් වන්නට ඕනෑ. එජාපය අද වෙනස් වෙලා. කරු ජයසුරියලා, සජිත් පේ‍්‍රමදාසලා වගේ අයගෙන් අද පක්‍ෂයේ වගකීම තරුණ කොටස්වලට දීලා. මේක දුරදිග බලලා තව අවරුදු පහක් දහයක් තුල ආණ්ඩුවක් පිහිටුවන්න තමයි ඒක කරන්නේ.‘
‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ දෙවැනි නායකයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කරලා ඉදිරියට යන්න අදාල පුද්ගලයන් සමග මම සාකච්ඡා කර තියනවා. (රැස්ව සිටිඅය අත්පොලසන් දෙති) එතුමා විශාල වැඩ කොටසක් කළා. යුද්ධය මෙහෙයවුයේ එතුමා. යුද්ධය දිනීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහත්තයාට වගේම ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයටත් ලැබිය යුතුයි. විවිධ අංශ වලින් එතුමා සිය දස්කම් දැක්වුවා. නාගරික සංවර්ධන අධිකාරිය හරහා නගර දියුණු කරලා තියනවා.‘
‘සමහරුන් කියනවා එතුමා යුද හමුදාවේ සිටිය නිසා යුදමය මානසිකත්වයක් තියෙන්නේ කියලා. ඒක වෙන්න පුළුවන්. යමක් කරන්න කියලා නොකරනවා නම් එයාට දඩුවම් කරන්න ඕනෑ. යුද හමුදාවේ විනය තියෙන්නේ එහෙමයි. ඒක තමයි අණ දෙනවා කියන්නේ. දැන් එයා ඒ රාමුවෙන් ඉවත්වෙලා. අපි ඔහුට විශ්වාසයක් ඇති කරන්න ඕනෑ අපි ඔහු සමග ඉන්නවා කියලා. ඒ වගේම මහින්ද රාපක්‍ෂ මහත්තයාගේ අනුග‍්‍රහය ආශිර්වාදය ගෝඨාභය රාපක්‍ෂ මහත්තයට ලැබෙනවා. මම හිතන්නේ ඒක එච්චර අමාරු වෙන දෙයක් නෑ. අපි යම් යම් සාකච්ඡා කරගෙන යනවා. යම් යම් තැන්වල නාඩි තවම අපි බලමින් යනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියමයි. ජයවේවා! (නි)
අනේ අපොයි ප්‍රධාන පක්ෂ දෙකකට ගිය කල! (නි)
අනේ මන්දා! යහපාලනයත් දැන් නිකන් විකාරයක් වෙලා (නි)
එයාලා ඔබට ලොකුවුණාට ජනතාවට අරහං. ජනතාවගේ මුදල් වලින් මේ වගේ අයට නැවත කරලියට එන්න ලැබෙයිද? බලය අතට ගත්තහම ඒ අයට වැඩිය කෙනෙක් නැහැ. (නි)
මෙයාලගේ හොඳ දිරච්ච ලණුවක්ද කොහෙද. ගෝඨාභය ඕවට අහුවෙන්නේ නැහැ. (නි)
යමක් සිදුවන්නට ඇත්නම් එය කිසිවෙකුට වැළැක්විය නොහැක (නි)
කවුරු මෙනවා කිවුවත් ඊළඟ නායකයා කවුද කියලා අපි දන්නවා (නි)
වින්සන්ට්, පොඩ්ඩක් මොළේ පරීක්ෂා කරලා බලන්න. (නි)
හීන දකින්න එපා මිනිසුනේ! (නි)
අනේ අපිට නම් කමක් නැහැ ඔයාලා මොනවා කරගත්තත් (නි)
නිදහස් කරගත් රට නැවත බිල්ලට දෙන්න කවුද කැමති වෙන්නේ? (නි)
ඡන්දයක් දිනන්න ඕනෑ ප්‍රතිපත්තියකින් මිස එක එක පුද්ගලයන්ගේ ජනප්‍රියත්වයෙන් නොවේ. මේකෙන් වෙන්නේ ඊළඟ ඡන්දෙත් යුඑන්පි එක දිනන එකයි. මිනිස්සු මහින්දට වඩා ගෝඨාභයට බයයි. පහුගිය මැතිවරණය යුඑන්පිය දිනුවේ මහින්ද විරෝධීන් නිසා (නි)
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
යූඑන්පී එකට බහුතරය? දවල් හීනද දකින්නේ? නොහැකියාව හැමදාමත් පෙන්නන මේ ආණ්ඩුවට ආයෙත් ඡන්දෙ දෙන්න අපි? ඡන්දයක් තියන්නකෝ... (නි)
අපිට දියුණු රටක් නිර්මාණය කරන්න අවශ්‍යනම් උගත් බුද්ධිමත් මිනිස් සමාජයක් තුළ මිනිසා හුදකලා කරන්න ඕනෑ. එතකොට මිනිසාට හිතන්න අවස්ථාව තියනවා. හරි දේ වැරදි දේ මොකක්ද කියලා වැටහෙනවා. විවෘත සමාජයක නූගත් මෝඩයන් බිහිවුණාම තමයි රටවල් අරාජික වෙන්නේ (නි)
නිදහස් පක්ෂයට ඡන්දෙ දුන්න අපි ආයේ රැවටෙන්නේ නැහැ. (නි)
ජයවේවා..!!! යම් කොටසක් ඔබ සමඟම රැඳෙනු ඇත. (නි)
එහෙනම් ඉතින් අපිට හොඳ කලක් යයි (නි)
පක්ෂ හද හදා හිටියහම හරි. රටට මොනවා වුණත් කමක් නැහැ (නි)
එතකොට පක්ෂය වෙනුවෙන් දරදිය ඇඳපු ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයින්ට මොකද වෙන්නේ? (නි)
දේශපාලන නායකයෙක් වෙන්න දේශපාලන දැනුම සහ පළපුරුද්ද ඕනෑ (නි)
අපි නම් මුළු හදවතින්ම සුබ පතනවා (නි)
එතකොට ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා වලට මොකද වෙන්නේ? (නි)
රාජපක්ෂ භීතිකා මානසිකත්වයෙන් පෙළෙන්නන්ගේ කතා අපි ගණන් ගන්නේ නැහැ (නි)
දෙවෙනියා නොවෙයි පළවෙනියා කළත් කමක් නැහැ රට බේරාගත් නායකයෙකුට. (නි)
එකතු වෙලා වැඩ කරනවානම් හැමෝම කැමතියි. දෙපැත්තක ඉඳන් කඹ අදිනවාට වඩා. එතකොට රට දියුණු වෙයි. (හේ)
එතුමාට ඡන්දේ ලැබෙයිද?(හේ)
අන්දොලත්මක කතා කියලා පක්ෂය විනාස කරනේ මෙවැනි අය නිසා පක්ෂයේයෙන් නෙරපන්න ඕනේ මොනතරම සුදුස්සෝ ඉන්නවද රට තුල නායකත්වයට අවංක උදවිය (හේ)
එච්චර හයියක් ඔබතුමාට තියෙනවද මහත්තයෝ......? (හේ)
පත් වුනොත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්.(හේ)
මෙතුමාට තේරෙන්නේ නැද්ද ජනපති පත් වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්දෙන් නෙමෙයි කියලා.(හේ)
ගෝඨා වගේ වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නායකත්වයට දාල පක්ෂය සුද්ද කරලා ගමන පටන් ගන්න එක හුඟාක් හොදයි. හොඳ අදහසක්! (හේ)
එහෙම වෙනවා නම් අපිත් කැමතියි (නි)
හොඳයි කරලාම පෙන්නන්නකෝ (නි)
අපිට නම් මේවා ඇහෙනකොට ලැජ්ජයි. (නි)
හොඳයි හොඳයි සිහින මව මවා ඉන්නකෝ. බලමුකෝ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා එකඟවෙයිද කියලා (නි)
රටට මේ මොහොතේ අවශ්‍ය නව දැක්මක් සමඟ හොරකම, වංචාව, මැරකම පිටුදකින විනයගරුක දැඩි කැපකිරීම් කළ හැකි නායකත්වක් මිස පිළිළු අවස්ථාවාදී බඩගෝස්තරවාදී සන්ධාන ගතකිරීමක් නොවෙයි (නි)
අහසේ මාළිගා සෑදීමක්ද? (නි)
ගොම ගොඩකට කිරි ටිකක් එකතු කරලා හරි බලයට එන්න ගන්න උත්සාහයක්ද මේ? (නි)
එහෙනම් බැසිල් රාජපක්ෂ ශ්‍රීලනිපයේ තුන්වෙනියා කරමු නේද? (නි)
ඔය දවල් හීන! (නි)
කුමාර්, බිය වියයුතු නැහැ. පාර්ලිමේන්තුවට වගකියන නායකත්වයක් බිහිවෙන නිසා. දන්නා තරමින් නම් ඔහු කෙළින් වැඩ කරන පුද්ගලයෙක්. (නි)
හොඳ අදහසක්. ඒ වුනාට මෙයාගේ කරපිටින් යන්න බලයි පවුලේ අනික් අය.(හේ)
ඇයි මොකද වෙන්නේ කුමාර් මහත්තයෝ.(හේ)
මේ මගේ මතයයි. ගෝඨා මෙයට කැමති වෙන්නේ නැත. (හේ)
තව හොඳ හොඳ සෝදා පිරිසුදු කරන උදවිය ඉන්නවා වගේ.(හේ)
රාජපක්ෂ පවුලේ සහෝදර බැම්ම හුගක් ශක්තිමත්. මම හිතන්නේ ගෝඨාබය කවදාවත් මහින්ද රාජපක්ෂට ඉදිරියෙන් යන්නේ නැහැ කියලයි. පක්ෂය ශක්තිමත් කරන්න ඇයි හිටපු ජනාධිපති තුමා සමග සාකච්ඡා නොකරන්නේ. ඔය කියන විදියට කවදාකවත් ඔය බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්නේ නැහැ.(හේ)
ජනාධිපති තුමාට 90% ට වැඩ ඡන්දේ හම්බුනේ යුඑන්පී ආණ්ඩු සුළුජන ඡන්ද. කොහමද මෙතුමා කියනදේ දේ වෙන්නේ? (හේ)
එතකොට කරපු ඔක්කොම දේවල් වහගන්න පුළුවන්.(හේ)
මේ ඔක්කොම බොරු කතා .(හේ)
අන්තිමට මේක තවත් කැද හැලියක් ??කොන්දක් තියෙන මිනිහෙකුට පුලුවන්ද කොන්දක් නැති මිනිහෙක් එක්ක වැඩ කරන්න?(හේ)
සමහර අයගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ යුගයක් නැවත ගොඩගැනීමට " නාඩි බැලීම" කා වෙනුවෙන්ද යන්න ජනතාව තේරුම් ගත යුතුය. දුෂිතයන්ගේ යුගයකින් නැවත රට ණය කරමින් සුදුවෑන් සංස්කෘතියකට ශ්‍රී ලංකාව ගෙනයාමට වර්තමාන ජනාධිපතිතුමාත්, ජනතාවත් එකඟවේද යන්න සිතිය නොහැකිය. අවුරුදු 68 ක් තුළ පවතින පිළිකාව සුව කිරීමට මෙවැනි නාඩි බලා කරන ප්‍රතිකාරයක් කොහොමවත් ප්‍රමාණවත් වන්නේ නැත. (හේ)
රට ගැන හිතන්න ඕන නැහැ ඇමති තුමෝ ඔහේ යමු . ඔබලා කොහොමත් හිතන්නේ ඔබලා ගැන මිසක් පොඩි මිනිහා ගැන නෙවේනේ. ඒ නිසා මඩ වලේ බැහැලා හරි, වතුර වලේ බැහැලා හරි, කුණු කණුවේ බැහැලා හරි රාජපක්ෂලා එවි. (හේ)
මොකෝ බයද , ඡන්දේ පරදේවි කියලා. ඒ නිසා ගානට බොලේ බස්සනවා නේද? (හේ)
මෙයා දවල් හීන දකිනවා .යුඑන්පියට දැනටමත් බහුතරයක් තිබෙනවා .(හේ)
ඇමෙරිකාවේ පුරවැසියෙක්ව පාර්ලිමේන්තුවට ගෙනෙන්න පුලුවන්ද? (නි)
මෙය හොඳ පියවරක් විය හැකියි . මෙයින් හැම දෙයක් ම තුලනය වේවි. පක්ෂය දෙකට බෙදීමේ අවධානමත් මින් නැතිවෙන්න පිළිවන්. ගෝඨා දේශපාලනය කිරීම මහින්ද මහත්තය ටත් සැහැල්ලුවක් ගෙන දේවි. (හේ)