නිදහස අප දරුවන් උදෙසා ආරක්ෂා කර දීමටත්, ඔවුන්ට වඩා යහපත් හෙටක් උදා කර දීමටත් දිවි හිමියෙක් කැප වී ලක් මව වෙනුවෙන් එක්ව නැගී සිටිමුයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18)ට යෙදී ඇති යුද ජය සැමරුම වෙනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.
‘තිස් වසරක ශාපලත් යුද්ධය විජයග්‍රහණය කළ ඒ සුවිශේෂ දිනය අද දින අපි හය වැනි වරට සමරන්නෙමු. අප ආ මග යුද්ධය නිසා ජීවිත අහිමි වූ සහ තම ජීවිත අඳුරු වූ ජනතාව සමරමු. අපගේ අනාගතය යහපත් කිරීමට තම ජීවිත කැප කළ ඒ උදාර, අභීත විරුවන් සමරමු.ඔවුන් සහ ඔවුන්ගේ සමීපතමයන් කළ ඒ කැපවීමට කෘත ගුණ දක්වමු. ඔවුන් අපට ලබා දුන් ඒ උතුම් නිදහස ඉමහත් භක්ත්‍යාදරයෙන් විඳ ගනිමු. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂවරු යනු සැබෑම සිංහල වීරවරුන්...(බ)
මොනවා වුනත් නියම මනුස්සයෙක් ඔබතුමා කවුරු මොනවා කීවත් ඔබතුමාගේ නායකත්වය නිසා රටට වුන සේවය අද මිනිසුන් විදින නිදහස දැකල කිසිම බයක් නැතුව ඔබතුමාට ආඩම්බර වෙන්න පුළුවන් අපිට හැමදාම ඔබතුමා හැමදාම රට බේරගන්ඩ හමුදාවට නායකත්වය දුන් ආරක්ෂක ලේකම් අපි ඔබතුමා ගැන ආඩම්බරවෙනවා ඔබ රටට ණය නැති කෙනෙක් ඔබතුමාට අපේ ප්‍රණාමය හැමදාමත් තියෙනවා (බ)
මහින්ද ගෝඨාභයගෙන් උපදෙස් අරන් යුද්ධය ඉවර කරන්න පියවර ගත්තේ නැත්නම් ඔය දැන් ඉන්න කෙරුමල කවුරුත් ඔතන නැහැ.ගොම රිටි උඩ පා වෙනවා .තව කොපමණ සල්ලි යාවිද යුද්දේ තිබුන නම් .රනිල් මංගල රාජිත වගේ අයගේ චරිතේ අපි දන්නවා? (බ)
පාලිත අවුරුදු 30 ක් යුද්ධය වවන් කාපු එජාප රජයන් තුනේ නායකයන්ට එදා මැරුණු දහස් ගන්නේ ජීවිත වලට ඔයා වන්දි ගෙවුවද (බ)
යුද්දේ කාලේ යුද්දෙට බයේ ඇමරිකාවට පැනල ගිය අයව වැඩිපුර සමර ගන්නවා ඇති. සහෝදරයා රට පාලනය කරද්දී ශීත කාමර ඇතුලේ ඉඳගෙන යුද්දේ කළ අයට වඩා අපිට නම් වටින්නේ යුද භුමියේ දිවි පරදුවට තියල සටන් කළ ෆොන්සේකා මහත්මය ඇතුළු සැබෑ රණවිරුවනුයි. ඔවුන්ට අපගේ උත්තමාචාරය!! (බ)
මැතිතුමනි, අපේ රටේ මීළඟ බලාපොරොත්තුව ඔබයි, අපි ආසියාවේ නොව ලෝකයේම ආශ්චර්යක් කළ හැකි නියමුවා ඔබතුමාය (බ)
අැයි අර විශිෂ්ට තීන්දුව දුන් රණ විනිසුරුවන් වත් සමරමු. (බ)
ඔබ තුමාට ස්තුතිය.(ම)
භද්‍රානි ඔබට කුඩුවෙන්න බෝම්බයක් වැදුනන් මෙම මිනිස්සුන්ගේ අගේ තේරෙයි (බ)
අපේ අනාගත ජනාධිපති ඔබයි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා. ජය ශ්‍රී. (බ)
යුද ජයේ ඵලය ජනතාවට ලබා නොදී ඔබතුමා සහ පවුලේ කට්ටිය විතරක් භුක්ති වින්ද නිසා ඔබලා ගැන තිබූ ආදරය බින්දුවට බැස්සා. එ්ක දැන් රින වෙලා. (බ)
භද්‍රානි, ඔබ හරි කුහක අදහස් දමල තියෙන්නේ. (බ)
යුද්ධයේ මූලික අඩිතාලම් වෙච්ච කොටි දෙකඩ කිරීම කළේ රනිල් මැතිතුමා (බ)
මෙතුමා නේද කල් ඉකුත්වූ මිග් යානා වැඩි මිලට මිලදී ගෙන කෝටි දහයක් ලිපිනයක් නැති ,ලියාපදිංචි නැති සමාගමකට ගෙවලා තියෙන්නේ ?එම සමාගම මෙතුමගේද ? කෝටි දහය කාටද ගියේ ?යුද්දයෙන් වවාගෙන කාපු අයව ලගදීම හෙළි වෙයි .රණවිරුවන්ට අපේ දුප්පත් තරුණයෝ මිසක් යුද්ධය විකුණා මුදල් හම්බු කරපු අය නෙවෙයි (බ)
කතාවක් තියනවා සිංහලයන්ට මොනදෙයක් වුනත් මතක තියෙන්නේ සුමාන දෙකයි කියල, ඒක තමයි ජාතියක් විදිහට අද අපි මෙතන ඉන්නේ. සිංහලයක් වීම ගැන දුක හිතනවා, තමාගේ සැප ජීවිතය අතහැර රට වෙනුවෙන් කැපවුන ඔබ වැනි අය හිරේට දාන්න දගලන අය දැක්කම. (බ)
පාලිතත්,භද්‍රානිත් තවම ප්‍රභාකරන් කියන ම්ලේඡ්ච කොටි ත්‍රස්තවාදියාගේ ඔඩොක්කුවේ නිදියගෙන ඉන්නවා වගෙයි. කුහක කම අතහැර අපේ යුගපුරුෂයින් සමග විජයග්‍රහණය සමරමු. ඔවුන් සැමදෙනාටම ආශිර්වාද කරමු. (බ)
නවෝද්, අවසාන යුද්ධය ෆොන්සේකා මහත්තය කොහේ හිටන්ද කරේ ? ඔයා දැක්කද ගිනි අවි අරන් යුධ බිමේ සටන් කරනවා ? (බ)
අලුත් දවසක්. ජනතාවට. දෙන්න. තිබුනේ තමන්ගේ. සහෝදරයා. ගේ පාලනය. කාලේ (බ)
"ගෝඨා අභීත රණවිරුවන් සමරයි."බොහෝ දෙනා එය දේශපාලන වාසියක් කර ගැනීමට උත්සාහ ගන්නා බව දකින්නට ඇත. සිදුවිය යුත්තේ එයද? (n)
ජස්ටින්, මට පෙන්නේ ලංකාවේ කෙනෙක් නෙමෙයි වගේ. (ර)
කොටින් සතුව තිබුන මහා ධනස්කන්දයට මොකද උනේ? ජාත්‍යන්තර පොලිසිය යොදා අල්ලන් ආව කේ.පි. ට මොකද කලේ? මාර සේනා හා මැර කල්ලි බිහි කරලා රටේම භිෂණය පතුරුවමින් ඔවුන්ට එරෙහි වෙන්නන්ට නඩු පවරමින් හා පළි ගනිමින් මහා දවල් මේ රටේ අව නිතිය ක්‍රියාත්මක කරවමින් එදා කල ඒ හරිය අපිට මතකයි. (කේ)
කොච්චර හොඳට යුද්ධ කෙරුවත් පස්සේ මණ්ඩලේ කචල් වුන එකනේ පිටරට ඉන්න අපට හිතට දුක !! (බ)
ඔබ තුමා ශ්‍රේෂ්ඨ සෙන්පතියෙක් .අපි සැමදා ඔබ සමගයි (කේ)
ගෝඨාභය මහත්මා විශිෂ්ට පුද්ගලයෙක් (නි)
අතිවිශිෂ්ටයි සර් (නි)
ඉතිහාසයේ ස්වර්ණමය විනිශ්චය (ම)
අපි සැමදා ඔබ සමඟයි (නි)
විශිෂ්ටත්වයේ සහ අධිෂ්ඨානයේ පිළිබිඹුව ඔබයි. අපි ඔබ සමඟයි මැතිඳුනි.හෙට දිනය ඔබට බාරයි. (නි)
අපි සරත් ෆොන්සේකා මහතාවද අමතක නොකළ යුතුයි (නි)
පොලිසිය අමතක වෙලාද? (නි)
යුද ජයග්‍රහණයට ප්‍රධාන හේතුව ඔබතුමාගේ අභීත බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නොසැළෙන ගුණයත්, සරත් ෆොන්සේකා මහතාගේ අප්‍රතිහත නොපසුබස්න වීර්යයත් යන තුනේ එකතුවකි. ඔබ අපට සැමදා වීරයෝ. (නි)
අරුණ, හෙට දිනය ඔබට බාරයි කියලා එතුමාවත් දේශපාලන මුරුංගා අත්තේ නග්ගන්න හදන්න එපා. ඔයා වගේ අය නිසා තමා සරත් ෆොන්සේකා මහත්තයාත් අමාරුවේ වැටුනේ. (නි)
අපිත් ඔබ සමඟයි (නි)
අතිවිශිෂ්ටයි සර්!! (නි)
ඔබට සදා ජය...! (නි)
රට දැය වෙනුවෙන් දිවිපිදු අය මෙන්ම අබ්බගාත වී දැනට ජීවතුන් අතර ඉන්න විරුවන් හටත් සියලු රට වැසියන් හැටියට කළගුණ දැක්විය යුතුය. (නි)
මොහාන්, ඔය තුන් දෙනාම හොඳයි.නමුත් දැන් ඇති (නි)
ඔබ අපිට සැමදා වීරයෙකි (නි)
ප්‍රතිචාර දැමූ බහුතරය හරිහැටි කාරණා නොදන්නා අය ලෙස තමයි හිතෙන්නේ (නි)
ඔබතුමාට තෙරුවන් සරණ වේවා! (නි)
යුධ හමුදාව තීරණාත්මක තමයි. ඒ වුණත් නාවුක සහ ගුවන් හමුදාව නොහිටින්නට කොටියා පැරදවීම බොරු. ඇයි ඒක අමතක කරන්නේ? (නි)
30 අවුරුදු යුද්ධය නිමාකරන්න දායකවුණ බව ඇත්ත. ඒත් රට දැය වෙනුවෙන් දිවිපිදුවේ දුප්පත් අහිංසක දෙමාපියන්ගේ දුවා දරුවෝ. ආර්ථික අතින් දුප්පත් රණවිරුවෝ. ඒ අයගේ ජීවිත නඟාසිටුවන්න තනිවුණ දරුවන්ට බිරින්දෑවරුන්ට දෙමාපියන්ට සුබසෙත වෙනුවෙන් වැය කරන්න තිබෙන මහජන මුදල් යුද්ධය අවසන් වුණාට පස්සේ ගසාකෑ එක කොච්රර කැතද? (නි)
ඔබතුමා හිටියේ නැත්නම් අද මෙතන අදහස් දමපු සමහර කුහකයෝ සහ එයාලගේ පවුල් වල අය බස් බෝම්බ වලට අහුවෙලා මැරිච්ච තැන්වල අවුරුදු හයක් විතර පරණ ගසුත් පැලවෙලා.ඔබතුමාට පින් මේ වගේ අයගේ ජිවිත බේරා දුන්නට (නි)
නිදහස් සටනේ නියමුවා ඔබයි (නි)
පාලිත, ඕනෑ කෙනෙකුට තව කෙනෙක් හොරක් වංචාකාරහෙක් කියලා චෝදනා කරන්න පුලුවන්. ඒත් එයා වරදකරුවෙක් වෙන්නෙ නීතිය ඉදිරියෙ ඔප්පු වුණොත් විතරයි. ඒනිසා එයට පෙර විනිශ්චය දීම වැරදියි (නි)
ඇයි ඒ කාලේ මුල්‍යමය අධාරයක්වත් ඔවුන්ට ලබා නුදුන්නේ??? (ම)
අපි සැමදා ඔබ සමගයි,ඔබතුමා ඉල්ලන ඕනෑම දිස්ත්‍රිකෙකින් ඉහලින්ම වාර්තාගත මනාපයක් සමග ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක් නැහැ (බ)
බද්‍රානි, කේ.පී. ඔච්චර වැරදි කරලා තිබෙනවා නම් දැන් අල්ලන්න බැරිද යහපාලනයෙන්? ඔය ඉන්නේ යස අගේට! එල්ටීටීඊ එකෙන් අතුරදුදහන් වූ ඔබ කියන මුදල් ගැන දැන් නිශ්ශබ්ද මොකද දන්නේ නැහැ? චෝදනා දැන් කෝ? (නි)
පාලිත. හොඳ කොමෙන්ට් එක. හැබැයි ඔයා ප්‍රාර්ථනා කරන සැලසුම් ගත ආර්ථිකයක් අපට ලබා දෙන්න ධනපති ක්‍රමයට බෑ. (ම)
සටන් පෙරමුණේ ඉඳන් සොල්දාදුවගේ සුබ සාධනය වෙනුවෙන් මහා වැඩ කොටසක් කරමින් තිස් අවුරුදු යුද්දය අවසන් කල විරෝදාර සෙන්පති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිද හමුදා ,සිවිල් ආරක්ෂක බලකාය, පොලිසියට අපගේ ප්‍රණාමය වගේම යුද්දය මුවාවෙන් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ගසා කෑ වෙන්ඩ විරුවන් පිළිකුලෙන් ඉවත දමමි ! (බ)
ජයා දැන් ඔය පත්වෙලා ඉන්න ආණ්ඩුවේ බහුතරය යුද්ධය වවාගෙන කාපු අය තමයි. (බ)
ත්‍රස්තවාදය විනාශ කිරීමට එඩිතරව මුහුණදුන්, ගෝඨාභය ඔබ ඇතුළු සියලුම විරුවන්ට මගේ ප්‍රණාමය. යහපාලනය යටතේ නැවතත් කොටි ත්‍රස්තවාදය හිස එසවීමට ඉඩ ඇති බැවින්, ඔබගේ සේවය අපිට නැවතත් අවශය වේවි. ඔබලාට ජය. (බ)
නිදහස් සටනේ නියමුවා ඔබයි (කේ)
පසු ගිය රජයන් විසින් වවාගෙන කෑ යුද්ධය අවසන් කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ඔබට අපේ ආචාරය (බ)
යුද්ධය මුවාවෙන් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ගසා කෑවනම් යුද්දය අවසන් නොකර අර නෝනලා වගේ කටින් යුද්ධය කරන්න තිබුන නේ ..(බ)
අප රට නිදහස් කර දුන් හිටපු ජනපති තුමාටත් ඔබතුමාටත් ත්‍රිවිද හමුදාවටත් මාගේ ප්‍රණාමය (ම)
මේ හොරු එදා ඉඳන්ම කෙරුවේ රණවිරුවන්ව විකුණා ගෙන කාපු එක තමයි. හොර කෑවා විතරක් නෙමේ, රට කොටවල මුළු සමාජයම විනාශ කළා. මෙතන කුලියට උඩු බුරන බලු කුක්කන් ගැන නම් කියල වැඩක් නැහැ. (බ)