මිහින් ලංකා සමාගමට ගුවන් යානා නිදහස් කිරීම,පාවෙන අවි ගබඩාව, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ලංකා හොස්පිටල් ලිමිටඩ් කොටස් ගනුදෙනු ආදී පෙත්සමේ සම්බන්ධ චෝදනා හැර වෙනත් චෝදනාවන් ඇත්නම්, පෙත්සමේ වගඋත්තරකරුවන් හැර වෙනත් පාර්ශවයන්ට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.
හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනිම වළකාලමින් දුන් අතුරු නියෝගය බලපැවැත්වෙන්නේ අදාල චෝදනාවන් සම්බන්ධයෙන් පමණක් බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණය ගැන මගේ නම් පැහැදීමක් නැහැ (නි)
දැනටමත් සූදානම් (බ)
මමත් කියන්නේ එතුමා අතේ වරදක් නැහැ (නි)
යහම්පත් මහතා, අද වැරදි ඕනෑද හිරේ දාන්න? හදලා නැත්නම් මවලා හරි දානවා. (නි)
මෙතන අපේ උදවිය සුපුරුදු පරිදි පාට කණ්ණාඩි දාගෙන කී බෝඩ් එකෙන් සටන් කරනවා. එහේ කොහොමද වෙනස නියමයි නේද? (නි)
මහින්ද ආර්.කිතුල්ගොඩ, නිකන් අතිශයෝක්තියෙන් කියවන්න එපා. (නි)
ඇයි මෙතුමාට පාඩුවේ ඉන්න නොදනේනේ? (නි)
ඇත්තටම ගෝඨා කියන්නේ මේ රටේ ජාතික සම්පතක් (නි)
ඩුබායි තිලක්ට මොකක්ද මේ හැදුන අමාරුව? (නි)
ඔබ හරි (නදී)
අදහස් ප්‍රකාශ කරන්න භාෂාවක් පමණක් දැනගත්තාට මදි. විශ්ලේශන මොළයක් තියෙන්නත් ඕනෑ. සිංහලකම බෞද්ධකම දේශප්‍රේමිත්වය යුගපුරුෂ වීම වැනි ගැඹුරු අලංකාර අදහස් නොගැඹුරු වචන වලට සීමාකොට ගෝඨාගේ ප්‍රතිරූපය අඹන්න නොදරුවන් කිහිපදෙනෙක් මේ දිනවල ශිෂ්ට මාධ්‍යය ඔස්සේ බංකොලොත් උත්සාහයක් දරනවා. ගෝඨාගේ හෙට ගැන තීරණය කරන්නේ ජනාධිපති නොවෙයි ස්වාධීන අධිකරණයක්. ජාත්‍යන්තර පොලිසියෙන් මෙයාට පැනලා යන්න ලැබෙන්නේ නැහැ. (නි)
ඔව් ඔව් සත්‍යා , ඔබතුමියගේ විශ්ලේෂණ මොළය අතිවිශිෂ්ටයි (නි)
අර පසුගියදාක බවලත් මතත්මීගෙන් යහපාලට ලැබුන සබ්බුවෙන් වත් හැකර කට වැහිලා නැහැ වාගේ.ඕකට තමයි කියන්නේ කට නිසා මොකක්දෝ කර ගත්තා කියලා. (බ)
තිලක් ඉන්නේ ඩුබායි වල මිස ඇමෙරිකාවේ නොවෙයි. ඔහුටත් ඔහුගේ දැනීමේ හැටියට අදහස් ලියන්න අයිතියක් තිබෙනවා. ඒ අදහස් විවේචනයට ලක්වෙනකොට ඔහු තව නම් දෙකකින් අදහස් දාලා තම අදහස ඉස්මතු කරන්න හදනවා. සටහනේ භාෂාව දකිනකොට මේක පැහැදිලි වෙනවා. (නි)
මෙතන කෙනෙකුට ලංකාවේ පොලිසියට බැරි නම් ජාත්‍යන්තර පොලිසියට කියලා හරි ගෝඨාභයව අත්අඩංගුවට ගන්න ඕනෑ වෙලා . මම හිතන්නේ " මිස්ට ප්‍රභාකරන් " මරන්න උදව් කළ හින්දා වෙන්න ඇති. මේ එක් කෙනෙක් දෙන්නෙක් පදනමක් නැති අදහස් මෙතන දැම්මට මේ රටේ කෘතගුණ දන්නා සියළු දෙනා ඔබ සමඟයි. තව ටික දවසක් ඉවසන්න මැතිතුමනි. රට මකර කටේ එළිපත්තටම ගිය බව තේරුණාම රටේ ජනතාවම ඔබ සොයාගෙන එයි. (නි)
ලෝකයේ වඩාත් සීග්‍රරයෙන් දියුණු වන නගරය හැටියට ඊයෙ පෙරේදා අභිෂේක ලැබූ අපේ කොළඹ නගරය ඒ තත්ත්වයට ගෙනල්ලා වැඩක් කරන්න පුලුවන් කියලා ඔප්පු කරලා තියෙන මේ මනුස්සයාට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න. (ර)
බුදු සමයේ දේවදත්තලා වගේම කිතුනු සමයේ ජුදාස්ලත් හිටියා. රටට ජනතාවට ශ්‍රේෂ්ඨ සේවයක් කළ සියලු ආගම්වලට ගරුකළ නීතියට පිටින් කිසිවක් නොකළ ගෝඨාභය මහතාටත් ඒ වගේ නොහිටියොත් තමයි පුදුම වෙන්න ඕනෑ. (නි)
ඇත්තටම ගෝඨාට, මහින්දට පසුගිය ආණ්ඩුවට විරුද්ධව අදහස් දාන උදවිය දැකලා තියෙනවා.ඒ වගේම වාද කරලාත් තියෙනවා.නමුත් මේ වාගේ වෛරක්කාරයෙක් දැක්කේ නැහැ. මේ සබාවේ කොයිතරම් මහින්දට බනිනවාද? නමුත් මෙතන එක්කෙනෙක් නම් පෞද්ගලික තරහක් තමා පිරිමහන්න හදන්නේ (නි)
කරුණාකර එතුමාට පාඩුවේ ඉන්න දෙන්න. එතුමා දේශපාලඥයක් නොවෙයි. මෑත ඉතිහාසය රට වෙනුවෙන් වැදගත්ම සේවය කරපු වීරයා. (ර)
සත්‍යා, ඔයා හරි (නි)
එතුමාගේ දැක්ම රටකට අවශ්‍යයි. (ර)
මැක්ස්, මොන තරාතිරමේ කෙනෙකුට වුනත් රටේ පොදු ජනයාගේ මුදල් සහ සම්පත් මංකොල්ලකන්න , තමන්ගේ ගෝල බලයන්ට බෙදන්න බැහැ කියල තේරුම් ගන්න. අනිත් එක නියම විදියට විමර්ශනය කරලා අධිකරණය හරහා තමයි මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ . ඒක නිසා වැරද්දක් කරලා නැතිනම් බය නැතිව උසාවි ගිහින් නිදහස් වෙන්න පුළුවන්නේ. (ර)
ඔබතුමාට තෙරුවන් සරණයි. (ස)
රටට අවංකවම සේවය කල කෙනෙක්. ඇස දෙකින් බලන්න යම්කිසි දෙයක් කළ කෙනෙක් (අ)
ඔහු අති විෂිෂ්ට සමාජ සේවකයෙක් (අ)
ලාල්, හොඳටම පේනවනේ, මේ සිදු වෙන්නේ තනිකරම දේශපාලන පාලි ගැනීම් කියල. හැබැයි ගෝඨා නොහිටින්නට ඔය එයාව අත් අඩංගුවට ගැනීමට වැලි කන හුඟ දෙනෙක් කොටි බෝම්බවලට යන්න තිබුණා. (අ)
අද තියෙන්නේ ඉන්දියාවෙන් කරගෙන යන යහපාලනය (අ)
වැරදි ඇත්නම් බිය වන්න. නැත්නම් බිය නොවන්න. ඔය දෙකෙන් එකයි තියෙන්නේ. (අ)
ලාල් මහතා, කතා කරන්නේ කටින්ද .රටකට ඕන මිනිස්සු තමයි ඒ මිනිස්සු. ඒ මිනිසුන්ටගසා කන්න ඕන නම් ඒක මහා පරිමාණයෙක් කරන්න තිබුණා. (අ)
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨතම වීරයෙක් ගොටාභය. ඔහුට හානියක් කළ කෙනෙක් වැඩි කල් යහතින් ඉන්නේ නැහැ .ස්වභාවිකව හෝ පලදේවි මේ කරන ජාතික අපරාදයට (ම)
එතුමා යුග පුරුෂයෙක් . රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට පරිසරය සාදා දුන් ඔහුට නිදහසේ ඉන්න දෙන්න. (අ)
බරපතලලෙස මේ රට විනාශ කළ 77 ආණ්ඩුවත්, 87-89 මේ රට විනාශ කළ පිරිසටත්, මේ රට කොටි ත්‍රස්තවාදීන්ට ගිවිසුම් මඟින් දීමට කටයුතු කළ අයටත් කවුරුත් දඬුවම් දෙන්න කතා කරන්නේ නැත. මේ රට පාවා දෙනවුන් ගැන කවුරුත් කතා නොකරයි.නමුත් ශ්‍රේෂ්ඨ යුග මෙහෙවරක් කළ ගෝඨාභය මහතාට කතා කරන්නේ ප්‍රභාකරන් සමඟ එකට බංකරයේ සිටියා වගේය. එනිසා මේ ප්‍රතිචාර දක්වන සමහර වසළ ගති ඇත්තෝ රටට නිදහස ගෙනදුන් යුග පුරුෂයන්ට අවමන් කිරීම නුසුදුසු බව තේරුම්ගත යුතුය. වෛර කිරීම නවතා ගතයුතුය. (නි)
රටට සේවය කළේ තමන්ගේ මඩියත් පුරවාගෙන නෙවෙයිද. ඇමෙරිකාවේ ගෙවල් හතරක් තියෙන්න මෙයා බබෙක් වෙන්න ඇති එහෙනම්. මෙයා කීදෙනෙක්ගේ ඉඩම් බලෙන් ගත්තද. අද දිට්ට ධම්ම වේදනීය කර්මය පලදිලා. (ම)
මෙතුමා යුග පුරුෂයෙක් වගේම නීතිගරුක ගුණයහපත් රටට ආදරය කරන සැබෑ විරුවෙකි.එතුමාට අපේ ආශිර්වාදය! (නි)
මිහින් ලංකා සමාගමට ගුවන් යානා නිදහස් කිරීම,පාවෙන අවි ගබඩාව, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ලංකා හොස්පිටල් ලිමිටඩ් කොටස් ගනුදෙනු ආදී පෙත්සමේ සම්බන්ධ චෝදනා හැර .......අපේ මහජන මුදල් වලින් කොපමණ මුදලක් ගසා කෑවද කියල හොයන එකට අකමැති "වහල්ලු" ඉන්න ලෝකයේ එකම රට ලංකාවයි. (අ)
පාවෙන අවි ගබඩාවෙන් අවි විකුණලා තියෙන්නේ ලෝකයේ දරුණුම ඝනයේ ත්‍රස්ත සංවිධාන වලට. ඒ බව ලෝකය විසින් වෙනම විමර්ශනයක් කරගෙන යනවා. (අ)
දියෙහි යන දණ්ඩට, පිහිටක් වෙතත් පෙර සිට.... නපුරු දුදනන්ට නොවව් පිහිටක් සැබෑ කළේ මට. (නි)
චන්න බුවනක, ඔබගේ තරහ කාරයෙක් ඔබට විරුද්දව නීතිය අනිසි විදියට පාවිච්චි කරද්දි ඔය කිව්ව කාරනේ බලපානවද කියලා දෙපාරක් හිතන්න.මෙතන වෙන්නෙ දඩයමක්.ඒකට හරිද වැරදිද අදාල නෑ. (අ)
හොඳ වැඩ පෙන්නලා කිරි වලට ගොම දාගත්තේත් එයාලම තමයි..(අ)
ඒ ඔක්කොම හරි , බලයේ ඉන්නකොට ඔලුව ඉදිමෝ ගන්න හොද නැහැ. ඒ සියල්ල තාවකාලික බව එදා එතුමන්ලාට තේරුනේ නැහැ .(අ)
ලියොන්.මම ඩුබායි වල හිටියත් ඇමරිකාවේ හිටියත් ලියන්නේ සත්‍ය කරුණු.ඒවා තේරුම් ගන්නත් මොලයක් කියල දෙයක් තියෙන්න ඕනේ.ලංකාවේ මොළ හෝදපු "බත් බැලයන්ට" ඕව තේරුම් ගන්න තව ටිකක් කල් යනවා.(ම)
හරකෙක් වුනත් මරන්න අරගෙන යනකොට වුට තේරෙනවා මේ යන්නේ මරන්න කියල.එත් .එත් ඒක තේරුම් ගන්න හරකට තිබෙන මොලයක් නැහැ.ඒ තරමට "මොළ හෝදලා".(ම)
ගෝඨාබය මහතා රටට යමක් කළ කෙනෙක් විය හැකියි.නමුත් තිලක් ඩුබායි පවසන කාරණා ප්‍රතික්ෂේප කළ නොහැකියි. (බ)
සුගත් බැරිද ඔය ඇමරිකාවේ ගෙවල්වල ලිපිනයන් ටික දෙන්න මෙහෙ අයිතිකාරයා හොයන එක මහා දෙයක් නෙවේ . ඔය හිතනවද එහෙමෙ දෙයක් තියෙනවනම් ඔය යහ පාලන ඇත්තෝ වැඩක් නැති බොරු චෝදනා පස්සේ යයි කියලා මෙතුමාව අත් අඩංගුවට ගන්න . (ම)
ජනරාල් ෆොන්සේකාට සලකපු හැටි දැන් කාටත් අමතකද?ඒ යුද වීරයාට කරපු නිග්‍රහ සාධාරණද? තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසල බැලුවොත් හොඳයි නේද? (බ)
මෙතැන ගෝඨාට සුදුහුනු ගාන්න දගලන අය ටිකක් හොයල බැලුවොත් හොදයි ප්‍රගීත් එක්නැලිගොඩට, ලසන්ත වික්‍රමතුංගට, තාරකී සිවරාම්ට වුනේ මොනවද කියල...(බ)
මිනීමරු ප්‍රභාකරන් කලේ රටේ වටිනා කියන "මර්මස්ඨාන" වලට ගොඩින් සහ ගුවනින් බෝම්බ හෙලලා විනාස කළ එකයි.රාජපක්ෂලා කළේ ඒ වටිනා කියන "මර්මස්ඨාන" සහ වටිනා කියන ඉඩම් තමන් සහ පවුලේ සතු කර ගැනීමයි.ඉතිරි ටිකත් චීනෙට සින්නක්කරයටම විකුනම් කෑමයි.(ම)
වික්‍රම.රාජපක්ෂ වරුන්ට ඇමරිකාවේ තිබෙන "අධි සුඛෝපභෝගි නිවාස 8" ක ෆොටෝස් සහ ලිපිනයන් අන්තර්ජාලයේ විස්තර සහිතව පෙන්වල දුන්න.ඕනෑම කෙනෙකුට පුළුවනි එම නිවාස වල සැබෑ හිමිකරුවන් හොයන්න."ලිදේ ඉන්න ගෙම්බෝ දන්නේ ලිදේ දිග පළල විතරයි".(ම)
මිහින් ලංකා සමාගමට ගුවන් යානා නිදහස් කිරීම,පාවෙන අවි ගබඩාව, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ලංකා හොස්පිටල් ලිමිටඩ් කොටස් ගනුදෙනු ආදී පෙත්සමේ සම්බන්ධ චෝදනා මේවා අපරාධ නොවෙන්න්නේ කෙලෙසද කියා ගරු අධිකරණය පැහැදිලි කරනු මැනවි . මෙම තීරණය අනුව ආරක්ෂක ලේකම් ට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය (බ)
නීතියක් රීතියක් තිබෙන රටකනම් මේ වෙනකොට "දේශප්‍රේමීන්" මහා ගෙදර යකඩ කුරු ගණන් කරනවා.(හේ)
කොපමණ ගුණ කළත්..... දුදනෝ නොවෙති යහපත්.....කෙලෙහි ගුණ නොදත්(නො) මිනිසුන් ගෙන් සමන්විත සිංහල සමාජයේ ...කොපමණ හොදක් කළත් ...කෙටි කලකින්ම එය...අමතක වෙන එක අරුමයක් නොවේ...එල්ල කරන ලද චෝදනා වලට නිදොස් නම්?...තවත් කුණු සොයන්නේ....රටෙත් ජාතියේත් ..කුණු ඉවත්කර .....ජාත්‍යන්තරවත්....රටට පිළිගැනීමක් ..ලබාදීමට ...උදව්කළ පුද්ගලයෙක්ට කරන වෛර පිරිමසාගැනීමට තැත් කිරීමක් නේද? පාවෙන අවි ගබඩා..වලින් නැව් ආරක්ෂාකරමින් කෝටිගණන් ... රටට විදේශ විනිමය ගෙනා .....මාර්ග වැනසීම .....එමගින් රැකියාකර...දරුපව්ල් රැකි ...දහස් ගණන් විශ්‍රාමික හා මූලික සේවාවෙන් ඉවත් වූ රණ විරුවන්ගේ බඩට ගැසීම ....වහල් සේවය අගයන ...සිහලුන්ගේ.....තවත් සත් ක්‍රියාවක්ද?....බලේ තියනකොට ඔලුව ඉදිමුනානම් අද මෙතුමා ඉන්නේ මීට ගොඩක් ඉහල ....දහම් ....මෙතුමා සිංහලයෙක් වෙලා කුහක සිංහලයෝ අතරේ ඉපදුනේ පූරුවේ පවකට බව දැන් තමා හිතෙන්නේ.....(බ)
සත්‍යයා.ලෝකයේ දරුණුම ගණයේ ත්‍රස්ත සංවිධාන වලට අවි සහ කුඩු විකුනපු වෙළෙන්දන් ගැන සියලුම විස්තර ඇමරිකාවෙන් සොයාගෙන යනවා.ඉදිරිය එතරම් හොද වෙන්නේ නැහැ.(හේ)
ඇත්ත කියන්නත් බිම වාඩි වෙන්නත් බය වෙන්න ඕනේ නැහැ කීවේ ඉස්සර කාලේ. නමුත් ඇත්ත කියපු, ඇත්ත ලියපු කී දෙනෙක් නම් අද පොලොව යටද? (ර)
ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධානය නැතිකරන්න උදව් කලාලු. (ර)
නපුරු දුදනන්ගේ සියෝලගෙහිම විෂය..... ගෝඨාභය මැතිදුනි ඔබට තෙරුවන් සරණයි! (ස)
තිලක් ඩුබායි මහතාත් මුහුණු පොතෙන් දේශපාලනය හදාරන කෙනෙක් . එක තමයි , සංවාද වෙනුවට මඩ වාද වලට ප්‍රමුකත්වය දෙන්නේ ඒ දාලා තිබුන පින්තුර , ඔබතුමා ඉන්න රටේම තරු පන්තියේ හෝටලයක පින්තුර බව කියවෙන කතාව ඔබතුමා දැක්කේ නැද්ද . ඩුබායි වල , ලංකාවේ පුළුවන් උනාට මේ රටේ මිනිහෙක් තමන්ගේ අදායමට සරිලන් නැති වත්කමක් ගත්තොත් , ඊලඟ දවසේ ෆෙඩරල් පොලිසිය ගේ ලඟ ඉදීවි . මීට පස්සේ මඩ කතා හදන කොට , ලංකාවේ මිනිස්සු වැඩිය ජීවත් නොවන රටක් හොයා ගත්තොත් හොඳයි. (ස) .
තිලක් ඩුබායි, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. අපි මොනවා කරන්නද ? (ර)
තිලක් කියන දේවල් හරියට හරි. (ස)
විනෝදයට "මිනි කන මෝරු" ඇති කලේ නැහැ කියපු කෙනාම පසුව කියනවා මාළු ටැංකියක් තියාගෙන ඉන්න රජයේ සේවකයෙකුට බැරිද කියල? (ස)
ලාල්, හැමදෙයක්ම කොළපාටින් පෙනෙන කෙනෙක් වගේ අපිට පෙනෙන්නේ. (ර)
"ලංකාවේ පාසැල් දස දහසකින් වැසිකිලියක් නැති පාසැල් පන්සිය ගණනක් තිබෙනවා. එක වැසිකිලියක් පමණක් ඇති හා වතුර නැති පාසැල් දෙදහස් ගණනක් තිබෙනවා. එකම පරිඝණයක්වත් නැති පාසැල් හාර දහස් ගණනක් තිබෙනවා".එහෙව් රටක මහජන මුදල් කෝටි ප්‍රකෝටි වලින් ගසා කාපු අයට වැහි නැති හෙන වදිනවා.කල පව් මතක් වෙද්දී මැරි මැරී උපදිනවා.(ම)
ඩුබායි රටට ගිහල්ල හරියට රජකරනවා වගේ නේ මෙයාගේ කතාව . අනේ තිලක්... (ර)
ධර්මපාල තුමාටත් ගල් ගහපු මිනිසුන් හිටිය රටක් මේක. තිලක් ඩුබායි එම ජාන වලින් ඉපදුන කෙනෙක් වගේ. (බ)
ඉස්සර රාජපක්ෂවරුන්ට කඩේ ගිය හමුදාවේ ඉන්න මගේ මිත්‍රයෙක් කියනවා දැන්නම් තමන්ගේ යුනිෆෝර්ම් එකේ තත්වය ,ගෞරවය තියාගෙන රැකියාව කරගෙන යන්න ඉඩ දීල තිබෙනවාලු .ඉස්සර වගේ ජනාධිපති මන්දිර වල තණකොළ කපන්න,මකුළු දැල් කඩන්න,පිඟන් හෝදන්න,කොළඹ තියෙන කුණු කානු සුද්ද කරන්න,තක්කාලි කිරන්න දාල නැතිලු. (ස)
මට තවත් ප්‍රශ්නයක් තියෙනවා , මේ රටේ ඕනෑම කෙනෙක් වරදක් කලොත් පොලිසියට පුළුවන් ක්‍රියාවේ බරපතලකම් අනුව පුද්ගල කොට්ටාස අනුව අදිකරණ වරෙන්තු මත අත්අඩංගුවට ගන්න. එතකොට ගෝඨා මේ නිතිය අදාළ නැහැ.එතකොට එහෙනම් මොකටද අපේ රටට පොලිසි? බලයට එන්න මාන බලන කට්ටිය ඇවිත් ගල් ගහල මරලා දාන්න කලින් විසිරුවමුද පොලෝසිය ? (ස)
ඩුබායි ගිහිල්ලා රජ කරන්න ඕනෑ නැහැ තමන්ගේ අදහසක් ලිවීමට.තිලක් බොහෝවිට අර්ථාන්විතව ලියන කෙනෙක්.අනුන්ගේ අදහස් හෙළා නොදකින්න. (නි)
තිලක් ඩුබායිට තද වෙලාද?! (ම)
දැන්වත් මඩ ගැසීම නවත්වන්න. (ත)
ඩුබායි තිලක් කියන හාදය එදා ඉදල කරන්නේ අර ඇග පුම්බපු මොලේ අකිලුණු නළුවාගේ ජොබ් එක තමයි..ඕප දුප වෙබ් වලින් ඇහිදගත්තු මඩ එකතු කරන් ඇවිත් ඇහින් දැක්ක වගේ මෙතන අත ඇරලා මුළු තිරුවම ගද ගස්සනවා..අපිත් මිනිස්සුන්ට පහර ගහනවා..(ම)
සිංහල ජාතියට කොච්චර හොඳ කළත් අන්තිමට නරක තමයි අහන්න වෙන්නේ (නි)
ගෝටා කියන්නේ බයේ ඇමෙරිකාවට පැනල ගිහිල්ල, සරත් ෆොන්සේකා යුද්දේ දිනලා දුන්නට පස්සේ ලකුණු දාගත්ත මිනිහෙක්. (ම)
ඩුබායි තිලක් ඇත්ත ලියන්නේ අප බොහෝ බහුතරයක් වෙනුවෙන්. ඒවා දරාගන්න බැරි අය බෙරිහන් දෙනවා.ඩුබායි වල ඉතා උසස් රැකියා කරන මහත්ම මහත්මින් ඉන්න බව මේ මෝඩ මිනිසුන්ට තේරෙන්නේ නැති එකනේ පුදුමේ. මුලාවෙන් ඇස් අන්දවෙලා. (ස)
ගෝඨාට කරදර කරනවා නම් අපිත් නිකන් ඉන්නෙ නැහැ (නි)
ඇයි?,ගොඨාගේ මිනිමෝරුන් ටික අරගෙන යුද්දෙට එන්නද? (ස)
තිලක්- ඩුබායිවල ඉන්න නිසා හොඳට ගියා. ඇමෙරිකාවේ ඉඳන් දාර්ශනිකයෙක් වගේ හොඳ රස්සාවක් කළා නම් අපිට කනක් ඇහිලා ඉන්න බැරිවෙයි. (ස)
ලංකාදීප කතෘතුමා මේ තීරයට ඉඩදීලා තියන්නේ ඕනෑම කෙනෙකුට තමන්ගේ නිදහස් මත පළකිරීමට.ඒකට ඩුබායි හෝ වෙන කොහේ හෝ ගිහින් ලොක්කෙක් වෙන්න ඕනෑකමක් නැහැ. (නි)
අපිත් මිනිස්සුන්ට පහර ගහනවා දේශපාලනිකව. නමුත් මේ විදියට නින්දිත ආකාරයට නෙමෙයි.ගෝඨාභය මහත්තයා ගැන මේ රටේ දේශමාමක මිනිස්සු හොඳින් දන්නවා.එතුමාට සත්‍යලාගෙන් ඩුබායි තිලක්ලාගෙන් චරිත සහතික අවශ්‍ය නැහැ. ඒවා ඔයාලම තියාගන්න.සොහොන් ලකුණු බැලු බැලූ අතේ පෙනෙන යහපාලනය වළදාන්න කපපු වළේ වැඩ ඉවරයි.අපි බලාගෙන ඉන්නේ මැතිවරණය එනකම්.අවසන් කටයුතු කරලා සොහොන් කොතකුත් බැඳලම දාන්න.. (නි)
තිලක් ඩුබායි ඇත්ත ලියලා තිබෙනවා.අනෙක් අයට ඕවා දරාගන්න බැහැ (නි)
අබේරත්න, කණගාටුයි.ඔබට මොහු යුග පුරුෂයෙක් වුණාට නීතිගරුක පුද්ගලයන්ට එහෙම කෙනෙක් නොවෙයි. දේශපාලකයාට වරදින්නේ ඔවුන් හිතන්නේ බලය ලැබුනාම කවදාවත්ම එය නැවත ගිලිහෙන්නේ නැහැ කියලා හිතාගෙන කටයුතු කරන නිසයි. (නි)
එකම අාකාරයේ නම් ටිකක් ..සුගත් ..සුනිල්..අනේ කමක් නැහැ..යහ පාලනෙනේ..පුළුවන් දෙයක් කරලා කියල මේ ටිකේ සතුටින් ඉන්න..අන්තර්ජාලයේ මඩ මලින් මිනිස්සුන්ව අන්දපු කාලේ ගියා(ම)
මේ හොරකම් මදි ඇති අත්අඩංගුවට ගන්න.ඔන්න අඩුම තරමේ කාගේහරි වත්තකට පැනලා කෙහෙල් කැනක්වත් කැපුවා නම් , කාගේහරි වත්තකින් පොළොස් ගෙඩියක් කඩාගත්තා නම්.... (නි)
පන්සීයකින් කරන්න පුළුවන් ඇඩ දෙදාස් පන්සීයකින් කරලා රට ලෝකයට ණයකරලා තමා ඇතුලු පිරිස පමණක් හොඳින් තියාගත් කෙනා නිදහසේ තියන්න කියන අයගේ මොළයේ අමාරුවක් හැදිලද? (නි)
ගෝඨා වැරැද්දක් කළා කියලා මමත් හිතන්නේ නැහැ (නි)
අනේ අම්මපා යහපලගේ හැකර කට! (නි)
ඔය ඩුබායි ඉඳලා කෑගහන කෙනා මතක තියාගන්න ඩුබායි වල කම්කරුවෝ නැහැ. ඉන්නේ වහල්ලු. ඒකනේ මැයි දිනය සමරන්නවත් නිවාඩු දෙන්නේවත් නැත්තේ. (නි)
ඇත්ත, මමත් හිතන්නේ එතුමාගේ වරදක් නැහැ (නි)
සත්‍යාගේ අසත්‍ය ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. (බ)
ඩුබායි තිලක් කාන්තාරයේ අතරමන් වෙලා වගේ. (බ)
ඡන්ද පොරොන්දු අකුරට වෙනවා නේද? කොහොමද දින 150 වෙනස? හැබැයි පිටරට ඉන්න උදවියට නම් ගානක් නැහැ. (නි)