IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝඨා ගෙනත් 359,000 ක් නැති කරන්

(යොහාන් භාසුර)

ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒමෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම රුපියල් 359,000 ක් බැගින් අහිමි වී ඇති බවත් සියයට 8 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පොලිය නොගෙවුවහොත් 2030 වසරේදී ණය දෙගුණ වන බවත් 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම තත්වය යටතේ රට තුළ ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුය බව කී රණවක මහතා මූල්‍ය අරමුදලේ එකඟතා ලියවිල්ලට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ පමණින් ඊට නීත්‍යානුකූලභාවයක් නොලැබෙන බව ද සඳහන් කළේය.

එම කඟතාවයේ තිබෙන කරුණු පිළිබඳව වෙන වෙනම අදාළ අණ පනත් ගෙන ඒමට ආණ්ඩුවට සිදුවන බවත් උදාහරණ ලෙස මහ බැංකුව ස්වාධීන කිරීමේ අණ පනත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරදි කරනය පිළිබඳ අණ පනත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩිකර ගැනීම පිළිබඳ අණ පනත් ආදී වශයෙන් විවිධ අණපනත් ගෙනආ යුතු බවත් ඒ මහතා කීය.

බලාත්මකභාවයක් ගෙන එන්න නම් විපක්ෂයත් සමඟ එකතුවී ව්‍යවස්ථාවේ 157 වැනි වගන්තියේ රාජ්‍යයන් දෙකක් අතර ඇතිකරගන්නා අන්තර්ජාතික ගිවිසුම් මෙවැනි ආයතනවලටත් ගැලපෙන පරිද්දෙන් ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු බව කී රණවක මහතා සඳහන් කළේ රට බංකොළොත් කිරීම නිසා ඇතිවෙලා තිබෙන ව්‍යසනයේ තරම ගැන පැහැදිලි නිශ්චිත ගණනයක් පාර්ලිමේන්තුවට සභාගත කළ බවත්ය.

2019 රට රකින විරුවා බලයට පත් වෙන්න පෙර දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 ක්ව තිබුණ ද එය 2020 වන විට ඩොලර් බිලියන 85 කට සහ 2022 වන විට ඩොලර් බිලියන 75 කට වැට්ටු බවත් 2020 සිට 2030 දක්වා කාලයේ ගෝඨාභය පාලනයේ නොසිටියා නම් දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 123 ක් වියයුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (3)

ගෝඨා ගෙනත් 359,000 ක් නැති කරන්

Galapitamada Monday, 01 May 2023 03:16 AM

ඒ උනාට අමාරුව සනීප කරගත්තනේ.

:       0       0

Lalla Monday, 01 May 2023 10:43 AM

ඇත්තටම ගෝඨාභය කියන්නේ දේශපාලන දැනුම නැති හමුදාවේ තරමක් පහල මට්ටමක සිට එය අතහැර පලාගිය අයෙක්.මීට වඩා දෙයක් කරන්න ඔහුට දැනුම නෑ කියල එයාව ගෙනාපු අය අනිවාර්යයෙන්ම දන්නව.

:       0       0

fairoos Monday, 01 May 2023 01:13 PM

අපිතමයි හොඳටම කරලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site