අලුත්ගම හා දරගානගරයේ ගැටුමෙන් පොලිසියේ හයක් ඇතුළු 40 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රෝහල් හා පොලිස් ආරංචි කියයි.
තුවාලකරුවන්ගෙන් දෙදෙනකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
බණ්ඩාරගම, නාගොඩ හා තෙබුවන හා පොලිස් ක්ෂ්‍රෙත්‍ර බළකා මූලස්ථානයෙන් කැඳවුණු කිහිප දෙනෙක් ද තුවාල ලැබූ අය අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙන දේවල් නම් එච්චර හොඳ නැහැ. රටක සාමය තිබීමයි අවශ්‍ය වෙන්නේ (නි)
ජාතිවාදය,ආගම්වාදය වර්ගවාදය මිනිස්කමට නිගාවක්.සැම ආගමක්ම කියන්නේ හොදින් ඉන්න. මේ වාදයන් අවුස්සා බලය හෝ වරප්‍රසාද ලබා ගන්න කවුරුන් හෝ හිතන්නේ නම් ඔහු නරුමයෙකි. තිරිසනෙකි. මිනිස්කමට නිගාවකි. (අ)
ඇයි මිනිසුන්ට ඉවසන්න බැරි? බලන්න දැන් ඇතිවෙලා තිබෙන ප්‍රශ්න (නි)
රට විනාස වෙනවා (දී)
දේශපාලන විසඳුමක් අවශ්‍යයි (දී)
මිනිස්සුන්ගේ අන්තවාදී මානසිකත්වය නැති කරන්න ඕනේ (දී)
මේක ආරම්භය වගේම අවසානයත් විය යුතුයි (දී)
දැන්වත් මොලේ පාවිච්චි කරලා ජිවත් වෙන්න (දී)
මිනි මරාගෙන ප්‍රශ්න විසදන්න හිතන්න එපා (දී)
අපේ පොඩි ළමයි බය වෙලා මේවා දැකලා (දී)
ආගමික නිදහස තියන රටක් මේක. අපි සියලු ආගමිකයින්ට අවැසි පුර්ණ නිදහස දීල තියනවා. මේවා හැමෝම නොදන්නවා නෙවෙයි. හැබැයි අපේ සිංහල මිනිස්සු බහුතරයක් ඇතැම් රටවල තියන තත්ත්වේ දන්නේ නෑ. ඇත්ත දැනගන්න ඒවාට යන්නම ඕනි. අපිට වදින්න පන්සලක් දේවාලයක් නෑ. අපි පස් වතාවක් නමදින්නේ නෑ කීවම උඹල මැරුණම අපායේ යනවා කියල සවුත්තු කරනවා. අපි දැන්මම අපායේ ඉන්නවා වගේ තමා සලකන්නේ. නෝම්බි කාලෙට ඒගොල්ලොන්ට පේන්න වතුර ටිකක් බීවොත් සුනේ සුන්. බුදු පින්තුරයක් අරන් ගියොත් එයාර් පෝට් එකේදී කෙල ගහල ඩ්ස්බින් එකට දානවා. එත් අපි අපේ රටේ ගම්බිම් පිටින් වෙන්කරලා දීල තියනවා. කින්නියාව බලන්න. අපිට ඉඩක් තියේද. ඉතින් මෙතන අපේ නෙවෙයි ගැටලුව (අ)
දයාබර මුස්ලිම් සහෝදරවරුනි, ඔබට මතකද ඔබ අප බේරුවල, ධර්ගානගරය, අටළුගම, වැලිපැන්න, වැනි කළුතර දිස්ත්‍රික්කයේ පෙදෙස් කිහිපයකම වසර ගණනාවක් සාමයෙන් සමගියෙන් ජීවත් වූ අයුරු. අපේ සමගිය බිඳ දැමූ ඉතා සීමිත අවස්ථා කහිපය සිහි කරන්න. ඒ හැම අවස්ථාවක්ම උදාකලේ අන්තවාදී, අවස්ථාවාදී කිහිපදෙනෙකු ගේ අවශ්‍යතා නිසා නොවේද? මෙවරත් එය එසේමයි. ඒ නිසා ගිය දේ ගියාවේ නැවත එවැනි මිනිසුන්ට හසු නොවීමට අදිටන් කරගනිමු. (දී)
හරිම කනගාටුයි. යුද්ධයෙන් පසුව සිත සැනසීමෙන් ජීවත් වෙන්න අපිට ඉඩක් නැහැ වගේ. (දී)
මමත් බෞද්ධයෙක්. ඒත් මේ වෙන දේවල් මම අනුමත කරන්නෙ නැහැ. රටේ නීතියක් තිබෙනවානේ.මේවා වැරදි වැඩ (නි)
මම නම් අපේ ආගම ජාතිය රැක ගන්න දිවි පුදන අයට උත්තමාචාර කරනවා වගේම මගේ රට ජාතිය වෙනුවෙන් මගේ දිවි උනත් පුද දෙන්න සුදානම් (නදී)
මේ වගේ අපරාධ කරන අයට වෙනම අපායක් හදන්න ඕනා. (නදී)
මේ වෙලාවේ හැමෝම විමසිලිවත්ව ක්‍රියා කළ යුතුයි. හැමෝම මිනිස්සු බව මතක තබා ගත යුතුයි. (නදී)
මෙතරම් විනාශයකට මුලිකම හේතුව ලංකාවේ පොලිසියේ අකාර්යක්ෂම තාවයද? (නදී) .
මානෙල් ඔබේ අදහසට පින්. කරුණා ඔබේ නමින් සිට , මහා අපරාද කල කිරීමට අණදුන් පුද්ගලයා අද රජ සැප විඳිනවා. (නදී)
ලංකාව දිනෙන් දින දියුණු වෙනවයි කිව්වට වෙන්නේ දිනෙන් දින පිරිහෙන එකයි (නදී)
මේවා උසි ගන්නන අය අත් අඩංගුවට ගත යුතුයි. එතකොට ප්‍රශ්නය ඉවරයි (නදී)
දැන්වත් ඇත්ත තේරුම් ගන්න මිනිසුනේ (නි)
දුප්පත් රටවල් වල පාලකයින්ට ප්‍රශ්න විසඳන්න බැරිවුනාම දාන තුරුම්පුව තමයි ජාතිවාදය ඉස්සරහට දාලා ජනතාව ඇන කොටා ගන්න සලස්වන එක. රටවල් නරකාදි බවට පත් කරනවා. 83 න් පස්සේ වුනෙත් ඕකයි. ජනතාවනි, ජාතිවාදී පිස්සන්ගෙන් පරිස්සම් වෙන්න (නදී)
හීනෙකින් වත් හිතුවේ නැහැ ලංකාවේ මෙවන් තත්වයක් සිදු වෙයි කියලා (දී)
තමන් කැමති ආගම අදහාගෙන හිටියා නම් හරි නේද.?ඇයි මේ ගහ මරාගන්නේ (දී)
දැන් මෙතැන කට්ටිය විවිධ අදහස් කියලා වැඩක් තිබෙනවද? ජීවිත දෙකක් අහිමි වෙලා ඉවරයි. මේවා වෙන්නේ කාගේ අවශ්‍යතාවයටද? (නි)
සමහර අයට යුද්දෙ නැතුව පාළුයි වගේ (නදී)!
අනේ!මොනවද මේ වෙන්නේ? (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්නත් දැන් ඉතින් කට්ටිය ඉඳීවි (නි)
දැන් ඉතින් අපිට තවත් අලුත් යුද්ධයක් තියනවා. බොහොම ලස්සනයි. උසාගන්වපු අයට දැන් හොඳට නින්ද යයි. ඕකනේ ඉල්ල ඉල්ල හිටියේ. (අ)
ඇත්තටම අපිට වැරදුනු තැන කුමක්ද.(අ)
රටේ අනාගතය අවිනිශ්චිතයි (දී)
මේක අපි කාගෙත් රට. (නි)
මේ වගේ දේවලින් සිදුවෙන තුවාල බෙහෙත් වලින් පමණක් සුව නොවෙන බව ඉතිහාසය අපට පෙන්වා දීල තිබෙනවා. (ස)
මියගිය අය තාම හඳුනාගෙන නෑ වගේ..මොකද මේ වෙන්නේ ලංකාවේ, (ස)
අනේ මන්ද රටට මේ මොකද වෙලා තියෙන්නේ. (ස)
තව මිනිස්සු මරනකන් ද බලාගෙන ඉන්නේ කට්ටියම? (ස)
අපේ ඉහළ පුටු සද්ද නැත්තේ අයි මේක ගැන (නදී)
ජාතිවාදය හොඳ දෙයක් නොවේ. මෙම ප්‍රදේශයේ සිංහල මුස්ලිම් සැවොම සමගියෙන් හිටියා, කව්ද මේ ප්‍රශ්නය ඇතිකළේ? බුද්ධිමත් ජනතාව සොයා බලා කටයුතු කිරීම තමා වැදගත්, (ස)
මේ දේවල් ඇහෙනකොට හරිම කනගාටුයි. දැන් අපේ රටේ මිනිස් ජීවිත වලට කිසිම වටිනා කමක් නැහැ. (ස)
මේවා දකිනවිට වෙන මොනවා කියන්නද ? සහගහන අපරාද. (ස)
ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය (දී)
ලංකාව තුල මේ වෙලා තියෙන තත්වය භයානකයි, අනාගතයෙදී ඉවසීමෙන් කටයුතු කරන්න (දී)
පවු කියලත් හිතෙනවා මිනිස්සු ගැන (දී)
මරණයෙන් අවසන් වූ ඛේධවාචකය අවසන් ප්‍රතිපලයක් තියෙනවාද බුද්ධිමත්ව කටයුතු කරන්න (දී)
අනේ මගේ මේ රටට මොකද වුනේ (දී)
රට අගදෙට වැටිල (අ)
මේවද අපි කරන්න ඕනේ ලංකාවේ ජිවත් වෙනවා නම් ලාංකිකයෝ එච්චරයි ආගම් භේධ නැහැ (දී)
ලුම්බිණිගේ කතාවත් එක්ක මම 100% එකඟයි. (දී).
මරණය දක්වා දුර දිග ගිහිල්ලා (දී)
මිනිස්සු මැරෙනවා කියන්නේ හොද දෙයක් නොවෙයි (දී)
ඔන්න ඕවා තමයි නවත්තන්න ඕනේ රටක (දී)
ලංකාව එන්න එන්නම පිරිහෙනවා (දී)
බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න (දී)
මෙවැනි දේවල් ජාත්‍යන්තරය ට ප්‍රචාරය වුනාම රටට කොතරම අපකීර්තියක්ද ?යුද්ධ කාලයේදී වත් නොතිබුන අවනඩු නේද මේ ? (දී)
අපේ රටේ මිනිස්කමට වටිනාකමක් නැති(දී)
ජාතිවාදය අවුස්සන උදවියට යන්න වෙනම අපායක් ඇති. මේ දේවල් තමන්ගේ රටේ කීර්ති නාමයට කැළලක් බව ඇයි සමහරු නොසිතන්නේ ? (දී)
මට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නය හිතා මතාම කවුරුන් හරි අවුලවලා වගේ. (දී)
මිනිස්සුන්ගේ කැළඹීම නවත්වන්න ඉතා තීරණාත්මක සියුම් තීරණ ගන්න වෙනවා මෙවෙලාවේ (දී)
විපතට පත්වූවන්ට ඉක්මන් සුවය ලැබේවා! මේ කරදර ඉක්මනින් පහවේවා! (නි)
මේවා සාමාන්‍ය සිංහල ජනතාව හෝ මුස්ලිම් ජනතාව එකිනෙකා කෙරෙහි වෛරයෙන් වෙච්ච දේවල් නොවේ. කාගේ හෝ උවමනාවට අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව බේද භින්න කරවන බව තමා පේන්නේ. (දී)
අනේ මන්දා! තවත් විනාශයක ආරම්භයද මේ? (නි)
දෙදෙනෙක් මරුමුවට පත් උනා කියුවහම හද කම්පා උනා (දී)
දෙපැත්තේම අන්තවාදීන්ට ඇහුන්කන් දෙන්න එපා. එහෙම වුනොත් 83 වගේ රට ආයෙත් අගාධයට යනවා. නීතිය දැඩිව ක්‍රියාත්මක කර මෙම ජාතිවාදී රැල්ල නවතන්න රජය ක්‍රියාත්මක වියයුතුය. (දී)
මේ ගැටුම් ඇතිවීමට හේතුවූ මූලික සිද්ධිය මොකක්ද? (නි)
මියගිය අයට නිවන් සුව ලැබේවා! (නි)
30 වසරක යුද්දයෙන් උගත් පාඩම් කෝ? තවත් 30 වසරකට මුල පුරමු ද (නදී)
3 දෙනෙක් මේ සිද්දියෙන් නැතිවෙලා..තව ගොඩක් අයට බරපතලයි..(නදී)
කාලෙකින් ලංකාවේ මෙවන් තත්වයක් උදා වුනේ නැවත මෙවන් තත්වයක් සිදු වෙන්න එපා (දී)
මගේ දරුවෙක්ටවත් මෙවන් ශෝචනීය තත්වයකට මුහුණ දෙන්න නොලැබේවා (දී)