සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයයේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි.
ඡායාරූප මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබු ස්ථානයේ සිටි ඡායාරූප මාධ්‍යවේදීන්,වීඩියෝ ශිල්පීන් සිටි පසුපසට යා යුතු බව ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු යැයි හැඳින්වූ පුද්ගලයෙක් දිගටම බාධා එල්ල කළේය.
නිලධරයා - පිටි පස්සට යන්න.මෙතන මාධ්‍යවේදින්ට ඉන්න බෑ.
මාධ්‍යවේදියෙක් - මට විනාඩියක් දෙන්න මම පැමිණ සිටින පිරිසගේ පින්තුරයක් අරගෙන පස්සට යන්නම්.
නිලධරයා - එහෙම කොමාන්ඩෝ එකේ වැඩ වලට ආවම ඔයාට ඕන විදියට වැඩ කරන්න බෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනෑ.
මාධ්‍යවේදියා - හරි.මට විනාඩියක් දෙන්න මම ෆොටෝ එකක් අරගෙන ඉක්මනට යන්නම්.මම මෙතන ඉදලා ෆොටෝ එක ගත්තොත් ඇවිත් ඉන්න අයගේ පිට පස්සනේ ෆොටෝ එකට වදින්නේ.
(දඹර ඇගිල්ල දිගු කරමින්) මට ඒවා අදාල නෑ.අපි කියන විදියටයි වැඩ කරන්න ඕනේ.ෆොටෝ ගන්න දෙන්න බෑ.යන්න පස්සට.
මේ අයුරින් ඡායාරූප මාධ්‍යවේදියාට තර්ජනය කරමින් ජනාධිපතිතුමන් සහභාගි වු උත්සවය ආවරණය කිරීමට ඉඩ ලබා නොදි මාධ්‍යවේදීහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූහ.
මත්තල සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු නිවේදනයේ මෙසේ සඳහන් විය.
“... කෙසේ වුවත් ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර මෙම අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හැරීම මේ සිද්ධියට පාදක වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදු කළ මුලික පරීක්ෂණවල දී හෙළි වී ඇත.
එබැවින් සංවේදී ගැටුම් වාර්තාකරණයේදී පිළිගත් අචාරධර්ම අනුව මාධ්‍යවේදීන් සිය මෙහෙවරයෙහි යෙදෙනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වේ...“



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදියා හෝ ඕනෑම කෙනෙක් තමන්ගේ කාර්යයට පළමු තැන දුන්නට වරදක් නැහැ.නමුත් මෙතන ප්‍රධාන කාර්යය උත්සවයක් .එයට මුල්තැන දී එයට බාධා නොවන ආකාරයට අනිකුත් වැඩ කලයුතුය.සමහර මාධ්‍යවේදීන් මෙය නොසලකා හරින බව පෙනේ.ප්‍රශ්න ඇතිවන්නේ එනිසයි. (ර)
අවම සදාචාරාත්මක පියවර මෙම අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර ඇතිනම් ඊටත් වඩා පහත තත්වයකට නොවැටී නිලදාරීන් ඔහුව එතනින් පිටමන් කිරීම ට තිබුන. නැතුව ඔහුට ගහන්න අයිතියක් නැත දැන් අපට හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ යුද්ද සමයේ කොහොම හැසිරෙන්න ඇත්ද කියා (ර)
මාධ්‍යවේදියෝ සියලුදෙනාම එක වගේ නැත , සමහරු සදාචාරාත්මක සිරිත් දන්නේ නැත. කැමරාවක් , පෑනක් ගත සියල්ලෝ මාධ්‍යවේදියෝ නොවෙති. (ර)
මාධ්‍යය මර්දනයයේ දෙවන පියවර (ර)
හරියට හරි (ර)
මාධ්‍ය නිදහස උතුරා ගලායනවා (ර)
වෙන පක්ෂවල රැස්වීම් මාධ්‍යයට තහනම් කරනවා .එතකොට මොවුන් එම තහනම් පුවත විතරක් පළකරනවා. ඇඹිලිපිටිය ගැන සොයා සොයා ලිව් අය හෝකන්දර කොල්ලෙක් අල්ලපු ගෙදරදී මැරුණා .එම පුවත ගැන වචනයක් ලිව්වාද? (ර)
ඒ ආරක්ෂක නිලධාරියාට මාගේ ප්‍රණාමය! (නි)
මොකක්ද මේකේ තේරුම? මේවා කරන්නද බලයට ආවේ?
නියමයි රැහේ උන්ට සළකන හැටි නම් (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නි)
බලනකොට සුදු වෑන් කාලෙ හොඳයිනේ (නි)
දැන්නම් අපිට දැනෙන්නේ වහ කෑවා වගේ තමයි (නි)
අනේ මන්දා මාධ්‍යයට මේ දවස් වල හරිම අපලයි (නි)
මාධ්‍යවේදීන් සමඟ මෙයාලා පුදුම තරහක්නේ තියෙන්නේ (නි)
මේ කතාව ඇත්ත. (නි)
මාධ්‍යවේදියෙකුට වෙනම නිල ඇඳුමක් නියමකළා නම් හරි (නි)
හැමෝම තම තමන්ගේ වෘත්තිය අකුරට කරන්න තමයි බලන්නේ.කාටත් මෙයින් දොසක් කියන්න බැහැ.ජනපතිගේ ආරක්ෂාවට යමක් වුවහොත් ඒවාට වගකියන්න වෙන්නෙත් ඒ පිලිබදව ඉන්න මිනිසුන්ටනේ.(ම)
ඇඳ ගත්තු නිලධාරින් කොහිත් ඉන්නවා....සමහරුන්ට මාධ්‍ය කරුවන් මරපු කාලේ හොදයි ලු.....(ම)
මේ කරපු දේ හරි නෑ.(හේ)
අපේ අය කිසිම දෙකක සීමාවක් දන්නේ නෑ (ම)
හරියටම හරි. ගැටුම් වාර්තාකරණයේදී ගැටුම් ඇති තැන් වලට නොගොස් තම ආරක්ෂාවත් සදාචාරාත්මක වගකීමත් රැකගනන දන්නේ නැති අය නිසා තමයි මේ ප්‍රශ්න. (ම)
කියලා වැඩක් නැහැ. මාධ්‍යය හැමදාමත් සමබරයි සදාචාරයි.(හේ)
ආණ්ඩුවේ සොහොන් ලකුණු පෙනෙන්න පටන් අරන්.. ඉර බහින්න ලංවෙද්දි එක සැරේටම එලිය වැඩිවෙනවානේ.. පහන නිවෙන්න ලන්වෙද්දීත් දැල්ල නටන්න පටන්ගන්නවා. (හේ)
මේ කරපු දේ හරියටම හරි.(හේ)
කවුරු කවුරුත් වැඩේ අනාගන්න වගේ යන්නේ (නි)
බලයේ අවසානය ළඟ ලගම එනවා (හේ)
රටේ දැන් ඇති නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි (නි)
මාධ්‍යවේදීන් සදාචාරාත්මක පියවර පිළිපැදිය යුතුය. (ර)
ඉස්සර වගේ අනවශ්‍ය මාධ්‍ය මර්දනයක් නැති නිසා මේ සිද්දිය එච්චර දිගට අදින්න දෙයක් නැහැ. ආරක්ෂාවද ප්‍රවෘත්තිද වැඩියේ වැදගත් කියන එක අපි තේරුම් ගත යුතුයි. කෙනෙක් මාධ්‍යවේදියෙක් නිසා ඔහු අතින් වැරදි වෙන්න බැරිද? ත්‍රස්තවාදීන්ට මාධ්‍යවේදීන් වගේ එන්න බැරිද? (ර)
රජය අප්‍රසාදයට පත් කරන්නනන් හදුනාගෙන දැන්වත් පාලනයකට ලක් කල යුතුයි. (ර)
වැරැද්ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගේ. ඔහුගේ කාර්ය ජනාධිපතිතුමාට අවශ්‍ය ප්‍රචාරය ලබාදීමයි. චායාරුප ගැනීමද එයට අදාලයි. ඒ සඳහා චායාරුප සහ වීඩියෝ කරුවන්ට සුදුසු ස්ථානය ලබාදීම ඔහුගේ වගකීමයි. ඒ වගේම මේ ආරක්ෂක නිලධාරියාගේ චායරුපය හඳුනා ගත හැකි ආකාරයට පළකිරීම වැරදියි. ඔහු ජනාධිපති ආරක්ෂකයෙක්. එය තේරුම් ගන්න. (ර)
දැන් ඉන්න මාධ්‍යවේදීන්ට කිසිම සදාචාරයක් නැහැ. (ර)