ගෝඨාභය රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ පසුගිය මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට ඉදිරිපත් කරන්නට යෝජනාවක් ආ බවත් මේ දෙකටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වු බවත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (27) පස්වරුවේදි පල්ලෙතලවින්න රතනජෝති ධර්ම විද්‍යාලයේ පැවැති උත්සවයකදී පැවැසිය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රි කමක් ලබා දෙන්නට සුදානමක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතිදැයි මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.
හිටපු අගමැති ගෝඨාභය ගේන යෝජනාවට කැමැති වූ බවත් චමල් රාජපක්ෂ ගේන යෝජනාවට මෛත්‍රිපාල සිරිසේන ජනපති ද කැමැති වූ බවත් නමුත් එම යෝජනා දෙකටම මහින්ද රාජපක්ෂ අකමැතිවූ බවත් දිසානායක මහතා කීවේය.
පක්ෂයේ මහ ලේකම්වරයා සහභාගිවන රැස්විමක පිරිසක් හූ කීම සම්බන්ධයෙන් පැවසූ ඇමැතිවරයා ‘මට කවුරුත් හූ කිව්වේ නෑ පක්ෂයේ පහල මට්ටමේ අය විවිධ වෙලාවට විවිධ ආකාරයට හැසිරෙන්න පුළුවන් අපි ඒ ගැන එච්චර කලබල වෙන්නෙ නෑ ඒක මහා බරපතල දෙයක්නම් පක්ෂය විනය ක්‍රියා මාර්ගයක් ගනියි.‘ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි අපිට නම් මතකයි කැම්පස් දෙක තුනකින්ම හූ සන්ග්‍රහ ලැබුනා... (ර)
ජන්මෙට වැඩිය ලොකුයි පුරුද්ද. ලැජ්ජයි සිංහලයකු වීම ගැන මෙහෙම එව්වෝ ඉන්න නිසා. දැන් වත් කට අරින්න වැදගත් දෙයක් කියන්න. (ර)
පැරදුන අයට බලය දුන් නිසා මෙවැනි අය උඩ යනවා. (ර)
මොනවද එස්,බි. මේ කියන කතා.අපිටත් ලැජ්ජයි .ඒ ගමන සහෝදරයෝ බේද බින්න කරන්න හදනවද...(බ)
එක දෙයක් පැහැදිලියි. ඔබ තුමාල දැන් විශ්‍රාම යන්න. (ම)
ඉතින් අපිට මොකද කියන්නේ (හේ)
බයිලා ගහන්න එපා ,දැන් මේ ඔක්කොම කළේ මහින්ද මහත්තයගෙන් අහලද? (බ)
මෙතුමාට දහම් පාසල් වල විතරද ඉල්ලුමක් තියෙන්නේ ගොඨා සහ චමල්ට මහින්ද මහත්තය කැමති වුනේ.... නෑ එ්ත් මෙයා හිතනවා ඇති මෙයාට කැමති ඇති කියල....පව්නේ..... (බ)
කල් ඉවත්වූ පැරණි මිග් යානා මිලදීගෙන කොමිස් ගසා යුද්ධය විකුණන් කාපු හැටි ගැන පරීක්ෂණයක් නැද්ද ? සුදු වැන් වලින් ගොස් කරපු අපරාධ හොයන්නේ නැද්ද ? මිනීමරුවන්ට මන්ත්‍රීකම් දෙන්න ජනතාව මේ රජයට බලය දුන්නේ නැති බව පැරදුනු හැමෝම දැනගත යුතුයි (බ)
ඡන්ද දායකයෝ මෙයා ගැන විනය ක්‍රියාමාර්ගය අරගත්තේ පසු ගිය ඡන්දෙ දවසෙනෙ .සර්වජන ඡන්දයකින් තේරී පත්වෙන කෙනෙකුට තම ඡන්ද දායකින්ව නියෝජනය කරන්න අවස්ථාව ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයයි. ඡන්දේ ඡන්ද දායකයන්ව නියෝජනය කරවීම යහපාලනයද (බ)
ඔයාට ඡන්ද දායකයෝ අකමැති වෙලා ගෙදර යවපුහම ඔයා පස්සදොරින් නැවත ඇවිත් දැන් කුලියට බක බක ගනවනේ (බ),
එස්බී මොනවද මේ දොඩවන්නේ.මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ.ඔබත් බලන් හිටියනේ අගමැතිකම .ජනතාව පන්නපු ඔබ හා රාජපක්සල මල පෙරේතොයෝ වගේ.දල යන්නම බැහැ.ජනපතිදුට පින්සිදු වෙන්න ඉන්න ගමන් දැන් හිටපු අයට ආවඩනවනේ .ජනතාව දන්නවා ඔයාගේ පැටිකිරිය (බ)
ඔබතුමා කියනකතා පිළිගන්න මිනිස්සු දැන් මේ රටේ නැත. ඔබ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ කෙනෙක්. (බ)
අරුමය කියන්නේ මෙතුමන්ලගේ කතා තවත් අහගෙන ඉන්නවනේ , මොන ආණ්ඩුවක් ආවත් ඇමති කෙනෙක්...(බ)
පහල මට්ටමේ අය කියද්දී මට මතක් වෙන්නේ ඔබතුමා චන්ද්‍රිකා මැතිනිය ගැන කරපු කතාව.. එතකොට නම් ඔබතුමාත් ඒ මට්ටමේම තමයි..(බ)
මොනතරම් රටට වැඩදායක කතාවක්ද ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ වගේ උත්තමයින්ව පාර්ලිමේන්තු යවන අපි වගේ අය ඉන්න කම් මේ රටට දළදා හිමි සරණ තමයි. (බ)
හු කියන්න කොන්ද පන තියන කවුරුත් ඔතන හිටියේ නැද්ද.? (ර)
ඔයාට කවුරුත් හූ කියන්නේ නැහැ. මොකද ඔයාව කවුරුවත් ගණන් ගන්නේ නැති නිසා. දැන් ගෙදරට වෙලා තමන්ගේ වැඩක් බලා ගන්න. (බ)
මොකටද ඕක ගැන දැන් කතා කරන්නේ . තමුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගුව බව අපි නොදන්නවා කියල හිතලද? (බ)
කුණු කානු කටක් ....(බ)
අනුන්ගේ ඔාදුප හොයන්නේ නැතුව තමුන්ට මිනිස්සු අකමැති මොකද කියල හොයල බැලුවනම් තම හොඳා (අ)
මේ වගේ අයට ඡන්දය දෙන අයට පිස්සු (බ)
ඔබතුමාට හු නොකිව්වේ පාසලේ ගෞරවය රකින්න ඕනි නිසා (බ)
මේ තරම් පරිනත දේශපාලන දැනුමක් තියෙන උතුමන්ලා පාර්ලිමේන්තු යවන්න අපි මොන තරම් මොලේ තියෙන ඡන්ද දායකයෝ රංචුවක්ද? (බ)
අනේ මන්දා මේවට මොනා කියන්නද කියලා. (ර)
මම රාජපක්ෂ පවුලේ දේශපාලනය අනුමත නොකරමි කොහොම වුනත් චමල් මනාප වලින් පාර්ලිමේන්තුවට පත්වුණා , ඝෝටාටත් ගාලු දිස්ත්‍රික්කෙන් ඉල්ලුවානම් පාර්ලිමේන්තු යන්න තිබුන , නමුත් ඔබව ජනතාව විසින් ප්‍රතික්ෂේප කළා (බ)