‘මම කිසිදිනක ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවැරදි දේ කිරීමට පසුබට වී නැත්තෙමි. රජයේ සේවකයෙකු වශයෙන් මගේ එකම හා ප්‍රමුඛ චේතනාව වුයේ මගේ හැකියා යොදවා උපරිමයෙන් වගකීම් ඉටු කිරීමයි. එකල ලක් මව වෙනුවෙන් දිවි පිදූ සැබෑ දේශප්‍රේමින් හා තවත් බොහෝ පරිත්‍යාග කළ අය සමඟ, අපි අපේ මාතෘ භූමියේ තිස් වසරක ශාපලත් ත්රස්තවාදය තුරන් කිරීම ගැන ආඩම්බර වෙමු.මාගේ ජීවිතය පරදුවට තබා ඒ ගත් තීරණ ගැන මා කිසි විටෙකත් පසුතැවිලි නොවෙන අතර, ඒ නිසාම, නූපන් දරුවවන් සඳහා නව, නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට අඩිතාලම දැමීමට හැකිවිය.‘ යි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ ලියා ඇත.
‘අද දින, සත්‍ය වෙනුවෙන් නැගී සිටිමට ධෛර්යය තිබු ගෞරවනීය අධිකරණයට ඉතා නිහතමානීව හිස නමා ආචාර කරමි . තවද මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ නායක ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාටත්, නීතිඥ අලි සබ්රි මහතාටත් මගේ අවංක ස්තුතිය පුද කරමි.
එදත්, අදත්, හෙටත් මම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කැප වී සිටින අතර මාහට දක්වන නොසැලෙන ආදරය හා සෙනෙහස ගැන හෘදයාංගම ස්තුතිය පුදකරමි ‘- එන්.ජී.ආර්. (නන්දසේන ගෝඨාභය රාජපක්ෂ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරවනීය අධිකරණය ස්වාධීනත්වය අගයයි (ම)
අනේ මන්ද... මම නම් හිතන්නේ අධිකරණය තවම ස්වාදීන නෑ කියලයි. (ම)
රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණය වගේ නෑ නේද (ම)
ඔයාලාගේ කාලේ නම් ඔහොම නෑ නේද ? (ම)
සාපේක්ෂ කතාවක්. (ර)
නන්දසේන වෙනුවට නන්දිමිත්‍ර ගෝඨාභය වී යුද්ධය දිනවීමට සිංහයෙකු මෙන් සිටියා සේම ඉතිරි ටිකත් සිංහලයන් වෙනුවෙන් හරියටම කළා නම් කෙතරම් අගනේද? (බ)
මම හිතන්නේ ඔබ ලොකු දායාදයක් ලක් වැසියන්ට කළා කියලයි. ඔබ හොඳ වැඩ කළ වගේම වැරදි වැඩ කළා නම් එයද ඔබ බාර ගත යුතුය. සිංහලයාට කලගුණ අමතක නැත (බ)
හොඳ රජයේ සේවකයන් එක පක්ෂයක් වෙනුවෙන් දේශපාලන වේදිකාවල කතා කරනවද? (බ)
මහතාණෙනි අපගේ සදාදර උත්තමාචාරය . (ම)
වීරසිංහ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දන්නවද දන්නේ නෑ. එහෙමනම රටේ හමුදාවේ, පොලිසියේ ඉන්න කාටවත් ඡන්දෙ දාන්නත් බෑ (බ)
ඒ යහපාලනයේ ආශ්චර්ය නිසා නේ? (බ)
මාගේ ජීවිතය පරදුවට තබා මම යුද්ධය දරුණුම අවධියේ ඇමෙරිකාවට ගොස් සැගවී සිටියෙමි. යුද හමුදාවෙන් ඉවත්වුනේ මට තිබු අසනීපයක් නිසා නොවේ (බ)
යුද්ධය හැසිරවීම සහ නාගරික අලංකරණය වෙනුවෙන් අප ඔබට අපගේ ගෞරවය පුදකරමු. ඔබ වැන්නවුන් දහයක් හිටියානම් මුළු පර්ලිමෙන්තුවටම ඇති. (බ)
ඉස්සර නම් අපිටත් හොඳ රජයේ සේවකයෙකු කියලා හිතුනා එ්ත් පස්සේ පස්සේ අයියියාගේ උෂ්ණය ගහල තුට්ටු දෙකේ මෝඩ දේශපාලකයකු ගේ ක්‍රියාවක් වලක්වන්න ගිය ඩීඅයිජීලට කුණුහරපෙන් මහා සෙනගක් ඉස්සරහ බනින කොට නම් තු විතරක් කියලා හිතුනා. වගේම තමාගේ නුගත් කමත් පැහැදිලි වුණා (බ)
දිව පටලවා ගන්න නැතුව ඔහොම්මම යානං හොඳද (බ)
වර්තමාන යහාපාලන රජයට ස්තූතිකරන්න.වර්තමාන රජයේ ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයෙත් පසුගිය රජය ගෙනගිය පාලනයෙත් වෙනස බුද්ධිමත්ව දකින්න (ම)
පහුගිය කාලේ මේ වගේ සිද්ධියක් උනා නං පාර්ලිමේන්තුවෙ දෝශාභියෝගයක් ගෙනල්ලා නඩුකාරයා ගෙදර යවල (කේ)
ෆොන්සේකා නඩුවේදී ඔබට එවූ පණිවුඩ ලබුනදැයි අසු වෙලාවේදී උසාවිය හැල්ලු කරමින් උසාවිය තුලදී විනිසුරු ඉදිරියේදීම ජංගම දුරකතනයේ පණිවුඩ විමසා "එහෙම එකක් නෑ" කියපු වෙලාවේ විනිසුරු බයටම මොකුත් කිව්වේ නෑ. ඔබ විනිසුරුවරයාද ඉක්මවා යමින් දිගට හරහට අරක මේක කියනවා දුටු මට ඔබ ගැනත් රටේ සියලු පාලකයන් ගැනත් මහා කාලකන්නි කලකිරීමක් ඇති වුණා. ඔබත් ඔබගේ සහෝදරයිනුත් පවුලේ සාමාජිකයිනුත් කෙරෙහි රට්ටුන්ගේ කලකිරීමට හේතුව නීතියට අවනත නොවීමයි. මොන තරම් කනගාටුද? (කේ)
ජයසිංහ , මේ වගේ දහයක් පාර්ලිමේන්තුවේ හිටියනම් අපේ රට අබ සරණයි ,මෙය ගහලතියෙන ගැහිලිවල හැටියට ,එක දහයෙන් වැඩිවෙලා ගහනකොට කොහොමද (කේ)