(නිමල කොඩිතුවක්කු)
මීගමුව ඇතුළු ගැටුම් ඇතිවිය හැකි සියලුම ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (6) රජයෙන් ඉල්ලීමක් කළහ.
බීමත් පිරිස් එම ප්‍රදේශ ආශ්‍රිතව ගැටුම් ඇති කළ හැකි බැවින් මෙම පියවර ගන්නා ලෙසද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
සියලූම ජනතාව අනවශ්‍ය කලබල ඇති නොකර සාමකාමීව කටයුතු කරන ලෙසත් අගරදගුරුතුමෝ වැඩිදුරටත් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාත් විහිලුවක් වෙන්න යන්න එපා... ඕනෑ එකයි එපා එකයි කියන්න ගිහින්... ගරුත්වය රැකගන්න. බීලා පාරේ දඟලලා අහුවුණොත් ඇතුළට දාන්න කිව්වා නම් එකක් ඇප ගන්න බැරි වෙන්න සහ ලොකු දඩයක් ගැහුවා නම් හරි. මේ හැමදේම ආර්ථිකෙත් එක්ක බැඳිලා තියෙන දේවල්. වැඩිපුර තියෙන සල්ලි නැවත ආර්ථිකේට එනවා වගේම ආණ්ඩුව දුවන්නත් ඒකෙන් ලැබෙන බදු ඉවහල් වෙනවා. හෝටල් කර්මාන්තය වැටිලා තියෙන වෙලේ තව වහවහ යන එක නෙමේ වෙන්න ඕනෑ.
කඩි ගුලකට ගැහුවා වගේ දැන් මේ බාර් වහන්න කිව්වාම බේබද්දෝ ටික ඇවිස්සෙන්න පටන් අරන්...
අගරදගුරුතුමනි, ඔබලාට යැදීමට පල්ලි එන්න බැරිනම් අපිට වෙසක් උත්සවයට පන්සල් යන්න බයනම් රාමසාන් එකත් එපානේ...
රටේ ජාතික ආදායමෙන් 4 වෙනි තැනට එන්නේ සුරාබදු ආදායම. ඒක අඩපන කරන හැමවිටම අය වැය පරතරය මකාගන්න දඟලන්නේ මුදල් අමාත්‍යංශයේ අය. එතකොට පෙලපාලි යන අයට පඩි වැඩිකරන්නේ කොහෙන්ද.
ප්‍රධාන ආගම් දෙකට තම ආගමික කටයුතු නිදහසේ හිතු මනාපයෙන් කරගන්න බැරි නම් ඇයි ඒ අයට විතරක් නිදහසේ එය කරගෙන යන්න පුළුවන් වුනේ...? කවදාවත් ජනතාව එක දිගටම නිදාගෙන ඉඳලා නැහැ.
තේරුමක් නැති ඉල්ලීමක්